IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මැමත් වඳවුණේ අස්ථි රෝගයකින්

ලොම් සහිත මැමත් මේ ලෝකයෙන් තුරන් වී ඇත්තේ අස්ථි රෝගයක් හේතුවෙන් යැයි තොම්ස්ක් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සර්ජි ලෙස්චින්ස්කි ඇතුළු කණ්ඩායමක් සිදුකරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇතැයි සයිබිරියන් ටයිම්ස් සඟරාවේ දැක්වේ.

මෙතෙක් සිතා සිටියේ අදින් වසර 10,000 ත් 30,000ත් අතර කාලයේ දී යුරෝපයේ හා රුසියාවේ කොටසක ජීවත් වූ ලොම් සහිත මැමත් වඳවී යන්නට ඇත්තේ දේශගුණික විපර්යාස හා මිනිසුන් විසින් මස් හා හම සඳහා දඩයම් කිරීම හේතුවෙන් බවයි.

පර්යේෂකයන් පවසන්නේ තම පරීක්ෂණ කටයුතු සඳහා මැමත් අස්ථි 23,500ක් අධ්‍යයනය කළ බවයි. මේ අස්ථි විශ්ලේෂණයේ දී පෙනීගොස් ඇත්තේ ඒ අස්ථිවල කැල්සියම් ඌනතාවක් පැවති බවයි.

කැල්සියම් ඌනතාවට හේතුව ජලයේ සහ පසේ උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රතිඵලයක් විය හැකියැයි ද මේ සතුන්ගේ බාහු සහ කොඳු ඇට බිඳී ඇවිදීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ද පර්යේෂකයෝ වැඩිදුරටත් සඳහන් කරයි.

ඇවිදගත නොහැකි වූ මේ දැවැන්තයන් පොළොව මත ඇද වැටුණු පසු කුසගින්නේ මිය යන්නට ඇති බවත්, මිනිසුන්ගේ ගොදුරු බවට පහසුවෙන් පත්වන්නට ඇති බවත් පර්යේෂකයෝ තහවුරු කරති.

ලෝම සහිත මැමත් වඳවී යන්නට ඇත්තේ ගෝලීය උණුසුමේ ඉහළ යාමයැයි තිබූ මතය මේ ප්‍රකාශය සමඟ විවාදයට තුඩු දුන්න ද කැල්සියම් ඌන වීමට ඇති හේතුව ද ගෝලීය උණුසුම වැඩිවීම විය හැකියැයි ද සැකයක් පවතී.

ෆොසිල පිළිබඳ අධ්‍යයනය කළ විද්‍යාඥයන් පවසන්නේ අත්‍යාවශ්‍ය ඛණිජවර්ග නොමැති ව මොවුන් පරිවෘත්තීය ආබාධයන්ට ද ගොදුරු වී ඇති බවයි.



අදහස් (0)

මැමත් වඳවුණේ අස්ථි රෝගයකින්

දුමින්ද Tuesday, 07 April 2015 05:04 AM

අනියත දහම-වේවි නැවත සනාථ. (ස)

:       0       0

ලලිත් Tuesday, 07 April 2015 02:48 PM

අලියා හරියට කුල්ලක් වාගෙයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site