මහමැතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සළකුණු කරනලද පත්‍රිකා ඡායාරූප ගත කර හෝ වීඩියෝ ගතකර සමාජ ජාලා ඔස්සේ මුදාහැරීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනතාව වෙන දැනුම් දෙයි.

එවැනි ඡායාරූප සහ වීඩියෝ සමාජ ජාලා ඔස්සේ මුදාහැරීමට කටයුතු කර ඇති බවට මේ වනවිට වාර්තා වී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරසිටී.

එලෙසින් කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් වන බැවින් එම කටයුතුවලින් වැළකෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලු සමාජ මාධ්‍ය ජාලා ගිණුම් හිමියන් සහ පරිපාලකයන්ට දැනුම් දෙයි.