අයර්ලන්තයේ මානව ශිෂ්ටාචාරය වසර 12500 ක් දක්වා දිවයන බව වලස් අස්ථියකින් තහවුරු වී තිබේ.
ගල් ලෙනක තිබී හමු වූ මෙම අස්ථිය ගල් මේවලම් වලින් සිදු වූ බවට සැක කරන කැපුම් පාරවල් කිහිපයක් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මින් පෙර අයර්ලන්තයේ ශිෂ්ටාචාරය වසර 10,000කට පමණක් සිමා වී තිබිණි.
නමුත් මෙම සොයාගැනීමත් සමග එම ඉතිහාසය වසර 2500කින් දීර්ග වනු ඇත.
මෙම වලස් අස්ථිය ක්ලෙයාර් රටේ ගල් ගුහාවක නටබුන් අතර තිබී හමුවී ඇති අතර දැනට අයර්ලන්තයේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. එය හමුවී ඇත්තේ 1920 පමණ කාලයේදී වුවත් එය නිරීක්ෂණය කොට මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ මෑතකදීය.
ආචාර්ය මේරියන් කොව්ඩ් 2010 සිට කරන ලද පරීක්ෂණ වල ප්‍රතිපලයක් ලෙස එය අනාවරණය වී තිබේ.
එමෙන්ම මෙම සොයාගැනීම අයර්ලන්තයේ ශිෂ්ටාචාරයට නව පිටුවක් එක කරනු ඇතැයි කොව්ඩ් පවසයි.
COMMENTS
මේ ලෝකයේ විද්‍යාවද සෑම ආගම්ද සොයා ගත්තේ මිනිසා විසින්ය. අපිට තියෙන්නේ මේ දෙගොල්ලන්ටම හිස නැමීම මිසක් විවේචනය කිරීම නොවේ. ආගමික කර්තෘන් දෙසූ දේවල් දෙස විමසිල්ලෙන් බැලුවහොත් අවුරුදු දහස් ගණනකට පෙර කරන ලද එම දේශනා වර්තමානයේ කිසි කෙනෙකුට හිතන්නටවත් නොහැකිය. විද්‍යාවට කොතෙක් දුර යා හැකිද යන්න ඊ ළඟ අභියෝගයයි . (බ)
මාලින්ද, ඔබ කී දේ හරියටම හරි (නි)
අකුණු කෙටීම දෙවියන්ගේ වැඩක් ලෙස යම් කලකට කලින් විශ්වාස කළා. පසුව විද්‍යාව විසින් එය ඇතිවෙන විදිය සොයා ගත්තට පස්සේ එය දෙවියන්ගේ වැඩක් නෙමෙයි කියල මිනිස්සු වටහා ගත්ත. "දැනුවත්කම" තියෙන තැන දේව ආගමක් නැහැ.(බ)
සැගවී ඇති රහස් තව කොපමණ ඇත්ද?(හේ)
නව සොයා ගැනීම් නිසා "නොදැනීම" අඩු වෙනවා. නමුත් ඒ එක්කම අලුත් නොදන්නා මාන බිහිවෙනවා. උදාහරණයක් හැටියට පෘතුවිය ඉර වට යන බව. ඒක සොයා ගත්තට පස්සේ සමහරු කියන්න පටන් ගත්ත ඔව් ඒක ඉර වට යනවා තමයි නමුත් කවුද ඒක ඒ විදියට යන දේ සිද්ධ කලේ.. ඉතින් විද්‍යාව එකත් සොයල දුන්න. ඒක හිරුගේ සහ ග්‍රහයන්ගේ ඇති ගුරුත්වාකර්ෂණ බලයන්ගේ ඇද ගැනීම් නිසා සිදු වන දෙයක් කියල. ඊට පස්සේ එයාල අහනව ඔව් ඒක හරි නමුත් කවුද ග්‍රහලෝක මණ්ඩලය හැදුවේ කියල.... ඔන්න ඔය වගේ ප්‍රශ්න නිසා ආගම කොහොම හරි ජිවත් වෙනවා. හැබැයි ඔය ප්‍රශ්න ආගම් වලින් ඇහුවත් නැතත් විද්‍යාව තමන්ගේ ගමන යනවා. (හේ)