
(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 70කට අධික පිරිසක් පරාජයට පත්ව තිබේ. ඒ අතරින් බහුතරය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අය වේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවි කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරු ඒ අතර වෙති.පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් ගණනාවක් මෙවර පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබා නොමැත.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කර මෙවර සමගි ජන බලවේගයෙන් තරග කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සුජීව සේනසිංහ, පසුගිය පාර්ලිමේන්තුවෙන් මැතිවරණයේදී පරාජයට පත්ව පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් හිමිකරගෙන මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ තිලංග සුමතිපාල, සමඟි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ ඒ.එච්.එම් ෆවුසි, ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අර්ජුන රණතුංග, රුවන් විජයවර්ධන, සමගි ජන බලවේගයෙන් තරග කළ එඩ්වඩ් ගුණසේකර, අජිත් මාන්නප්පෙරුම, චතුර සේනාරත්න, ඩුලිප් විජේසේකර, විජිත් විජයමුණි සොයිසා, කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ පාලිත තෙවරප්පෙරුම, මෙවර සමගි ජන බලවේගයෙන් තරග කළ අජිත් පී පෙරේරා, ලක්ෂ්මන් විජේමාන්න යන මහත්ම මහත්මීහු ද මෙවර පරාජයට පත්වූහ.
එක්සත් ජාතික පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයට තරග කළ හිටපු මන්ත්‍රිනී අනෝමා ගමගේ මහත්මිය, මහනුවර දිස්ත්‍රික්කයට ගියවර එක්සත් ජාතික පක්ෂයෙන් පත්ව මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ආනන්ද අලුත්ගමගේ, සමගි ජන බලවේගයෙන් තරග කළ ලකී ජයවර්ධන, ගියවර එජාපයෙන් පාර්ලිමේන්තුවට පැමිණ මෙවර සමගි ජනබලවේගයෙන් තරග කළ මාතලේ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රීවරුන් වන වසන්ත අළුවිහාරේ, රංජිත් අළුවිහාරේ, එම දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරු ද පරාජයට පත්ව තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට තරග කළ එම පක්ෂයේම හිටපු මන්ත්‍රීවරුන් කේ.කේ පියදාස, කේ. තිලකරාජා යන මහත්වරු ද පරාජයට පත්වූවෝ අතර වෙති. ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු එජාප මන්ත්‍රීවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, ශ්‍රී.ල.නි.ප හිටපු මන්ත්‍රී පියසේන ගමගේ යන මහත්වරු මෙවර පරාජයට පත්වූයේ සමඟි ජන බලවේගයෙන් තරග කරමිනි. එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ වජිර අබේවර්ධන මහතා ද මෙවර පරාජයට පත්ව ඇත.
මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන (හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රී), මනෝජ් සිරිසේන යන මහත්වරුන් ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ප්‍රමාණවත් මනාප සංඛ්‍යාවක් ලබා නැත.
ජාතික ලැයිතුවෙන් නියෝජනය කළ එජාප මන්ත්‍රිනී අනෝමා ගමගේ මහත්මිය මෙවර අම්පාර දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත්වූ අතර ගියවර එක්සත් ජාතික පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයට තරග කර ජයගෙන මෙවර කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ දයා ගමගේ මහතා පරාජයට පත්ව ඇත.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ශ්‍රියානි විජේවික්‍රම, පුත්තලම දිස්ත්‍රිකක්යෙන් එක්සත් ජාතික පක්ෂයට තරග කළ පාලිත රංගේ බණ්ඩාර, ගියවර එජාපය නියෝජනය කළ හේමන්ත සිසිර කුමාර අබේසේකර, කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කර මෙවර සමඟි ජන බලවේගයෙන් තරග කළ ඉන්දික බණ්ඩාරනායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ තාරනාත් බස්නායක, ටී.බී ඒකනායක යන අය ද පරාජයට පත්ව තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයෙන් තරග කළ චන්ද්‍රානි බණ්ඩාර, චන්දිම ගමගේ, පී. හැරිසන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ වීරකුමාර දිසානායක, එස්.සී මුතුකුමාරණ, බදුල්ල දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් තරග කළ රවීන්ද්‍ර සමරවීර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, මොණරාගල දිස්ත්‍රික්කයට තරඟ කළ ආනන්ද කුමාරසිරි යන අය ද මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයකට සුදුසුකම් ලැබුවේ නැත.
මොණරාගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තරග කළ පද්ම උදයශාන්ත, සුමේධා ජී ජයසේන, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට තරග කළ සිඞ්නි ජයරත්න, එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ නාලක කොලොන්න, රත්නපුර දිස්ත්‍රික්කයට සමඟි ජන බලවේගයෙන් තරග කළ කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ඒ.ඒ. විජේතුංග යන අය ද පරාජයට පත්ව සිටිති.
කෑගල්ල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ චම්පිකා ප්‍රේමදාස, සමගි ජන බලවේගයෙන් තරග කළ වෛද්‍ය තුසිතා විජේමාන්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට තරග කළ සුසන්ත පුංචිනිළමේ යන හිටපු මන්ත්‍රීවරු ද මෙවර අඩු මනාප සංඛ්‍යාවක් ලබා තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ වෛද්‍ය නලින්ද ජයතිස්ස, හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ නිහාල් ගලප්පත්ති, ගියවර ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ලබාගත් සුනිල් හඳුන්නෙත්ති මහතා ද මෙවර පරාජයට පත්ව ඇත.
යාපනය දිස්ත්‍රික් හිටපු එජාප මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ හිටපු යාපනය දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන ඊ. සරවනපවන්, මාවෙයි සේවාධිරාජා, වන්නි දිස්ත්‍රික් හිටපු දෙ.ජා.සං මන්ත්‍රීන් වන එස්. සිවමෝහන්, ශිවශක්ති ආනන්දන්, දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී කවීන්ද්‍රන් කෝඩීෂ්වරන් යන අය ද පරාජයට පත්ව ඇත.
COMMENTS
ජනතාව පරාද කළ අයට ජාතික ලැයිස්තුවෙන් දෙන්න එපා.
බිමල් රත්නායක පරදින්නේ කොහොමද? මෙවර ඔහේ තරග කලේ නැහැනේ.. ඔහු මෙවර නියෝජනය කලේ ජාතික ලැයිස්තුව නොවේද?
සුනිල් හඳුන්නෙත්ති කියන "අවංක" මිනිසාට අත්වූ අවාසනාවන්ත ඉරණම ගැන මම පුදුම වෙන්නේ නැහැ. ඒ කාලයේ මාතර පැත්තේ හිටියයි කියන්නේ රටට ආදරේ කරන රුහුණු පුත්තුලු. එ්ත් අද ඒ රුහුණු පුත්තු වෙනුවට මාතර සිටින බයියන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වන්නට බැහැ. අනිත් දේශපාලුවන්ගේ පරාජයන් ගැන මට අබමල් රේණුවකවත් දුකක්, කණගාටුවක් නැහැ.
පක්ෂයේ නායකකම බදාගෙන පිස්සු කරපු රනිල්ට, සජිත්ට මඩ ගහපු රවීට... අලියාගෙන් ඉල්ලපු අයටත් හොඳ වැඩේ වුනේ... කිසිම සමගියක් නැතිකම තණ්හාව නායකකමට කුලල්කා ගැනීම මිසක් වෙන මොනවද කෙරුවේ..?
හඳුන්නෙත්ති ඔබ සිටිය යුතුමයි. ගියවර ඔබ ලොකු සේවයක් කළා. ජනතාව වශයෙන් අපි දුක් වෙනවා ඔබ වැනි අශ්වයෙක් නැතිව බූරුවන් ගොඩක් පාර්ලිමේන්තුවට යැවීම ගැන.
