IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


යුරෝපා හවුලෙන් ඉවත් වෙන බ්‍රිතාන්‍යය අසල්වැසි රටවල ශ්‍රමිකයන්ට දොර වසයි

 

යුරෝපා හවුලේ සම්මුතීන්ට අනුව හවුලට අයත් රටවල පුරවැසියන්ට හා එම රටවල නීත්‍යානුකූලව නේවාසික එහෙත් හවුලට අයත් නොවන රටවල පුරවැසියන්ට ද එංගලන්තයට නිදහසේ සංක්‍රමණය වීමට මෙතෙක් ඇති නිදහස එංගලන්තය යුරෝපා හවුලෙන් ඉවත්වූ පසුව අහිමිවන ආකාරය සඳහන් ලියවිල්ලක් පිළිබඳව “ද ගාඩියන්” පුවත්පත අනාවරණය කරයි. 


එංගලන්තය යුරෝපා හවුලෙන් ඉවත්වීම සඳහා මනාපය ප්‍රකාශ කරන ලද 52%ක ජනතාව යු​ෙරා්පයේ සෙසු රටවල සංක්‍රමණිකයා පිළිබඳව දරන මතයට සුභවාදී පිළිතුරක් සැපයීම සඳහා “තෙරේසා මේ” රජය යුරෝපීය සංක්‍රමණිකයා සම්බන්ධව මෙතෙක් අනුගමනය කරන ලද ආගමන විගමන ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට කර ඇති බව උක්ත ලියවිල්ලෙන් පැහැදිලි කෙරේ. 


හෙළිදරව් වී ඇති ලියවිල්ලට අනුව එංගලන්තය යුරෝපා හවුලෙන් ඉවත්වන දිනය වනවිට වසර පහකට වැඩි කාලයක් එංගලන්තයේ නීත්‍යානුකූලව නේවාසික යුරෝපීය පුරවැසියන්ට “පැලපදියම් වීමේ වරප්‍රසාදය” යටතේ එංගලන්තයේ නිදහසේ රැඳී සිටීමට හැකිවනු ඇත. 


රටට ඇතුළුවීමේදී යුරෝපීය සංක්‍රමණිකයාගේ ප්‍රතිලාභය නොව, සංක්‍රමණිකයාගෙන් රටට ලැබෙන ප්‍රතිලාභය සලකා බැලීම සඳහා යුරෝපීය සංක්‍රමණිකයා එංගලන්තයට ඇතුළු වීමේ අවසරය රජය විසින් තීරණය කරනු ලැබේ. 


යුරෝපා හවුලට අයත් පුරවැසියන්ට මෙතෙක් එංගලන්තයට ඇතුළුවීම සඳහා වලංගුව තිබුණු “පුද්ගල හැඳුනුම්පත පමණක්” වරප්‍රසාදය අහෝසි කෙරෙන අතර, වෙනත් පුරවැසියන්ට මෙන්ම යුරෝපයේ සෙසු පුරවැසියන්ට ද වලංගු වීසා මුද්‍රා සහිත ජාත්‍යන්තර ගමන් බලපත අනිවාර්යය කෙරේ. 


යුරෝපීය සංක්‍රමණිකයා එංගලන්තයට සංක්‍රමණය වීම සඳහා කෙටිකාලීන නොවන වීසා බලපත් නිකුත් කිරීමේදී, ආගන්තුකයා එංගලන්තයේ පදිංචි කාලය තුළ නඩත්තු සහතික කෙරෙන ආදායම් මාර්ගය දැඩි පරීක්ෂණයට භාජනය කෙරෙනු ඇත. 


වෘත්තීයමය ඉහළම සුදුසුකම් ලැබූ යුරෝපීය පුරවැසියන්ට මිස වෙනත් වෘත්තීයමය හේතූන් මත යුරෝපීය පුරවැසියන්ට එංගලන්තයට සංක්‍රමණය වීමේ නිදහස අහෝසි කෙරෙන අතර, වෘත්තිකයාගේ පවුලේ අනෙකුත් සාමාජිකයන්ට මෙතෙක් සැලසුණු ආගමන විගමන හා වෙනත් සුපිරි පහසුකම් දැඩි නීති රීති යටතේ පාලනයකට ලක්කෙරෙනු ඇත. 


‘ද ගාඩියන්’ පුවත්පත විසින් හෙළිකරන ලද උක්ත ලියවිල්ල පාර්ලිමේන්තු සාකච්ඡාවට මෙතෙක් යොමුවී නැත. ඒ අතරම එංගලන්තය යුරෝපා හවුලෙන් නිල වශයෙන් ඉවත්වන 2019 මාර්තු මාසය වනතුරු හවුලේ සම්මුතීන්ට පිටුපා යුරෝපා හවුලේ සෙසු රටවල පුරවැසියන්ට බලපැවැත්වෙන නව ආගමන විගමන නීතියක් ක්‍රියාත්මක කිරීමේ බලයක් එංගලන්තයට නැත. 


‘ද ගාඩියන්’ පුවත්පතේ හෙළිදරව් කිරීමත් සමඟම එංගලන්තයේ හෝටල් හා බොජුන්හල් හිමිකරුවන්ගේ සංගමය මේ පිළිබඳව තම දැඩි කනස්සල්ල ප්‍රකාශයට පත්කර ඇත. එංගලන්තයේ හෝටල් වේටර්වරුන්ගෙන් 75%ක පිරිසක් ද සූපවේදීන්ගෙන් 25%ක පිරිසක් ද හෝටල්, නවාතැන්පොළවල් හා යුරෝපීය පිරිසිදු කරන්නන්ගෙන් 37%ක පිරිසක් ද බ්‍රිතාන්‍ය ජාතිකයන් නොවන යුරෝපීය පුරවැසියන් වන අතර, යුරෝපීය පුරවැසියන්ගෙන් පුරවාගත යුතු තවත් පුරප්පාඩු හැටදහසක් ද දැනට වේ. නව නීතියක් යටතේ මෙම යු​ෙරා්පීය සේවක පිරිසට රටින් පිටවීමට සිදුවුව​හොත් එම පුරප්පාඩු සඳහා එංගලන්ත පුරවැසියන් සූදානම් කර ගැනීම සඳහා අවම තවත් වසර දහයක කාලයක් අවශ්‍ය බව හෝටල් හා බොජුන්හල් හිමිකරුවන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරයි. යුරෝපයේ​ සෙසු රටවල ශ්‍රම බළකායෙන් තොරව එංගලන්ත කෘෂි නිෂ්පාදනය ද මහා පරිහානියකට පත්වන බවට අනාවැකි දැනටමත් පළවී ඇත. 


යටියන 
ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය. 



අදහස් (0)

යුරෝපා හවුලෙන් ඉවත් වෙන බ්‍රිතාන්‍යය අසල්වැසි රටවල ශ්‍රමිකයන්ට දොර වසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site