IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉතාලි ස්​ෙ​ෙවරීභාවයට අභියෝග කළ නැවේ ජර්මානු කපිතාන්වරියට මව්බිමේ උපහාර

 

සමුද්‍ර නීති උල්ලංඝනය කරමින්, ජුනි මස විසිනවවැනිදා අප්‍රිකානු අනවසර සංක්‍රමණිකයන් රැසක් රැගෙන බලහත්කාරයෙන් ඉතාලියේ ලම්පෙදූසා වරායට කඩාවැදුණු ජර්මානු රාජ්‍ය නොවන සංවිධානයකට අයත් සී වොච් නෞකාවේ කපිතාන්වරිය වන ජර්මන් ජාතික කැරොලා රෙකට් වීරත්වයෙන් පිදීමට ලොව පුරා පිරිසක් පෙළගැසී සිටිති.


සමුද්‍ර බාධක ලෙස යොදා තිබුණු ප්‍රහාරක නෞකාවකට තදබල හානි පැමිණවීම, සමුද්‍ර නීති කඩකරමින් රටේ ස්​ෙ​ෙවරීභාවය උල්ලංඝණය කිරීම, අප්‍රිකානු සංක්‍රමණිකයන් ඉතාලි භූමියට අනවසරයෙන් ගෙන ඒම යන චෝදනා, ඉතාලිය විසින් සී වොච් නෞකාවේ කපිතාන්වරියට එරෙහිව ගොනුකර ඇත.


තම නෞකාව හැසිරවීමේදී සිදුවූ අත්වැරදීමකින් ඉතාලි ප්‍රහාරක යාත්‍රාවට අලාභහානි සිදුවීම පිළිබඳව තම කණගාටුව ප්‍රකාශ කරන සී වොච් නෞකාවේ කපිතාන්වරිය කැරොලා රෙකට්, හුදු දේශපාලන කඹ ඇදීම්වලට වඩා තම නෞකාව විසින් මධ්‍යධරණී මුහුදේ අනතුරට පත්ව සිට බේරාගන්නා ලද අප්‍රිකානු සරණාගතයන් දෙස මානුෂීය ඇසකින් බලා තමා කටයුතු කළ බැවින්, ඉතාලිය විසින් ගොනුකරනු ලැබ ඇති චෝදනා ඇය ප්‍රතික්ෂේප කරන බව පවසන්නීය.


සී වොච් කපිතාන්වරියට එරෙහිව ඉතාලිය විසින් නගා ඇති චෝදනා වලට නීතිමය පිළිතුරු සැපයීම සහ, උක්ත කරුණ සම්බන්ධයෙන් කිසියම් දඩ මුදලක් ගෙවීමට සිදුවුහොත් ඒ සඳහා මූල්‍යමය වශයෙන් සම්මාදම් වීමට ජාත්‍යන්තර අරමුදලක් ද, කැරොලා රෙකට්ගේ ක්‍රියාව මානුෂීය හේතූන් මත අනුමත කරන පිරිසක් විසින් දැනටමත් පිහිටුවා ඇත.
ඉතාලි ස්​ෙ​ෙවරීභාවය උල්ලංඝණය කරමින් වුවද අප්‍රිකානු සරණාගතයින් හතළිස්හය දෙනෙකුගේ ජීවිත අවදානමෙන් බේරාගැනීම වීර ක්‍රියාවක් සේ සලකා කැරොලා රෙකට් ට උපහාර දැක්වීම සඳහා, පසුගිය දිනවල ජර්මනියේ බර්ලින් නගරය ඇතුළු ප්‍රධාන නගර කීපයක පෙළපාලි කීපයක් පැවැත්වුණි. මෙම පෙළපාලි සඳහා හතළිස් දහසක පමණ පිරිසක් සහභාගී වූහ.


“යුරෝපයේ කපිතාන්වරිය” සිරස්තලය යටතේ කැරොලා රෙකට්ගේ උඩුකය ඡායාරූපයකින් පසුගිය දා ජර්මානු “ඩර් ස්පීගල්” සඟරාව තම මුල් පිටුව සරසා තිබුණි. (සතිපතා මුද්‍රණයක් ලෙස එළි දකින මෙම සඟරාව, පිටපත් දශලක්ෂයක් පමණ අලෙවි වෙතැයි සැලකේ)


කැරොලා රෙකට් ට සහය පිණිස ගිය පෙළපාලියක් සහ ඇයගේ ඡායාරූපය සහිත ඩර් ස්පීගල් සඟරාවේ මුල්පිටුව ඡායාරූපවලින් දැක්වේ.

 


චාපි කෝසලා. 
මියුනිච්, ජර්මනිය.



අදහස් (0)

ඉතාලි ස්​ෙ​ෙවරීභාවයට අභියෝග කළ නැවේ ජර්මානු කපිතාන්වරියට මව්බිමේ උපහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site