කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස කසළ පිළිස්සීමේ යන්ත්‍රයක් හඳුන්වාදුන් කොළොන්නාව, මීතොටමුල්ල ආර්.ඒ. සරත් තිලකසිරි විසින් ගෘහස්ථ වශයෙන් භාවිත කළ හැකි කසළ පිළිස්සීමේ නව යන්ත්‍රයක් නිර්මාණය කර තිබේ.
කිලෝ පනහක පමණ කසළ තොගයක් මෙම යන්ත්‍රයෙන් පිළිස්සිය හැකිවන අතර ඉන් පිටවෙන දුම ජල පෙරනයක් හරහා පිරිසුදු කර පරිසරයට හානි නොවන අයුරින් නිදහස් කෙරේ. පිළිස්සීමෙන් අනතුරුව ඉතිරිවන අළු ගොතටුව ‘ඔසු පරිසර පදනම’ හා එක්ව කාබනික පොහොර බවට පත්කෙරේ.
වසර 2 ක කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව මෙය නිර්මාණය කළ තිලකසිරි වෘත්තීයෙන් වඩු කාර්මිකයෙකි. මෙම යන්ත්‍රයේ සක්‍යතාව අනුව දිනකට කසළ ටොන් 10 ක් පමණ පිළිස්සීමට හැකියාවැති යන්ත්‍රයක සැලසුමක්ද මීට පෙර ඔහු විසින් ඉදිරිපත් කළේය.
‘‘පසුගිය කාලයේ කසළ නිසා විවිධාකර ප්‍රශ්නවලට මුහුණදීමට ජනතාවට සිදුවුණා. විවිධ රෝග, නිවාස ගැටලූ ඇතුළු ප්‍රශ්න රාශියකට ජනතාව මුහුණ දුන්නා. මේ කසළ ගැටලූව මගේ ඔලූවට තදින්ම කාවැදුණා. මම හිතුවා කසළ පුළුස්සන්න පුළුවන් නම් අපට ප්රශ්නය ජයගන්න පුළුවන් කියලා. ඒ අනුව මම මුලින්ම කිලෝ පහක් පමණක් දමන්නට හැකිවන කුඩා යන්ත්‍රයක් නිපදවූවා. එය ඉතා සාර්ථක වුණා. ඒ අනුව මම ගොතටුව ‘ඔසු පරිසර පදනමේ’ අධ්යක්ෂ ඔලිවර් සරත් කුලරත්න මහත්මයත් එක්ක මේ නිර්මාණය ගැන සාකච්ඡා කරලා ඉන් බැහරව යන අළුවලින් කාබනික පොහොර නිපදවීමට සැලසුම් සකස්කළා‘
‘ගොම පොහොර, කුකුළු පොහොර, එළු පොහොරවලට මෙම යන්ත්‍රයෙන් පිිළිස්සී බැහැර කෙරෙන අළු නියමිත පරිදි සම්මිශ්‍රණය කරලා කාබනික පොහොර නිපදවීමට ‘ඔසු පරිසර පදනම’ මා සමඟ එකඟ වුණා. ඒ අනුව මෙම යන්ත්‍රය ගෘහස්ථ වශයෙන් භාවිත කරන පුද්ගලයන්ගේ පිළිස්සී ඉතිරිවන අළු ඔවුන්ගෙන් අපි මිලදී ගන්නවා. එම අළුවලින් නිපදවන කාබනික පොහොර වගාවලට යෙදවීමෙන් පරිසර හිතකාමී වස විසවලින් තොර ඵලදාවක් ලබාගන්න පුළුවන්. එම එළවළු, පලතුරු ආහාරයට ගැනීමෙන් බොහෝ රෝගාබාධ වළක්වා ගන්නත් හැකි වෙනවා‘
‘හෝටල් ආශි‍්‍රව බැහැර කෙරෙන රයිස්, කොත්තු, ආප්ප, සහ බැදුම් වර්ග පිළිස්සීම සඳහාද විශේෂිත යන්ත්‍රයක් මේවන විට මා නිර්මාණය කරගෙන යනවා. එම යන්ත්‍රයේ ඇති උදුනෙන් ඉවුම් පිහුම් කටයුතු සිදුකිරීමට හැකිවන අතර අනෙක් පැත්තෙන් කසළ පිළිස්සීමද සිදුකෙරෙනවා. අප විසින් බැහැර කෙරෙන කසළ අප විසින්ම ප්‍රයෝජනවත් පරිදි පුළුස්සා පොහොර බවට පත්කිරීමෙන් විශාල ජනතා ගැටලූවක් වන කසළ මෙරටින් තුරන් කිරීමට අපට හැකිවෙනවා. මේ වෙනුවෙන් සහයෝගය ලබාදිය හැකි අයෙක් වෙතොත් 0722 272 93 91 දුරකතන අංකය ඔස්සේ කතා කරන්න පුළුවන්’ යැයි සරත් තිලකසිරි පැවැසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යපාල වගේ මේ රටේ මොකක්හරි හැදුවොත් එ්ක වැඩක් නැහැ කියන අයත් ඉන්නවා. ඕක පිටරටකින් අාවා නම් නියමයි කියලා බදාගනියි. මෙහෙමත් කුහකයෝ (නි)
