ආදරයක් ගැන දොඩන්න
හිතන්නවත් බෑ වාගෙයි
බැඳි හිත අද මගේ පාළුයි
ගිනිගත් ලන්දක් වාගෙයි
තරු මල් සඳ කුමරි සමඟ
එළිය කරයි සිසිල බෙදයි
ඒ සිසිලේ සුවය සොයා
යන්නට ඇයි මට තහන්චි
වත්තක් මල් පිපී ඇතත්
සුවඳ කිසිත් නෑ දැනෙන්නේ
අරලිය මල් පිච්ච සුවඳ
වෙන අතකට හමා ගිහින්
සඳ එළියේ සිසිල නැතත්
පිපි මල්වල සුවඳ නැතත්
ආදයෙක් ගැන හිතනවා
එන ඔබගේ සුවඳ ටිකින්
එස්.පී.ද. සිල්වා
කුවෙට්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd