IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කල්පිටිය දූපත්වැසියෝ ඡන්දය දාන්න ප්‍රවාහන පහසුකම් ඉල්ලති

(පද්මා කුමාරී කංකානම්ගේ )
 
කල්පිටිය දූපත් සමූහයට අයත් උච්ච්මුණේ දූපත් ඡන්ද දායකයින සදහා මොහොත්තුවාරම දූපත් ඡන්ද මධ්‍යස්ථානය කරා ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලෙස උච්චිමුණේ ඡන්ද දායකයෝ ඉල්ලා සිටිති.
 
උච්ච්මුණේ එක්සත් ධීවර සමූපකාර සතියේ සභාපති දිනේස් සුරංජන් ප්‍රනාන්දු පැවසුවේ උච්ච්මුණේ සිට මොහොත්තුවාරම දක්වා කලපුව ඔස්සේ කිලෝ මීටර අටක පමණ දුරක් ඇති බවත් උච්චිමුණේ ඡන්ද දායකයෝ 286 ක් සිටිති. 

මේ නිසා බෝට්ටු ප්‍රවාහන  සේවාවක් ලබාදෙන්නේ නම් දූපත්වාසීන්ට පහසුවක් වන බව යි. උච්චිමුණේ සිට කල්පිටිය දක්වා බෝට්ටුවක් ගමනාගමනය සදහා රුපියල් 8000 ක් වැයවන බව ධීවරයෝ පවසති.

මේ පිළිබඳව පුත්තලම තේරිම් භාර නිළධාරී  සහ දිසා ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ගෙන් විමසීමේ දී පැවසුවේ බෝට්ටු සැපයීමේ ප්‍රායෝගික ගැටලු ඇති බවත් උච්චිමුණේ ඡන්දදාකයින් සදහා ට්‍රැක්ටර් මගින් ප්‍රවාහන පහසුකම් සැපයීමට බලාපොරොත්තු වන බවයි.

කල්පිටිය මැතිවරණ අංශයෙන් අපට වාර්තා වූයේ,මොහොත්තුවාරම ඡන්ද මධ්‍යස්ථාන මොහොත්තුවාරම මුස්ලිම් විදුහලේ පැවැත්වෙන බවත් එම මධ්‍යස්ථාන සදහා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 722 කි.
 



අදහස් (1)

කල්පිටිය දූපත්වැසියෝ ඡන්දය දාන්න ප්‍රවාහන පහසුකම් ඉල්ලති

kamal Tuesday, 04 August 2020 08:15 AM

කවුරුවත් අධිවේගයක් පොරොන්දු වෙලා නැහැ වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site