
(මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් පිරිසක් ගමන් ගත් ඩිපෙන්ඩර් රියක යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් යුවලක් බරපතල තුවාල සහිතව මීරිගම රෝහලට ඇතුළත් කර ඇතැයි මිරිගම පොලිසිය කියයි .
අද (05) පස්වරු 6.30ට පමණ මීරිගම වේවැල්දෙණිය මාර්ගයේ බණ්ඩාරනායක විදුහල ආසන්නයේ දී සිදු වූ මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ මැතිවරණ රාජකාරි සඳහා ගිය රජයේ නිලධාරිනියක හා ඇගේ සැමියා බව පොලිසිය කියයි.
මීරිගම රේන්දපොල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව සිය මැතිවරණ රාජකාරි අවසන් කිරීමෙන් පසු සැමියා සමග යතුරුපැදියේ ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇත.
ඩිෆෙන්ඩර් රිය මෝටර් රියකට ඉස්සර කරන අවස්ථාවේ යතුරුපැදිය එහි මුහුණට මුහුණලා ගැටී ඇතැයිද බරපතල තත්ත්වයේ සිටි යතුරුපැදිකරු සුවසැරිය ගිලන් රිය මගින් රෝහල් ගත කර ඇති අතර කාන්තාව වෙනත් වාහනයකින් රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණි .
මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතාගේ මෙහෙයුම යටතේ පොලිස් නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
COMMENTS
දැන් ෂෝ එක පටන් ගත්තා... දැන් ඉතින් අවුරුදු 5 ඉවර වෙනකන් ඉන්න.
මේ වැඩේ කරලා තියෙන්නේ කාලකණ්ණිම තමයි.
නම කියන්න බැරි දැන්මම බයවෙලා වගේ..
ගම්පහ හැමතැනම අද ඔහොමයි. ඩිෆෙන්ඩර්වල, ප්‍රාඩෝවල, v8 වල මේ අය ගියේ මහපාරේ පිඹගෙන. එකපෙළට වාහන පහක්, හයක් මාර්ග නීති බල්ලට දාලා කඩාගෙන ගියේ. අතුරු පාරවල් වලත් එහෙමයි. දේශපාලුවෙක්ගේ කලු සල්ලි කන හද්ද ගොඩයින් වාහනයක් අතට ගත්තම හිතන්නේ එයා තමා පාරෙ අයිතිකාරයා කියලා. ඒ අයට අනිත් මිනිස්සු නිකං මස් ගොඩවල් විතරයි. පොහොට්ටුවේද ටෙලිෆෝන් එකේද කියලා වෙනසක් නෑ. ලංකාවේ මේ මජර ගඳගහන දේශපාලනය කවදා ඉවර වෙයිද මම දන්නේ නෑ. දින්නොත් මේ අය කොහොම යයිද දන්නේ නෑ. කොහොමද අපි හරි මිනිස්සු තෝරාගන්නේ ඔක්කොම හරක් වෙනකොට. මේ කතාව කිව්වාම සමහර අය කියනවා... එහෙම තමයි රට යන විදියට අපි යන්න ඕනේ කියලා. එහෙම නම් ළඟදීම වලපල්ලට තමයි යන්න වෙන්නේ.... මිනිස්සුන්ට මෙක තේරෙන්නේ රටේ තරුණ පරම්පරාව රට දාලා යන්න ගත්තහම තමයි. මේ රටේ 225 කට වඩා මිලියන 16ක මෝඩකම වැඩියි.
ආධාරකරුවන් කුමන අපේක්ෂකයාගේද යන්න සඳහන් කිරීමට, කොන්දක් නැද්ද?
වෙන නිව්ස්වල නම් රියදුරු අත්අඩංගුවට කියලා කියනවා. මේ නිව්ස් එකේ එහෙම නැහැනේ. දේශපාලකයින්ගේ වාහන සහ රියදුරු මහත් (හොරු) නිසා වෙන්න ඇති
තව පටන්ගත්තේ නැහැ. අපි තමයි වැරදි... හරක්ට ඡන්දෙ දෙන එක . 07.08.2020. ඉඳන් බලන්න පුළුවන් වෙනවා... 1. නීතියක් නැති රටක් 2. හරක් පාලනය කරන රටක් 3. ආගමක් ජාතියක් නැති ජාතියක් 4. කුඩු කාරයන් . පාතලේ එවුන් රජ කරන රටක් 5. අපේ රට චීන කොලනියක් 6. අපේ උරුමයන් විනාශ කරන ආණ්ඩුවක් 7. තමන්ට ඕන පනත් සම්මත කරගෙන රට කනවා... දළදා මාලිගාව, අනුරාධපුරය ඇතුළු සියලුම දේවල් අපිට නැති කරනවා... එතකොට මහුදු මහා විහාරය...?
මෙන්න අර කියපු විදියට මිනී මැරීමකට අදාල නඩුවක් ගොනුකරන්න ලැබුණු පළමු අවස්ථාව...
ආධාරකරුවන් මේ විදිහට හැසිරෙන්නේ ඔවුන්ගේ ලොක්කන්ගේ හයිය අරගෙන... මේ ක්‍රමය වෙනස් කරන්න කවුරුවත් නැහැ. අහිංසක ජීවිතවලට දේශපාලුවෝ වගකිව යුතුයි.
දැන් ඉතින් පොලිසිය අර පාඨලීගේ නඩුව වගේ... මේ ජෝඩුව ජීප් එකේ බලෙන් හැප්පුණා කියයි.
මිනිසුන් මරාගෙන හරි පාර්ලිමේන්තු යන්න ඔන්ලයින් ජනතාවට සේවය කරන්න. ඕවා වෙනස් වෙන්නේ නැහැ... මේ රටේ මොන වීරයා බලයට ආවත්...
පාඨලීට නඩුදාපු අයම මේගොල්ලන්ටත් නඩුදායි. බයවෙන්න දෙයක් නැහැ.
රටේ යුක්තිය, නීතිය, සාධාරණය විනාශ කරපු දූෂිත බලලෝභී නායකයින් රජයන රටක මොනවා බලාපොරොත්තු වෙන්නද?
මට හිතාගන්න බැහැ මේ යාළුවාට කුඩා ළමයින් ඉන්නවා ඇති. ඔවුන්ට මොකක්ද වෙන්නේ? මේ කාලකණ්ණි සමාජයට මොකක්ද වෙලා තියෙන්නේ? දෙයියනේ... මේ අයට දඬුවම් දෙන්න.