එක මන්ත්‍රී ධුරයක් විතරක් තියන පක්ෂයකට විශාල පක්ෂ කාර්යාලයක් ඕනේ නැහැනේ..., සිරිකොත මන්දිරය විකුණනවා නම් කියන්න මම ගන්න කැමතියි.
හඳුන්නෙත්ති මහතාට වුනේ හොඳ නායකයෙක් එම පක්ෂයේ නොසිටීමයි. හරියට හිවල් රැලක සිටි සිංහයෙක් වගේ.. පොහොට්ටුවට වුනේ ඒකෙ අනිත් පැත්ත. සිංහ නායකයෙක් සමග සිටි හිවලුන් පවා ගොඩගියා. කණගාටුයි සහෝදරයා.. ඔබ නොමැති පාර්ලිමේන්තුවක් කුමකටද?
විමල් වීරවංශ, රාජිත සේනාරත්න, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන වගේ ලෝකහොරු හැමදාම ඇතුලේ...
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සුනිල් හඳුන්නෙත්ති මහතාට දෙන්න ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරන මහත්මයෙක්...
පක්ෂය පැත්තකට දමා පුද්ගලයා ගැන සලකා බලන්නේ නම් නිපුණ රණවක වැනි ලාබාලයින්ට වඩා හඳුන්නෙත්තිගේ බොහෝ පරිපූරණතා රැසක්ම පෙනෙනවා. ජවිපේ ලේබලයට මමත් අකමැති බව ඇත්ත. ඒත් කිසිවිටකත් හඳුන් වැනි දේශපාලකයකු පාර්ලිමේන්තුවේ දැකලා නෑ. මම මාතර වූවා නම් හඳුන්ට ගෙදර යන්නට පාර පෙන්වන්නේ නැහැ. මට පුදුම නෑ මාතර වැනි දකුණේ බුද්ධිමත් ජනතාව අතින් මේ තරම් හානියක් රටට සිදුකළේ ඇයි කියා. මතක නම් කන්නන්ගර මහත්මයා ඊළඟ වතාවේ ගෙදර ඇරියා. හැබැයි අප නිදහස් අධ්‍යාපනයේ නියමුවාණන් ලෙස ඔහුටමයි වඳින්නේ. ඔබ මගේ අදහසට විරුද්ධ නම් මා එයට ගරු කරනවා. ඒත් එක්කම හඳුන් වෙනුවට ඔබේ ආදේශයද සඳහන් කරන්න කියා ඉල්ලා සිටිනවා.
රටේ පුරවැසියන්ට වඩා යටත්වැසියන් වැඩි බව මෙම මැතිවරණය තුළදී පෙනෙන්නට ඇත.
අනේ සාදු... ලංකාවට යහපාලනයක්ම වේවා මේපාරවත්...
