IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සමාජයට වින කරන අසැබි වෙබ් අඩවිවලට දඬුවම් ඕනෑ

ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නියෝග කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

අනර්ථකාරී වෙබ් අඩවි, අන්තර් ජාලයට ප්‍රවේශ කිරීම් හා සේවා සැපයුම්වලට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එම කොමිසමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්තුමිය නියෝග කළ බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි දැරියක අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවල යෙදවීම සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්තුමිය ඉහත නියෝගය නිකුත් කර ඇත. ගල්කිස්සේ දොළොස් හැවිරිදි දැරියගේ ඉරණම හරහා මෙරට ඉතා රහසිගතව සිදුකරගෙන ආ අප්‍රසන්න අධම හා තූච්ඡ ජාවාරමක තොරතුරු අනාවරණය විය. අප රටේ දරුවන් ජීවත්වන්නේ කෙතරම් අනතුරුදායක හා භීෂණයෙන් පිරිගත් පරිසරයක ද යන්න එම සිදුවීමෙන් ඔප්පු විය.

එක් වරක් ප්‍රකාශයට පත් වූයේ අන්තර්ජාලය හරහා අසභ්‍ය වීඩියෝ පට හා ඡායාරූප වැඩියෙන්ම නරඹන රට බවට අප රට පත්ව සිටින බවය. අප රටේ ජනයා කෙතරම් කාම පිපාසයකින් පෙළෙන්නේ ද යන්න මෙමඟින් වටහා ගැනීම අසීරු නැත. කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ ආදේශ වූ ‘ඔන් ලයින්’ අධ්‍යාපනයේ දී ද අපගේ දරුවන් කෙතරම් භයානක අත්දැකීම්වලට ගොදුරු වූයේ ද යන්න ඉකුත් සමයේ මාධ්‍ය හරහා වාර්තා වූ පුවත්වලින් මනාව අනාවරණය විය.

අන්තර්ජාලය මෙතරම් සුමට ලෙස පරිහරණය කිරීමට මෙතරම් ඉක්මනින් සමත් වීමට හැකිවීම අප සමාජයක් ලෙස ලැබූ ජයග්‍රහණයකි. ශාක්‍ෂරතාව අතින් අප කෙතරම් ඉහළට ගිය ද පරිගණක ශාක්‍ෂරතාව අතින් අපි පහළ අඩියක සිටියෙමු. එහෙත් එම කඩුල්ල පහසුවෙන් තරණය කිරීමට අපි සමත් වීමු. එහෙත් එම සමත්කම අවභාවිත කරමින් සමාජයට බරපතළ ලෙස හානි කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරති. පිහිය වනාහී පාන් කැපීමට මෙන්ම කෙනකුට ඇනීමට ද යොදා ගත හැකිය. එහෙත් බුද්ධිමත් ජනයා පිහිය ප්‍රයෝජනයට ගනු ලබන්නේ අර්ථවත් දෙයට පමණි. නොපැසුණු මිනිසා එය විනාශකාරී දෙයට යොදා ගනී. අන්තර්ජාලයට අත් වී තිබෙන්නේ ද එම ඉරණමය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ දරුවන් යොදා ගෙන සකස් කළ අසභ්‍ය හා අශ්ලීල දර්ශන ඇතුළත් ඡායාරූප හා වීඩියෝ පට 17629ක් පසුගිය දින 40ක කාලය තුළ අන්තර්ජාලයට මුදාහැර ඇති බවය. මෙම සංඛ්‍යා ලේඛන ඇඟ ලොමු ඩැහැගන්වන්නට සමත්ය. අප සමාජයක් වශයෙන් ගමන් කරමින් සිටින්නේ කවර දිශාවකට ද යන්න එමඟින් පැහැදිළිය. අවධාරණය කළ යුත්තේ මෙම ගමන් මාර්ගයේ ගමන් කිරීමෙන් අපට අත්පත් කර ගත හැකි කිසිදු ජයග්‍රහණයක් නොමැති බවය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ අසත්‍ය හා අශ්ලීල දර්ශන ඇතුළත් ඡායාරූප හා වීඩියෝ පට අන්තර්ජාලයට මුදාහළ පුද්ගලයන් හඳුනාගෙන ඇති බවය. එමෙන්ම ඔවුන් සියල්ලන්ම අත්අඩංගුවට ගන්නා බවය. දරුවන් සම්බන්ධ අසභ්‍ය හා අග්ලීල දර්ශන ඇතුළත් ඡායාරූප හා වීඩියෝපට අන්තර්ජාලයට එකතු කරන පුද්ගලයන් ඒවා දැමූ සැණින් හඳුනා ගැනීමට විශේෂ ඒකකයක් පසුගිය මාසයේ 17 වැනිදා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථාපිත කළ බවය. එය කාර්යාංශය හා රහස් පොලිසිය ඒකාබද්ධව නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරන බව ද ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

