වැටී පන්හිඳ ළඟ රැයේ
ඉකි ගගා
ඔබට නොලියූ කවිය වැළපේ
ෙනත් විලේ
බැමි පවුරු පුපුරා
හඬ ගගා
ඔබට නොහැඬූ කඳුළු ඉහිරේ
පැළ පිලයි
තනිකමයි යාළු
මී විතයි
තොල් අතර හාදු
අත වනයි
අසපුවට කව්රූ
දෙයි සුසුම්
කවි සිතට තාල
තිය තියා
පපුතුරේ නළවන
නොලිව් කවියක දුක ඇසේවිද
ඔබට නොපිදූ
පියුම් පරවූ
පෙම් වනේ පෙම් මල් පිපේවිද
ජයන්ත ගලප්පත්තිගේ
ඕස්ට්‍රේලියා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd