සුර්ය බලයෙන් ක්රියාත්මක වන සෝලා ඉම්පල්ස් දෙක නම් යානය එහි 10 වැනි පරීක්ෂණ අදියර සම්පුර්ණ කරමින් ඇමෙරිකාවේ ඇරිසෝනා ප්රදේශයට ඵඟා විය.
2015 මාර්තු මස ඩුබායි සිට ගමන් ඇරඹු එම යානය නිපදවා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ඉංජිනේරුවන් පිරිසක් විසිනි.
එම යානය නිපදවීමට පෙර 2009 දී සෝලා ඉම්පල්ස් 1 නමින් යානයක් නිපදවූ අතර එම යානයේ ගුවන් කාලය වර්ධනය කරමින් තවත් පහසුකම් එක කරමින් මෙම යානය 2014 වසරේදී නිපදවීම් අවසන් කෙරිණි.
එම යානය සම්පුර්ණයෙන් හිරු එළියෙන් ක්රියාත්මක වන අතර තෙල් බින්දුවක්වත් ඉන්ධන ලෙස යොදා ගැනෙන්නේ නැත.
මීට පෙර එම යානය ආසියාවේ රටවල් හරහා ද පියාසර කෙරුණු බව සදහන්ය. මෙම යානය අනාගතයේදී බොහෝ ලෙස උපකාරී වෙන බව විචාරකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම වැදගත් පුවතක්! (නි)
නියමයි.(හේ)
ලංකාවට සුර්ය බලයෙන් දුවන් කාර් හැදුවනම් හරි ,එකනම් අපිට නොඅඩුව ලැබෙන නිසා ...... එත් ප්රශ්නේ තියෙන්නේ ඊට පස්සේ ඒකටත් ඉර දිහා බලන්න එපා වෙන්න ටැක්ස් දාවිද දන්නේ නැහැ... (ර)
මට නම් මතක්වුණේ අපේ මහා රාවණා රජතුමාව (නි)