IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වැඩකරන ජනතාවගේ ආදරය

රුසියාව රැක ගැනීමේ ලෙනින්ගේ අරගලය - 04

 

පැරණි කොමියුනිස්ට්වාදියෙකු වූ වී. ඒ. කර්පින්ස්කි මෙසේ ලිවීය. ව්ලැදිමීර් ඉල්යිච් ට අන්සෑම කෙනෙකුටම වඩා වෙනස් දුර්ලභ මනුෂ්‍ය ගුණාංග තිබුණි. ඒ ඔහුගේ අතිවිශේෂ කල්පනාකාරී බව ප්‍රතිචාර්යතාව උපක්‍රම සරල බව හා නිහතමානීකමයි. මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු වේවා, නැතිනම් සාමාන්‍ය පක්ෂ සාමාජිකයකු වේවා සිය සහෝදරයින් සමග සබඳතාවලදී පමණක් නොව උසස් තානාන්තරයක් දරන්නකු වේවා නැත්නම් කාර්යාල අමදින්නකු වේවා පොදුවේ සෑම මිනිසකු සමගම පැවති සබඳතාවලදී ඔහු තුළ මෙම ගුණාංග පැවතිනි.

 

වැඩ කරන ජනතාව ලෙනින්ට මහත් උණුසුම් ආදරයකින් සැලකූහ. වැඩ කරන ජනතාවගේ ශ්‍රේෂ්ඨ නායකයා වෙත දහස් ගණන් සුභපැතුම් දිනපතා ගලා ආවේය. කිනිත්සි නගරයෙහි ස්තොදොල් මෝලේ කම්කරුවෝ ලෙනින් වෙත ලිපියක් සහ තෑගි වශයෙන් සුළු රෙදි කෑල්ලක් ද එවූහ. ඔවුන්ගේ මෝල ලෙනින්ගේ නමින් නම් කළ බව සඳහන් කළ ඔවුහු ඔවුන්ගේ අතින්ම වියන ලද එම රෙද්දෙන් ඇඳුම් කට්ටලයක් මසා ගන්නා ලෙස දැක්වූහ. 


ඉමහත් සොම්නසකින් ලෙසින් මෙසේ ලිවීය. 


ආදරණීය සහෝදරවරුනි. 


ඔබේ සුබපැතුම් සහ තෑග්ග ගැන ඔබට මුළු හදින්ම ස්තූති කරමි. ඔබ මට කිසිම තෑග්ගක් එවිය යුතු නොවන බව රහසක් වශයෙන් ඔබට කියමි. මෙම රහස හැකි තරම් දුරට කම්කරුවන් අතර ප්‍රචාරය කරන ලෙස මම ඔබගෙන් ඉතා උවමනාවෙන් ඉල්ලා සිටිමි. 


කරුණාකර මගේ ස්තූතිය සුබපැතුම් සහ ප්‍රාර්ථනා පිළිගන්න. 


ඔබේ වී. උල්යාකොව් (ලෙනින්) 


1919 වසර මුලදී ඉවානොව් නමැති ගොවියෙක් ලෙනින් බැලීමට ආවේය. ආපසු නිවස බලා ගිය ඔහු වොලස්ට් විධායක කාරක සභාවේ රැස්වීමේදී වාර්තාවක් ඉදිරිපත් කළ ඔහු ලෙනින් විධායක කාරක සභාවේ ප්‍රතිපත්තිය පිළිගත් බවත් ඔහුගේ සුබපැතුම් හා හෘදයාංගම ස්තුතිය පිරිනැමූ බවත් සඳහන් කළේය. 