හොඳ උත්සාහයක් (නි)
සත්‍යපාල හරි. දහනය මඟින් පරිසර උෂ්ණත්වය ඉහළ යනවා. හරිතාගාර වායු පිටවෙනවා. ප්‍රතිචක්‍රීකරණය කිරීම තමා හරි අනික ගොම කුකුළු, එළු පොහොර, කාබනික පොහොර කිරීම අපරාදයක් කෙලින්ම පැල වලට යොදන්න පුළුවන් (ර)
මහතාණෙනි, ඔබේ සුපිරි වැඩේට මගේ හිස නමා ආචාර කරමි. (ර)
සත්‍යපාල සහ බන්දුල දෙන්නම මුලින්ම ලිපිය සම්පුර්ණයෙන් කියවලා අවබෝධ කරගෙන අදහස් දැම්මා නම් නේද හොඳ. හැමදේටම බුරන්නේ නැතුව (නි)
මේ වැදගත් නිෂ්පාදනයේ නිර්මාතෘ තරුණ මහතාට ධෛර්ය දීමක් වශයෙන් ඔහුට වාණිජ අයිතිවාසිකම රැකෙන පේටන් සහතිකයක් ලබාදීමට ඉදිරිපත් වෙන්න ඇමති කෙනෙක් තවමත් ලංකාවේ ඉපදී නැද්ද? (නි)
හොඳ වැඩක් (ම)
මේවා කාලෝචිත නිෂ්පාදන. මෙවැනි දේ නිර්මාණය කිරීමට හැකියාව පිහිටන දක්ෂ තරුණ පරම්පරාවට සෑම ආශීර්වාදයක්ම පිරිනැමීම සුදුසුයි. (නි)
මේ හොඳ වැඩක්.(හේ)
හොඳ වැඩක් අගනෙයි (ම)
සුපිරි වැඩක්! (නි)
බොහෝ රටවල කුනි කසල දහනය කරනවා පමණක් නොව එමගින් විදුලිය ජනනය කරනවා. මෙම යන්ත්‍රයද එවැනි තත්වයට දියුණු කළ හැකි යැයි කිසි සැකයක් නැහැ. මම සේවය කළ සමාගම එවැනි යන්ත්‍ර නිපදවනවා. කුණු කසල දහනයේදී අපට ඇති වූ විශාලම අභියෝගය වුනේ වාතයට එක්වන විෂ වායු වැළැක්වීම හෝ ඉතාම අවම කිරීමයි. (බ)
දැන් මෙතන දහනය කරන්නේ මොනවාද? පොලිතීන් ආදී දිරාපත් නොවන දේවල්ද ? එතකොට පොලිතීන් දහනයෙන් ඉතිරි වන අළු, කාබනික පොහොර වලට මිශ්‍ර කළ හැකිද? මෙයින් පිටවන තාපය කොප්පරා වියලීම ( නිවසක නම් තෙත දර වියළා ගැනීමට) වැනි අවශ්‍යතාවයකට යොදා ගන්නවා නම් තවත් හොඳයි. ඔබගේ ප්රයත්නය අති අනර්ඝයි. (බ)
ගොම පොහොර, කුකුළු පොහොර, එළු පොහොර වලට මෙම යන්ත්‍රයෙන් පිිළිස්සී බැහැර කෙරෙන අළු නියමිත පරිදි සම්මිශ්‍රණය කරලා කාබනික පොහොර නිපදවීමට ‘ඔසු පරිසර පදනම’ මා සමඟ එකඟ වුණා. මේක කියවලා තේරුම් ගන්න බැරි අයත් ඉන්නවා. ඒ අතින් මේ වඩු මහත්මයා නියමයි (නි)
සත්‍යපාල, ලිපිය නැවත වරක් කියෙව්වොත් හොඳයි. ගොම, කුකුළු, එළු පොහොර දහනය කිරීමක් ගැන එතැන කියැවෙන්නේ නැහැ. (නි)
හොඳ නිර්මාණයක්.(හේ)
සත්‍යපාල හරි. දහනය මඟින් පරිසර උෂ්ණත්වය ඉහළ යනවා. හරිතාගාර වායු පිටවෙනවා. ප්‍රතිචක්‍රීකරණය කිරීම තමා හරි (නි)
කුණු දහනය කිසිසේත් පරිසර හිතකාමී නොවේ. ගොම කුකුළු, එළු පොහොර, කාබනික පොහොර කිරීමට දහනය කරනවා කියලා අහන්න ලැබීමත් කණගාටුවක්. මේවා කොම්පෝස්ට් බවට පත්කිරීමට දහනය කිරීමෙන් කළ නොහැක. ජලපෝෂක නොවන වියලි සෝදා පාළුව නිසා නිසරු ඉඩම්වලට මේවා අතුරා එම ඉඩම් සරු ඉඩම් බවට පත්කළ හැකි ක්‍රමයක් සොයාගැනීම හිතකර බව විශ්වාස කරමි. (නි)
මෙන්න ලංකාවේ තවත් සුපිරි වැඩක්. මෙයාගේ මේ උපකරණය වැඩිදියුණු කරලා ගත්තා නම් මීතොටමුල්ලේ කුණුකන්ද පිටරටකට පවරලා රටට වැඩදායි ලෙසින් භාවිතා කරන්න පුළුවන්. හැබැයි ලංකාවේ ඉන්න දේශපාලුවෝ ටික මීතොටමුල්ලේ කුණුකන්දත් විකුණගෙන කන්න හදන්නේ. (නි)