විදුලි හා ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරුවන්ගේ ආයතනය සංවිධානය කරන ලංකා රොබෝ තාක්‍ෂණ වැඩමුළුව අද (01) පස්වරු 5.30 ට දෙමටගොඩ වර්චුසා ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය රොහාන් මුණසිංහ සහ කථිකාචාර්ය නලින් කරුණාසිංහ, ආචාර්ය සනත් ජයවර්ධන,  හේෂාන් පෙරේරා,අනුරාධ වීරමන් යන මහත්වරුන් දේශන පැවැත්වීමට නියමිතය.

පළමුවරට සංවිධානය මෙම රොබෝ තාක්‍ෂණ වැඩමුළුව ශ්‍රී ලංකා රොබෝ තාක්‍ෂණයේ ඉදිරි ගමනට මහත් රුකුලක් වන බවත් මේ පිළිබඳව උනන්දුවක් දක්වන සියලූ දෙනාට මෙම අවස්ථාවට නොමිලයේ සහභාගිවිය හැකි බවත් සංවිධායක මණ්ඩලය කියයි.

Robotic-Meet-up