සෙසු කරුණු අතර, ලෙනින් වැඩ කළේ උණුසුම් නොකරන ලද කාමරයක බවත් ඔහු සඳහන් කළේය. මේ අනුව මිලිනවෝ වොලොස්ට් විධායක කාරක සභාව සිය වියදමෙන් ලෙනින්ට දර කරත්තයක් යැවීමටත්, අවශ්‍ය වේ නම් ඔහුගේ කන්තෝරු කාමරයේ යකඩ උදුනක් සවි කිරීමට කම්මල් වැඩකරුවකු යැවීමටත් යෝජනාවක් සම්මත කළේය. සිය නායකයා කෙරෙහි ජනතාව දැක් වූ සෙනෙහෙබර සැලකිල්ල මින් ප්‍රකාශ වේ. 


ලෙනින් රැස්වීම්වල කථා කරද්දී බොහෝ විට නව ජිවිතයක් ගොඩනගන ලෙස ජනතාවට කියා සිටියේය. එසේම එය කෙසේ කළ යුතු ද යන්න ඔහු ජනතාවට උගැන්වීය. ඔහු ලෝහ කම්කරුවන්ගේ හා මෝල් කම්කරුවන්ගේ රැස්වීම් ඇමතීය. ඔහු සරල බසින් අදාළ කරුණට අනුකූලව කථා කළේය. ඔහුගේ කතාවල ගැබ් වූ වැටහීමේ ශක්තිය සහ වැඩ කරන ජනතාවගේ බලය පිළිබඳ අචල විශ්වාසය මගින් ප්‍රෙක්ෂකයන් වසඟ කෙරිණ. තවත් කම්කරු පිරිසක් සමග ලෙනින් හමු වූ ඒ ඒ නිකිශින් නමැති බාකු හි ඛනිජ තෙල් කම්කරුවකු මෙසේ පැවසීය. 


අපි ක්‍රෙම්ලීනයෙන් පිට වූ පසු අපේ හැඟීම් සසඳා බැලීමට වීමු. ව්ලැදිමිර් ඉල්යීච් අසාමාන්‍ය දේවල් කතාකරාවියයි අපි සිතාගෙන සිටියෙමු. එහෙත් ඔහු ඉතාමත්ම සාමාන්‍ය දේවල් ඉතා සරල බසකින් කතා කළේය. ව්ලැදිමීර් ඉල්යිච් තම ජීවිතය ගත කළේ අප අතර බව පහසුවෙන් දැකිය හැකි විය. ඔහු අප සියලු දෙනා ගැන දැන සිටියේය. අපේ හැකියාවන් අධ්‍යයනය කර තිබුණි. අපේ අවහිරකම් ඇති අංශ ගැන දැන සිටියේය. ඒවා විවෘත ලෙස පෙන්වා දුන්නේය. ඔහුගේ අපූර්ව සරල බව සහ අසාමාන්‍ය සුහදතාව අප සියලු දෙනා මවිතයට පත් කළා. ඔහු සමග විනාඩි පහක් පමණ ගත කිරීමෙන් පසු අප ඔහුගේ පරණ මිත්‍රයන් සේ හැඟී ගිය අතර සම්පූර්ණ නිදහසක් අපට දැනුණා. කිසිම වෙහෙසක් ඇති වුණේ නෑ. සෑම දෙයක්ම සරල ස්වභාවික හා පහසු එකක් වුණා. කම්කරු පංතියේ නායකයා, ගුරුවරයා සහ මිත්‍රයා වූ ව්ලැදිමිර් ඉල්යිච් තුළ අයෙකු අගය කළ ලක්ෂණය වූයේ මෙම සරල බව සහ මෙම ළගන්නා ස්වභාවයයි. කම්කරුවෝ සහ ගොවීහු අපේ ඉල්යීච් යනුවෙන් ආදරයෙන් ඔහු ඇමතීය. 


ජනතාවගේ නිර්මාණ ශක්තිය පිළිබඳව ලෙනින් තුළ අසීිමිත විශ්වාසයන් තිබුණි. සෑම කොමියුනිස්ට්වාදියකු මෙන්ම, මාද, කම්කරුවන්ගේ සහ කම්කරු අරගලයේ අනිවාර්ය ජගත් ජයග්‍රහණය පිළිබඳව විශ්වාසය ඇති කර ගන්නේ කම්කරු පංතියේ සහ වෙහෙසී වැඩ කරන බහු ජනතාවගේ මෙම ස්ථාවරභාවයෙනැයි ඔහු ලිවීය. සාමාන්‍ය කම්කරුවන් සහ ගොවීන් විශාල වශයෙන් පක්ෂය තුළට රජයට සහ වෘත්තිය සමිති වැඩ කටයුතුවලට සම්බන්ධ වනු දැකීමට ඔහුට උවමනා විය. කාන්තාවන් පොදු වැඩ කටයුතු වලට සම්බන්ධ කර ගැනීමට බලවත් උවමනාවක් ඔහු තුළ තිබුණි. දස ලක්ෂ ගණන් කාන්තාවන්ගේ පොදු ජීවිතයකට සහභාගී වන විට සමාජවාදය ගොඩනැගීමේ කාර්යභාරයට ශක්තිමත් පදනමක් වැටෙනු ඇතැයි ඔහු කීය. ඔහු නිතරම පාහේ කම්කරු කාන්තාවන්ගේ හා ගෙවිලියන්ගේ රැස්වීම් ඇමතීය. ඔවුන්ට ධනවාදී සමාජයේ වැඩ කරන කාන්තාවන්ගේ පීඩිත සහ නින්දා සහගත තත්ත්වය පිළිබඳව කියා දුන්නේය. 


සෝවියට් බලය කාන්තාවන් සඳහා කෙටි කාලයකින් කර ඇති වැඩ ප්‍රමාණය ලෝකයේ සියලුම ධනේශ්වර සමූහාණ්ඩු අවුරුදු සියයක් තුළ කර ඇති වැඩ ප්‍රමාණයට වඩා වැඩි යයි පෙන්වා දුන් ඔහු සමාජවාදී රාජ්‍යය ආරක්ෂා කිරීමට හා ගොඩනැගීමට ක්‍රියාකාරි ලෙස සහභාගී වන ලෙස කාන්තාවන් උනන්දු කළේය. 


එක් අවස්ථාවක ස්වොර්චෙස්ත්වො සඟරාව ගැන සමාලෝචනයක යෙදෙමින් ලෙනින් තමාගෙන් විමසූ කරුණක් ගත්කතුවරයකු වූ ඒ. සෙරපිමෝචිච් සිහියට නගයි. 


“එහෙත් මට මේ කාරණය කියන්න. සෝවියට් කාන්තාව ගැන ගෙවිලිය ගැන ඔබට කීමට යමක් නැත්තේ ඇයි? කොහොමටත් අලුත් යළි සකස් කළ රාජ්‍යයේ සමාජවාදී රාජ්‍යයේ අද විශාල මෙහෙයක් ඉටු කරනවා. 
පළමු වතාවට, රජයේ කටයුතුවල පුළුල් කරළියට අද පානගමින් සිටිනවා. බලන්න අපේ කාන්තාවන්, ගම්වල පවා ඉගෙන ගන්න, අධ්‍යාපනයක් ලබාගන්න කොයි තරම් උනන්දුවක් දක්වනවාද කියා. තව අවුරුදු ගණනකින් අපට අපේ කාන්තා දොස්තරවරියන්, ශස්‍ය විද්‍යාඥවරියන්, කාන්තා ඉංජිනේරුවන්, කාන්තා විද්‍යාඥයන් සහ කාන්තා රාජ්‍ය පාලිකාවන් බිහි වෙනවා ඇති” ඔහු මඳ වේලාවක් නිහඬව කල්පනාවේ නිමග්නව සිට යළිත් කථාව ඇරඹීය. “අපි අපේ කාන්තාවන් ගැන ලියන්න ඕනෑ. අපේ ජීවිතයේ ප්‍රගතිය විශාල වශයෙන් ඔවුන් මත රඳා පවතිනවා.”

 

 


එම්. තාරික්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි

 



අදහස් (0)

වැඩකරන ජනතාවගේ ආදරය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31320 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13532 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site