මේකට තව 30ක් විතර එකතු විය යුතුව තිබුණා. මේ 70 දෙනා ගැන නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මන්ත්‍රීවරු දෙන්නෙක් ඉන්නවා. පාට පක්ෂ භේදයක් නැතුව කතාකළ යුතුමයි. ඒ පොහොට්ටුවේ නිරෝෂාන් ප්‍රේමරත්න සහ එජාපෙ පාලිත තෙවරප්පෙරුම. කළුතර මනාප ඡන්ද ප්‍රතිඵලය ඉතාම සැක සහිතයි. පැහැදිලිවම වංචාවක් වෙලා තියෙනවා. කොරෝනා වෙලාවේ බඩගින්නේ හිටපු කළුතර ජනතාවට කන්න දුන්නු පාලිතව මිනිස්සු ගෙදර යවයි කියලා කීයටවත් විශ්වාස කරන්න බැහැ. රාජිත වගේ කෙනෙක් පාර්ලිමේන්තු ඇවිල්ලා පාලිත ගෙදර යන්න විදිහක් නැහැ. මෙතන හොර වැඩක් වෙලා තියෙනවා. අනිත් එක නිරෝෂාන් ප්‍රේමරත්න. නිරෝෂාන් සහ පාලිත එකට ඉන්න උත්සවයක් දැකලා මට හිතුණා මොකක් හරි යටින් වැඩක් තියෙනවා කියලා. නිරෝෂාන් සහ පාලිත අන්තිම මොහොතේ කාගේ හරි උගුලකට හව්වෙලා තමන්ව පරද්දවන එක උගුලක් නෙමෙයි කියලා පෙන්වන හේතුවක් හදලා දුන්නා. නිරෝෂාන්ව අයින් කරන්න ඇත්තේ නිපුනට තැනක් දෙන්න. 2015 මහින්දව පාවා දුන් ද්‍රෝහියෝ අද මහින්දගේ පිහිටෙන් පාර්ලිමේන්තු යත්දී, 2015 මහින්ද වෙනුවෙන් කතා කරපු නිරෝෂාන්ව මනාප වෙනස් කරලා ගෙදර යවපු එක අසාධාරණයි. මේ දෙන්නම ලැයිස්තුවෙන් හරි පාර්ලිමේන්තු යන්න ඕනේ...
දුප්පත් පවුලකින් පැමිණි නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී සිටි හදුන්නෙත්ති වැනි කෙනෙකු පාර්ලිමේන්තු නොයවා මිනිස්සු කුහක වී ඇත.
මාතර මිනිස්සු හොඳ පාඩමක් උගන්වලා තියෙන්නේ ප්රතිපත්තිවලටයි... පුද්ගලයාට නොවේ. අවශ්‍ය නම් ජාතික ලැයිස්තුවෙන් ගියපාර වගේ දාන්න ඇත්තටම නායකයන් ඉවත් වීමට කාලය හරි. නැතිනම් ජනතාව ඉවත්වෙන එකයි අලුත්ම කලාව... අද ශ්‍රී ලංකා එකට, එජාපයට දීපු උත්තරේ එකයි. තව දුරටත් පක්ෂ දේශපාලනයේ ජනතාව නැහැ. රටම පාවෙන ඡන්ද බවට පත්වෙමින් ඉන්නේ.. සියලු දෙනාම ඒක හොඳට හිතේ තියාගන්න.
රටේ බහුතරයක් ජනතාව දැඩි අපේක්ෂා භංගත්වයෙන් පෙලෙන නිසයි දිනන පැත්තට ඡන්දය දීලා “මම ඡන්දේ දීපු පක්ෂය දිනුවා. මට ඒකට හරි සතුටුයි“ කියන ජයග්‍රාහී හැඟීම හරි ලබලා තාවකාලික හරි සතුටක් ලබන්න උත්සාහ කලේ...
අැයි මතක නැද්ද? කොරෝනා පාලනය කරන්න කේරලය දිහා බලන්න කිව්වා. කරපු එක හොඳ වැඩක් අගය කලේ නැහැ. ජනතාව උත්තරය දීලා තියෙනවා. එ්ක පිළිගත යුතුයි. අද බලන්න කේරලය රෝගීන් 31,700යි.. මරණ 102යි.
අයියෝ රාජිතත් ඇතුලේ...
ඔය ලැයිස්තුවේ සමහර අයට හේතුව පැන්න අය වීමයි. දැන් ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්නයි තියෙන්නේ.
හඳුන්නෙත්ති වෙනුවට නිපුණ රණවක කොච්චර හොඳයිද?
තොටළඟ පාලම යටට ගෙනැල්ලා වෙඩිතියලා දාන්නයි තියෙන්නේ... මෙලෝ ප්‍රයෝජනයක් නැති ජාතියක්...
හොඳ ප්‍රවණතාවයක්...
මහනුවර අයට නම් මේ කපේට හොරුන්ගෙන් නිදහස් වෙන්න බෑ.
රංජන්, ෆොන්සේකා, රාජිත කොහොමද ඉතුරු වුණේ?