රටේ තත්ත්වය අනාවරණය කෙරෙන තවත් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ ළමා අපයෝජන හා අඩන්තේට්ටම් සම්බන්ධයෙන් පැමිණිලි හාරදහස් හත්සියයක් ඉකුත් මාස හයේ දී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇති බවය. එම අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ඉදිරිපත් වී ඇති පැමිණිලි බෙහොමයක් ළමා අපයෝජන, ලිංගික හිරිහැර පහරදීම් හා අඩත්තේට්ටම් හා ඔන්ලයින් හිරිහැර සම්බන්ධයෙන් බවයි. පසුගිය වසරේ දී පමණක් ඔන්ලයින් හිරිහැර 152ක් වාර්තා වූ බව පවසන සභාපතිවරයා මේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ඔන්ලයින් හිරිහැර 74ක් වාර්තා වී තිබෙන බවය.

කෙවිට අතට ගැනීමට සිදුවී තිබේ. මෙම කාම පිපාසිතයෝ නොදැනුවත්කමට මේ සඳහා යොමු වූවෝ නොවෙති. එක් අතකින් අන්තර්ජාලය තුළ හරඹ පෑමට ඔවුහු රුසියෝ වෙති. එමෙන්ම හය හතර නොදන්නා දරුවන් තම වසඟයට ගැනීමට සමත් අය වෙති. එහෙයින් මෙබඳු අපරාධකරන්නෝ දැන දැනම ඒවායෙහි නියැළෙන්නෝ වෙති. එමෙන්ම මෙබන්දන් සමාජය තුළ නිදැල්ලේ සිටීමට ඉඩ හැරීම මුළු මහත් සමාජයම පතුල නොපෙනෙන ඝණ අන්ධකාරයෙන් පිරීගත් ප්‍රපාතයකට රට තල්ලු කිරීමකි. එහෙයින් මෙම කාම අපරාධකරුවන්ට එරෙහිව නීතිය බලාත්මක කළ යුතුය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියගේ නියෝගයෙන් මෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රකාශයෙන් ද පැහැදිලි වන්නේ නීතියේ බලමුළු පණ ගැන්වෙන බවය. බුද්ධිමත් ජනයා ඒ සමඟ එකට පෙළ ගැසිය යුතුය.

(***)



අදහස් (3)

සමාජයට වින කරන අසැබි වෙබ් අඩවිවලට දඬුවම් ඕනෑ

තිත්ත ඇත්ත Tuesday, 03 August 2021 12:02 AM

තාවකාලික ආණ්ඩු මාරුවේදී වහල් මානසිකත්වයෙන් උද්දාමයට පත්වන නොමේරූ ඡන්ද දායකයින් ඉන්නා රටක ඉහත දැක්වෙන්නේ සමාජ පරිහාණියේ එක් පැත්තක් පමණි. පාසැල් ක්‍රමයෙන් වැසෙන අතර සිර ගෙවල් වැඩිවේ. කොපමණ නීති තිබුණද සමාජයේ අනාරක්ෂිත බව වැඩිවේ. පවුල් ඒකකය තෘප්තිමත් වන්නේ ඇති හැකි අතලොස්සකට පමණි. ගැටවර වියේ දූ දරුවන්ට ලැබිය යුතු ආදර්ශය දීමට රටේ පාලකයින් ඇතුළුව සියළු වැඩිහිටි පරපුරම අසමත්වී ඇත්තේ උද්ධමනයෙන් පීඩිත අතෘප්තිකරවූ ජනතාවක් මෙරට ක්‍රමය විසින් ඇති කර ඇති බැවිනි.

:       0       0

Raveendra Tuesday, 03 August 2021 10:43 AM

රටේ දැවෙන ගැටළුවක් මෙන්ම අපගේ අනාගත පරපුර දවසින් දවස අගාධයට යන ගැටළුවක් පිලිබදව කතුවැකියෙහි ඉතා හොදින් විග්‍රහ කිරීම පිලිබදව ලංකාදීපයට අපගේ ප්‍රණාමය පුදකරන්නෙමු.අප සැමවිටම සදහන් කරන පරිදි මෙවන් අපරාධකරුවන් අප සමාජයේ දැනගනුමට සියලු වතගොත මෙන්ම පැහැදිලි චායරුප සමගින් සියලුම මාද්‍යන් වල පළකිරීම අනාගත පරපුරේ සුබසිද්ධිය උදෙසා කල යුතුම යන්න අප තරයේ විස්වාස කරන්නෙමු.

:       2       84

Rohan Tuesday, 03 August 2021 03:41 PM

මේ තීරණය මීට ටිකක් කළින් ගන්නයි තිබ්බේ.. නියමයි, අපි ප්‍රතිඵල එනතුරු බලා සිටිමු...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 495 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 304 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site