අන්තර්ජාල සේවා ලබාගැනීමේ නවතම තාක්ෂණික ක්‍රමවේදයක් අත්හදා බලමින් සිටින බව අන්තර්ජාල වාර්තා පවසයි. මෙම සේවාව ලයි-ෆයි යනුවෙන් නම් කර ඇත.
වයි-ෆයි නමින් දැනට පවතින රැහැන් රහිත අන්තර්ජාල සේවාවට වඩා සිය ගුණයක් වේගවත් ලයි-ෆයි ක්රමයද රැහැන් රහිත අන්තර්ජාල පහසුකම් ලබාදෙන සේවාවකි.
තත්පරයකට ගිගා බයිට් 1 ක ධාරිතාවයකින් යුතු වේගවත් අන්තර්ජාල සේවාවක් ලබාදෙන බව කියන ලයි-ෆයි තාක්ෂණය ස්කොට්ලන්තයේ එඩින්බර්ග් සරසවියේ මහාචාර්ය හැරල්ඩ් ලෑස් 2011 වසරේදී මුල්වරට හඳුන්වාදී ඇත.
මහාචාර්ය ලෑස් සිදුකළ අත්හදා බැලීමකදී එක් එල්ඊඩී බල්බයකින් නිකුත් වන ආලෝකය ආධාරයෙන් සෙලියුලර් කුලුණකින් පිට කරන දත්තවලට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් හුවමාරු කළ හැකි බවද සොයාගෙන ඇත.
විද්‍යාගාරය තුළ කළ පරීක්ෂණ මගින් සෑම තත්පරයකදීම ගිගා බයිට් 1.5 ක ධාරිතාවයකින් යුතු චිත්‍රපට 18 ක් බාගත කැරගත හැකි ලෙස මෙහි වේගය ඇතැයි මහාචාර්යවරයා කියයි.
ලයි-ෆයි ක්‍රමය දෘෂ්‍ය ආලෝක සන්නිවේදනය යොදා ගනිමින් සිදුකරන මෝස් කේත ක්‍රමයකට සමාන බවත් පියවි ඇසට හසු නොවන වේගයකින් මෙය ක්‍රියාත්මක වන බවත් ඔහු සඳහන් කරයි.
නමුත් දෘෂ්‍ය ආලෝකය විනිවිද නොයන බිත්ති හරහා සහ දැඩි හිරු එළිය පවතින එළිමහනේ මෙම ක්‍රමවේදය අසාර්ථකවීමද එහි ඇති අවාසිදායක තත්ත්වයකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉමේෂ්ගේ කතාව හරි. අපි ඉන්න ඕන විදියට හිටිය නම් අපේ ළමා පරපුර මීට වඩා ආරක්ෂා වෙනවා. අලුත් දේවල් එන කොට විනාශය ඉක්මන් වෙනවා.(හේ)
වයි-ෆයි යනු මිට වසර 2500 කට කලින් භාවිතා කල ප්‍රාථමික ජාල සැකසුම් ක්‍රමයක්. (ස)
අපි කොහොමද මේ පහසුකම ලබන්නේ? (බ)
එහෙම ආවොත් සුපිරි තමයි (නි)
මේ වයි-ෆයි, ලයි-ෆයි නිසා කුරුල්ලෙකුට ලැගලා ඉන්න ටැලිෆෝන් කම්බියක්වත් හොයාගන්න ලැබෙන්නේ නැහැ (නි)
මම දන්න තරමින් දකුනු ආසියා කලාපයේ ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණය අතින් දියුනුයි. ඉන්දියාවේ වෙලඳ නගරය වන මුම්බායි හි වත් ගොඩනැගිල්ලක් තුල දුරකථන ඇමතුමක් ගන්න සංඥා නැති තැන් ඕනි තරම් තියෙනවා. (අ)
මම 3ජී සිග්නල් දෙකක් හොයාගන්න දුරකථනයත් අරගෙන ගේ වටේ කැරකෙනවා. මෙයාලා වයිෆයි පරදන්න කතාකරනවා (නි)
මේ ක්‍රමය ආවොත් බොරු කීම වැඩිවේවි. ඇයි 'ලයි' කියන්නේ බොරුනේ. (නි)
ලයි - ෆයි පිළිබඳ ඇමැති දන්නවාද ? (බ)
අනේ ලංකාවට නම් එපා. ඒකටත් ඇමති කෙනෙක් පත්කරයි. (නි)
මේ ක්‍රමය ලංකාවට එන කොට තවත් අවුරුදු ගානක් යයි.(හේ)
ඕක ලංකාවට එනකොට 3000 විතර වේවි. තම ලංකාවේ වයි ෆයි හදනවනේ.ලංකාවේ අන්තර්ජාල පහසුකම සීරෝ වලනේ.(හේ)
ඉමේෂ්ගේ කටේ මසුරන් දන්න වටිනවා (ම)
අලුත් තාක්ෂණයක් එනවා නම් හොන්දයි දැන් තියෙන තරංග අපිව ලෙඩ කරනවා. (ර)
ඉමේෂ්, ඔයාගේ හරි නමින්ම අදහස් පල කරන්නකෝ... (ර)
අලුත් සොයාගැනීම්... (නි)
ලංකාවේ දැනට පවතින අන්තර්ජාල ගැන කුමට කතා ...? (නි)
ලංකාව කියන්නේ අවුරුදු 2500ක ප්‍රෞඪ ඉතිහාසයක් තිබෙන මහා තේජවන්ත මිනිස්සු ඉන්න රටක්. ඒකට ඔය අලුත් දේවල් වැඩක් නැහැ. ඒකේ ඉන්න මිනිසුන්ට තිබෙන අවුරුදු 2500ක ඉතිහාසයම ඇති. (නි)
චන්නගේ කතාව හරියටම හරි. ඔය මොන තාක්ෂණය ආවත් ලංකාවට වැඩක් නැහැ. ලෝකෙටම හරියන තාක්ෂණය දෙන්න වැඩකාරයෝ ලංකාවේ ඉන්නවා. ඒ වුණාට ලෝකෙටම එපාවූ තාක්ෂණය ලංකාවට ගෙනෙන්න වලිකන අයත් ඉන්නේ ලංකාවේ (නි)
ඔය මොනවා තිබුණත් ලංකාවේ තවමත් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න බැහැනේ හරියකට (නි)
ඒක තමයි අනේ මාත් මේ බැලුවේ ඉස්සරහට තව මොන මොනවා එයිද කියලා (නි)
අනේ මන්දා තව ඉස්සරහට තව මොනවා එයිද කියලා (නි)
අපිට හරියන්නේ ඩිජිටල් කියල නොදන්නා ඇමති කෙනෙක් ඉන්න රටකට හරියන දෙයක් විතරයි. (ස)
උපුල් තරංග ගැනද කිවේ (ම)
තරංග ගැන සමහරුන්ගේ තියෙන්නේ හුඹස් බියක් (රේ)