


(රංජිත් කරුණාවීර)
මහමැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දඹානේ ආදීවාසීහු ද ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණියහ.
ආදිවාසි නායක විශ්ව කිර්ති වනස්පති ඌරුවරිගේ වන්නිලැඇත්තන්, සිය බිරිඳ හා පරපුරේ පිරිස අද(05) දඹාන කනිෂ්ඨ විද්‍යාලයේදි සිය ඡන්දය ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහට කොළට, සතාසිව්පාවට පොදුවේ පරිසරයටම ආදරය කරන, තම භූමිය විදේශිකයින්ට නොවිකුණන, තම පරපුරේ ඕනෑ එපාකම් ඉටුකරමින්, විනය රකිමින්, තරුණ පරපුරට දයාවෙන් යහ මග පෙන්වන, අල්පේච්ච ජීවිතයක් ගෙවන මෙවන් නායකයෙක් ලබන්න අපේ රටේ ආදිවාසී තරුණ තරුණියන් බොහෝ පින් කරලා ඇති..!!! එ්ත් මේ රටේ බහුතරයක් වන සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ.. අපි ඔක්කොම " පින් මදි " අය වෙන්න ඇති.. සංසාරයේ කොහේ හෝ තැනකදී අපි මහාම මහා පව් ගොඩක් කරලා ඇති.. ඒකයි අපිට තවමත් " උතුම් නායකයෙක් " නොලැබුණේ. මේ පාරවත්..? එ්ත් එය සිහිනයක්ම වේවිද? හැමදාමත්ම වගේ..
බොරුවට නොව, හද පතුලෙන්ම පරිසරයට ආදරය කරන සැබෑ මිනිසුන් තම වර්ගයාට අයත්, සංස්කෘතික ගති ලක්‍ෂණයන්ගෙන් යුතුව දකින්නට ලැබීම භාග්‍යයකි. නුඹලාගෙත්, අපගේත් සිහිනය සිහිනයක්ම නොව සැබෑවක්ම වේවා.!!!
මේ සැරේ ඡන්දෙ දාලා තියෙන්නේ ‘කලවැද්දා‘ ලකුණට... වෙන්නැති...