කොළම්පුරේ ලිපිනය නැති
එකම මිනිහා මන් වෙන් ඇති
නමක් ගමක් වාසගම නැති
නාට්ටාමි කිව්වම මුළු රටම දන්නව කවුරුද
නම්බුනාම වලට වඩා මට එනම වටී...
පාන්දරින් නැගිටලා මම... පටන් ගන්නෙ රක්‍ෂාව මගේ
කාටත් කරදරයක් නැති
මුළු රටටම එන බඩු තොග... කරපිට පටවාගෙන මම
කරන්නෙ මහජන සේවයකි
හිසට සෙවන කුසට අහර... ගැන නොවුණාට වෙහෙස
ගතට දැනෙන්නේ වේදනාවකි
දිව කට පිනවන්න හිතා... හවසට ගන්නව කසාය
එනම කියන්න බැහැ රහසකි...
දින පඩියට වැඩකරනවා... පිනට දහමටත් දෙනවා
තණ්හාවට එකතු කර නැහැ කාසී...
දරු පවුලක් නැති වුණාට... මම තනිකඩයෙක් වුණාට
රටටම වැඩ කරනා කම්කරු පියෙකි.
පැරිස් නුවර
හේමා කටුකුරුන්ද.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd