IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


“මම රට බෙදන්නේ නෑ”

 

“මට බය වෙන්න එපා: ඇමරිකාව දෙකඩ වෙන්න මම ඉඩ තියන්නේ නෑ..... මේ ලෝකෙට ලොක්කා වූ අමෙරිකානු ජනාධිපතිවරයාවූ ට්‍රම්ප්ගේ හඬයි. ට්‍රම්ප් අරුම පුදුම චරිතයක් බව ලෝකයටම ඒත්තු ගැන්වූ ප්‍රථම අවස්ථාව හරියටම එළැඹියේ ට්‍රම්ප් ඉකුත් ජනවාරි මාසයේ දී ලබා ගත් ජයග්‍රහණයත් සමගය. එතෙක් ඔහුගේ හරිම විදිය ලෝකයාට ඒත්තු ගැන්වූණේ නැත.


ඇමෙරිකාව දෙකඩ වීමට ඉඩ නොදෙන බව ඔහු මුලින්ම කිව්වේ ජයග්‍රහණයෙන් පසු රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප් පළමු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවට එක්වෙමිනි. සම්මුඛ සාකච්ඡාව පැවැත්වූයේ, පැයක කාලයකට සීමාව වූ ඇමෙරිකාවේ අතිශයින් ජනප්‍රිය ‘60 මිනිට්ස්’ සංවාදාත්මක වැඩසටහන හරහාය. මෙම වැඩසටහන මෙහෙයවූයේ ඇමෙරිකාවේ මාධ්‍යවේදිනීයක වන ලෙස්ලි ස්තාල්ය. 


ඇය සෘජුව ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න ඇසූ අතර, ට්‍රම්ප් සෘජුව ඒවාට පිළිතුරු ලබා දුන්නේය. වැඩසටහන පැවැත්වූයේ නිව්යෝක් නුවර, ට්‍රම්ප්ට අයත් ‘ට්‍රම්ප් කුලුන’ ගොඩනැගිල්ලේ ට්‍රම්ප් පදිංචි සැප නවාතැන් කාමරයේ සිටය. මාධ්‍යවේදිනිය ට්‍රම්ප්ට විරුද්ධව, පරාජයට පත් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවත්වන විරෝධතා සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී, ට්‍රම්ප් ඉල්ලා සිටියේ එම විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා වහා නවත්වන ලෙසය.


ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ඩිමොක්‍රටික් පක්ෂයට හිතවත් කළු ජාතික සහ ලතින් ඇමෙරිකා ඇමෙරිකානුවන්ට පහර දෙනවා යැයි ලෙස්ලි ස්තාල් පැවැසූ අවස්ථාවේදී ට්‍රම්ප් තම ආධාරකරුවන් ආමන්ත්‍රණය කරමින් කියා සිටියේ එම පහරදීම් සහ කෙනෙහෙලිකම් වහා නවත්වන්න යනුවෙනි. එසේ නොකළහොත්, එක්සත් ඇමෙරිකාවක් කරා තමන්ට රට මෙහෙයවන්න නොහැකි වනු ඇතැයි ද ට්‍රම්ප් පැවැසීය.


බොහෝ ඇමෙරිකානුවන් විශේෂයෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ට්‍රම්ප්ට දැඩි බියක් දක්වනවා යැයි ලෙස්ලි ස්තාල් පැවැසූ අතර, ඒ සම්බන්ධයෙන් ද ට්‍රම්ප්ගෙන් අදහස් විමසුවේය.


‘මට බය මං කවුරුදැයි නොදන්නා අයයි. මං පැවැසූ බොහෝ දේවල් බොහෝ අය වැරදියට අවබෝධ කරගෙන ඉන්නවා. මට බය වෙන්න එපා. මං කරන දේවල් ගැන බය වෙන්න එපා. මං කවුරුදැයි හොඳින් වැටහුණාම ඒ බය නැතිවේවි.’ ට්‍රම්ප් එහිදී කියා සිටියේය.


ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කරමින් තවමත් ඇමෙරිකාවේ ප්‍රධාන නගරවල විරෝධතා පැවැත්වෙයි. එම විරෝධතා සංවිධානය කරනු ලබන්නේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් විසිනි. ජනපති ධුරයට තේරුණු අපේක්ෂකයකු මුල්කොට ගනිමින්, විරෝධතා හටගත්තේ ඇමෙරිකා ඉතිහාසයේ පළමු වරටය. බොහෝ දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත්තේ ට්‍රම්ප් ලැබූ ජයග්‍රහණයෙන් ඇමෙරිකාව දෙකඩ වුණු බවය.


ලෙස්ලි ස්තාල්, ‘ගබ්සා නීති’, ‘සම ලිංගික විවාහ’ ගැන ට්‍රම්ප්ගෙන් අදහස් විමසූ අතර, ඒ සම්බන්ධයෙන් ජනපතිවරණයට පෙර පැවැති රැලිවලදී තමා කී අයුරින් කටයුතු කරන බව ට්‍රම්ප් පැවැසීය.


ජනපති රැලිවලදී පොරොන්දු වුණු විදියට, විශේෂ නීතිපතිවරයකු පත්කර, ඊ මේල් අවභාවිත කළ බවට චෝදනා ලැබ සිටින, ජනපතිවරණයේ  ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගන්නවාදැයි ස්තාල් ට්‍රම්ප්ගෙන් විමසුවාය.


‘හිලරි ක්ලින්ටන් වැරැදි කළා. එහෙත් ඔවුන් හොඳ අය. ඔවුන්ට රිදවීමට අවශ්‍යතාවක් නැහැ. මගේ ආධාරකරුවන් ඉල්ලන්නේ ඇය හිරේ දමන්න කියලයි. ඒත් තවම ඒ ගැන අදහසක් නැහැ. මට අර්බුද රැසකට මුහුණ දෙන්න තියෙනවා. ඒ හින්දා හිලරි ක්ලින්ටන්ට වැඩි අවධානයක් දෙන්න පුළුවන්කමක් නැහැ. හිලරිට දඬුවම් දෙනවා ද නැද්ද කියලා මං ඉදිරියේ දී නිසැකවම කියන්නම්. දැන්ම ඒ ගැන කියන්න විදියක් නැහැ.’ යැයි ට්‍රම්ප් පිළිතුරු දුන්නේය.


තමා ජනපති වුණොත් අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය මුලිනුපුටා දමනවා යැයි ට්‍රම්ප් පවසා ඇත. එය සිදුවන්නේ කෙසේදැයි මාධ්‍යවේදිනී ලෙස්ලි ස්තාල් විමසා සිටියාය. එහිදී ට්‍රම්ප් කියා සිටියේ එය කෙසේ සිදුවේවිදැයි තමන්ට ප්‍රසිද්ධියේ කිසිවක් කිව නොහැකි බවත්, තමා දුන් එම පොරොන්දුව ඉටු කරන බවත්ය.


මෙක්සිකෝවත් ඇමෙරිකාවත් අතර දේශසීමාවේ තාප්පයක් ඉදිකරමින්, අනවසර සංක්‍රමණිකයන් පැමිණීම වළක්වන බව ද ට්‍රම්ප් පවසා තිබුණි. ඒ සම්බන්ධයෙන් විමසූ  අවස්ථාවේදී ට්‍රම්ප් මෙසේ පැවැසීය. ‘තාප්පය ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා. තාප්පය ඇතැම් තැන්වලදී කටු කම්බි වැටක් වෙන්න පුළුවන්. දේශසීමාව දිගටම තාප්පයක් ඉදිකිරීම ඇතැම් ස්ථානවලදී ප්‍රයෝගික නැහැ. කොහොම වුණත් නීතිවිරෝධීව ඇමෙරිකාවේ ඉන්න සංක්‍රමණිකයන් ආපසු මෙක්සිකෝවට යවනවා. අපරාධවලට සම්බන්ධව චෝදනා ලැබ සිටිනවා නම් ඔවුන්වත් ආපසු යවනවා. ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණේ ඉදි කෙරෙන මෙම තාප්පය වෙනුවෙන් මෙක්සිකෝවෙන් මුදල් අය කර ගන්නා බවය.


ජනාධිපති වැටුප නොගන්නා බව ට්‍රම්ප් පවසා ඇති අතර ඒ ගැන ද ලෙස්ලි ස්තාල් විමසීමක් කළාය. ‘ඇත්ත. මං කී විදියට ජනපති වැටුප ලෙස මට ලැබෙන ඇමෙරිකන් ඩොලර් 400,000 ක මුදල මං බාර ගන්නේ නැහැ. ඒත් ඇමෙරිකාවේ නීතියට අනුව, සියල්ල ප්‍රතික්ෂේප කරන්න මට බැහැ. මුළු වැටුපම නොගත්තත් නෛතිකව එක් වසරකට මට එක ඇමෙරිකන් ඩොලරයක් ලබා ගන්න සිද්ධ වෙනවා. යැයි ට්‍රම්ප් පැහැදිලි කළේය.


මේ අරුම පුදුම ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අරුම පුදුම අදහස් දැක්වීම් වලින් තවත් වසර තුනහමාරක් පමණ කාලයක් අපට අරුම පුදුම කතන්දර ඇසීමට සිදුවනු ඇත.

තිළිණි ද සිල්වා



අදහස් (0)

“මම රට බෙදන්නේ නෑ”

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31211 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13374 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10971 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 74 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 906 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 272 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site