දෙසිතකින් නොව එකසිතින් මම ඔබට පෙම් කරමි
අහිතකින් නොව මහ සිතකින් ඔබ ගැනම සිතමි
මං ළඟින් නොව ඔබ ළඟින් මම මගේ පණ තබමි
දැන් ඉතින් මම පවා ඔබටම සින්න බව කියමි
තරුවකින් නොව ඔබේ දෙනෙතින් නිල් එළිය දකිමි
මල් රුවෙන් නොව ඔබේ රුවකින් මලක හැඩ බලමි
සඳ දියෙන් නොව ඔබේ සෙනෙහෙන් සඳේ සුව විඳිමි
මම ලොවෙන් නොව ඔබේ දැයින් ජීවිතය දකිමි
කුරුණෑගල ඇස්වැද්දුමේ නජිබ්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd