IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


පරාජය පරාද කළ මිනිසා

 

දොර වැසුණි. ලී කොරිඩෝවේ සිටගෙන සිටියේය. පැයකට පමණ පසු එහි පැමිණි ජියැන්ග්ගේ වෛද්‍යවරයා, ජියැන්ග් නින්දට වැටි සිටින නිසා ඇය නින්දෙන් අවදිවෙන විට එන ලෙස කියා එතැනින් යන ලෙසට ලී ට හෙමිහිට පැවසුවේය. නමුත් ලී  මුරණ්ඩු ලෙස එය ප්‍රතික්ෂේප කළේය. වෛද්‍යවරයා ගුවැන්ග් ඩොන්ග් පළාත් මහජන ආරක්ෂක ඒකකයේ අධ්‍යක්ෂ සූ හොන්හුවා මෙය සමාදානකිරිමේ මැදිහත්කරු ලෙස යොදා ගත්තේය. ජියැන්ග් තරහින් සිටින අවස්ථාවේදී මේ කාරණය අල්ලාදාන්න කියා ඇයට කීමට පුළුවන්වේයැයි සු විශ්වාස නොකළ නිසා ජියැන්ග්ගෙන් සමාව ගන්නට කැමතිදැයි ඔහු ලී ගෙන් ඇසුවේය. කාඞ් සෙල්ලමේදි සිදුවූ වැරදීමක් වුවත් සමාව ගතයුතු තරමේ කාරණයක් නොවුණ නිසා එසේ කිරීම ලී ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට ජියැන්ග් නින්දෙන් අවදිවන තුරු ඔහු කොරිඩෝවේ සිටගෙන සිටියේය.


එහෙත් මේ හරහා ලී තුළ මතුකළේ ගැඹුරු වේදනාවකි. ඒ වේදනාවට ඔහු ඇඬුවේය. දුර සිටි ඔහු දුරකථන ඇමතුමක් ගෙන මට මේ ගැන කීවේය. සිදුවී ඇති දේ කුමක්දැයි යන්න ගැන මගෙන් අසා දැනගත් මාවෝ බොහෙවින් අසතුටට පත්විය. මද නිහැඬියාවකට පසු ඔහු සෝබර සුසුමක් හෙළා රවාගෙන මෙසේ කීවේය. “මා වෙනුවෙන් ලී ට විඳවන්නවීම ගැන මට කනගාටුයි. ඔහුට කතාකරලා කියන්න ජියැන්ග්ගෙන් ඈත්වෙලා ඉන්න කියලා. ඔහුට එයාගේ තරහා දරාගන්න බැරිනම් අඩු තරමේ ඇගෙන් ඈත් වෙලාවත් ඉන්න පු`එවන්වෙන්න ඕනැ. ඇය වටා කිසිවෙක් නැතිවුණු දාට ඇගේ බලය පෙන්වන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.”


එදින සවස ලී, ගුවැන්සු වෙතින් පිටත්වි දුම්රියෙන් බීජිං කරා ගියේය. ලී දුටු මාවෝ මෙසේ කිවේය. “ජියැන්ග් කුයින්ග් කෝපයෙන් තමන්ට කඩා පැන්න එක ගැන මට හරි කනගාටුයි. ඒ ගැන ලොකුවට හිතන්න එපා. එයා හොඳ සිහියෙන් ඉන්න කෙනෙක් නෙවෙයි. ඒක අමතක කරලා දාන්න.” ජියැන්ග්ගෙන් කාටවත් බේරෙන්නට බැරි නිසා “මා වෙනුවෙන් ඒවා ගණන් ගන්න එපා” යැයි මාවෝ පෞද්ගලික ආරක්ෂකයින් හැමකෙනෙකුටම පැවසුවේය.


එසේ පැවසුවද මාවෝ ඒවා ගණන් ගත්තේය. ජියැන්ග් මග හැර සිටීමට ඔහු පුරුදුවිය. මේ යුවළගේ විවාහ ජීවිතය එසේ විය. ඔවුන් දෙදෙනා ආහාර ගත්තේ, නිදා ගත්තේ, වැඩ කළේ වෙන වෙනමය. අඩුතරමේ ඔවුන් එකට විනෝදයෙන් ගත කළ එකම සන්ධ්‍යාවක්වත් නොවීය. මගේ අලුත් රැකියාවට මා ටියැන්ග්ජින් කරා යන විටත් ඔවුන් අතර ලොකු ආදර සබඳතාවක් නොපැවතුණි.
“ජියැන්ග් කුයින්ග් තරහින් ඔයාලට කෑ ගැසුවොත් මා වෙනුවෙන් ඒක ගණන් නොගෙන ඉන්න.”මාවෝ බොහෝ අවස්ථාවල අප පෞද්ගලික ආරක්ෂකයින්ට කිවේය. නමුත් ඔහුගේ බිරිඳ හා ඔහුගේ ආරක්ෂකයින් අතර ආරෝවක් ඇතිවු විට එය විසඳීමේ වගකීම පැවරුණේ පවුලේ ප්‍රධානියා වු ඔහු වෙතටය. දෙපැත්තම බේරාගෙන විසඳුමක් ඉදිරිපත් කිරීම ඔහුට අපහසු කාර්යයක් විය.


මා සහ ජියැන්ග් අතර ආරෝවන් සාමාන්‍ය දේවල් වුවද ඒවා එතරම් ගතයුතු දේවල් නොවිණි. එහෙත් දෙවතාවකදි පමණක් අප අතර ගැටුම්කාරි තත්ත්වයක්, නැතහොත් බරපතළ ගැටුම්කාරි තත්ත්වයක් මතුවිය. ඒවා කාඞ් සෙල්ලම් කිරීමේදි සුළු කරුණු හේතු කරගෙන වර්ධනය වු දේවල්ය.


1950 සහ 1960 වසරේ මුල් කාලයේදී මාවෝ ජියැන්ග් දේශපාලන කටයුතුවලින් ඈත් කර තිබීම නිසා ඇයට වැඩි වැඩක් තිබුණේ නැත. ඇය තම කාලය ගත කළේ කාඞ් සෙල්ලම් කිරීමෙනි. සෙල්ලම් කිරීමේදි මාවෝ මෙන් නොව ජියැන්ග් පරාජයේදී බෙහෙවින්ම කෝපයට පත්වූවාය. මාවෝ කාඞ් සෙල්ම් කළේ කලාතුරකිනි. ඉඳහිට වරක් ඔහු කාඞ් සෙල්ලමේ යෙදුන විට පවා බොහෝවිට පරාජයට පත්විය.


ඔහු පරාජය ගැන එතරම් තැකීමක් නොකළේය. නමුත් ඔහුගේ ප්‍රතිවාදියා ඔහුට බුරුලක් දී සෙල්ලම් කළහොත් මාවෝ ඊට කැමති නොවිය. ප්‍රතිවාදියා උනන්දුවෙන් සෙල්ලම් කරද්දී තමන් පරාජයට පත්වන බැව් මාවෝ ට දැනුණු විට දිගු සුසුමක් හෙළා ඔහු පරාජය බාර ගත්තේය. එමගින් පරාජයේ දුර්ලභ අත්දැකිම් විඳගැනීමට ඔහුට හැකිවිය. ජිවිතය වඩාත් හොඳින් ගතකිරීමට ඔහුට එය ඉමහත් පිටිවහලක් විය.

ආරියනන්ද දොඹගහවත්ත



අදහස් (0)

පරාජය පරාද කළ මිනිසා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 174 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1115 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site