අමාවක අඳුර පිරි මගේ හඳ ළඟ පෑය සඳ ඔබය
සත්තකින්ම ඔබ මගේ සරා සඳමය
පහදන්න වදන් නැත මහදින් නැගී එන සෙනෙහස
සැබැවින්ම එය නිර්මලයි පිවිතුරුයි
මියෙන තුරු එ සෙනෙහේ හැමදාම ඔබටමයි
අප සිව්නෙත් හමු වූ ඇසිල්ලේ
ඔය නුවත් තුළින් මම දුටු විශ්මයම සුන්දරයි
ඉතින් අහන්න ආදරෙයි මම ඔබට
ෙමාහොතින් මොහොත පුරන්නෙමි පාරමී මතු හැම භවයකම
ඔබ මගේම මා ඔබේම අපි අපේම වී උපදින්න
වැල්ලම්පිටියේ සුරේකා - මිලානෝ නගරය ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd