
ශ්රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම සඳහා පැවති මහමැතිවරණය අද (5) පස්වරු 5 ට අවසන් විය.
දිවයින පුරා සියලුම දිස්ත්‍රික්ක වල 60 % බහුතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබූ බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
2020 මහමැතිවරණය අද (5) උදෑසන 7.00 ආරම්භ කෙරුණු අතර පස්වරු 5 ට අවසන් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා තීන්දුවට අපි හිස නමමු. ඒත්, ජනතාව මෙවර මොනවගේ අය පත්කරාද දන්නේ නැහැ.. ජනතාවනි, ඔන්න පස්සේ එහෙම බනිනවා එහෙම නෙමෙයි.
රටේ ජනතාවගෙන් 60%ක් පමණ තමන්ට පැවරුණු අයිතිහාසික කාර්යභාරයක් රටවෙනුවෙන් සිදුකරලා තියෙනවා. අපේක්ෂකයින්ගේ හොඳ නොහොඳ ගැන දැන් කතාකිරීමෙන් ඵලක් නොමැත. ඡන්දය අවසන්. හෙට අනිද්දා වෙනකොට ප්‍රතිඵල එකින් එක නිකුත් වේවි.. එය ඔබගේ ඡන්දයෙන් පත්වුණු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙන්නත් පුළුවන්... සමහරවිට එයා පරදවා අනිත් පැත්තේ අපේක්ෂකයා දිනපු ප්‍රවුර්තිය වෙන්නත් පුළුවන්. මම ඔබ සැමගෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ මෙපමණයි..." ඔබ ඡන්දය දුන් අපේක්ෂකයා යනු " ඔබ " නොවේ. ඒ නිසා ඔහුගේ ජයග්‍රහණය වගේම පරාජයත් උපේක්ෂාවෙන්, සාමකාමීව විඳගන්න. සමහරවිට ඔබේ ලඟම අසල්වැසියා වෙනත් දේශපාලුවෙකුට ඡන්දය දුන් කෙනෙක් විය හැකිය. කිසිම හේතුවක් නිසා ඔබගේ අසල්වැසියා පීඩාවට පත්කරන්න එපා. ඔබට එදාවගේම හෙටත් කරදරයකදී ඔබේ උදව්වට පැමිණෙන පළමු තැනැත්තා ඔහු හෝ ඇයයි. ඒ නිසා ඉතාම සාමකාමීව හෙට දවසට මුහුණ දෙන්න. අමතක කරන්න එපා මේ අපිව කොටවන අසමජ්ජාති දේශපාලුවන් ඔක්කොම හොඳ යහළුවන්. ඉතින්.. ඔබත් අසල්වැසියන්, අනෙකුත් රටවැසියන්.. ගහ මරා ගැනීමෙන් පාඩුවක් වන්නේ ඔබටමයි. දේශපාලුවන්ට නොවෙයි. ඔවුන් හැමදාමත්ම යහළුවන්. එකිනෙකාගේ පිට කසා ගන්න.
ප්‍රතිඵල පැහැදිලියි. අර පෞරාණික පක්ෂය බින්දුවට වැටෙයි.. දුරකථනයෙන් කතා කරලා අහන්න තියෙන්නේ.... ‘‘දැන් සැපද‘‘ කියලයි.
දැන් ඉතින් හෙට වෙනකොට පසුගිය වසර 72දී වුණාක් මෙන්, 225 දෙනෙක් මහජනයාගේ කරපිටින් ගොස් සුරසැප විඳින්නට පටන් ගනී. ඡන්දය දුන් "මහජනයා" සිරිත් පරිදි කටුක ලෙස ජීවත් වෙන්නට පටන් ගනී.