ප‍්‍රංශය පුරා  කෞතුකාගාර දහස් ගනනකි. ඒ අතරින් කිහිපයක් ප‍්‍රංශයේ සිටි රජවරුන්ගේ ජීවන චරිතය දැක බලා ගැනීමට වෙන් කර ඇති අතර විශාල ජනතාවක් වසර මුළුල්ලේ ඒවාට පැමිණෙති. ඒ අතරින් 16 වන ලූවී රජුගේ වර්සයිල් මාලිගාව, පොන්තැම්බ්ලූ මාලිගාව, නැපෝලියන් බොනපාට් කෞතුකාගාරය, ප‍්‍රධාන තැනක් ගනී.

14 වැනි හා 16 වැනි ලූවී රජු, පළමු ප‍්‍රන්ශුවා රජු, සෙන්ට් ලූවී රජු ආදීන් පරිහරණය කළ, සුඛවිහරණය කළ බොහෝ බඩු භාණ්ඩ වලින් ඉහත කෞතුකාගාර පුරවා ඇත්තේය. එප‍්‍රංශ රජවරුන් නිදා ගැනීමට භාවිතා කළ සියලූම ඇඳන් දිගින් අඩුය. වර්තමානයේ භාවිතායට ගන්නා සාමන්‍ය ඇඳකට සාපේක්ෂකව තරමක් කුඩාය. එසේ වුවද 16 වැනි ලූවී රජු උසින් මීටර් 1.93 කි. පළමු ප‍්‍රංශුවා රජු උසින් මීටර් 2 කි. එසේ නමුදු ඔවුන්ගේ නිදියහන කුඩාය. එයට හේතුව කිම?

ඔවුන්ගේ පාලන කාලය පැවැති ශත වර්ෂවල දී රජතුමා දිගා වී නිදා නොගනී. දිගා වී නිඳා ගැනීම මළ සිරුරකට සමාන කිරීමට එකල ඔවුන් පුරුදු වී සිටි බව කියති. මරණයෙන් පසු මළ සිරුරේ ඉරියව්ව අසුබ ලක්ෂණ ලෙස පිළිගැනීමක් එකල රජ පරම්පරාව අතර පැවැතී ඇත්තේය. එසේ හෙයින් තරමක් වකුටු වී බෙල්ලට කොට්ටයක් තබා නිදා ගැනීම රජ පරම්පරාවේ සිරිතවී ඇත්තේය. එම නිසා රජ වරුන් සඳහා නිමකළ නිදියහන් තරමක් කුඩාවට නිම කර ඇත්තේය.   

එනමුදු 1789 ප‍්‍රංශ විප්ලව කාලයෙන් පසු එම පිළිගැනීම් හා ක‍්‍රමවේද සම්පූර්ණයෙන්ම වෙනස් වී නවීකරණය වී ඇති අතර වර්තමානයේ මළ සිරුරක් මෙන් නිදා ගැනීම පුරුද්දක් වී ඇත්තේය. අද එම ඉරියව්වන් අසුබ දෙයක් ලෙස නොසලකයි. කවදා හෝ අවසන් ගමන් යන්නේ එම ඉරියව්වෙන් බැවින්; දැන් සිටම ඒ සඳහා පුරුදු පුහුණු වන බවද සමහරු සමච්චලයට පවසති.

01 02 04 600px-Chambre_du_roi_Louis_XIV chambre-20179 le-lever-la-journee-du-roi