IMG-LOGO

2024 පෙබරවාරි මස 21 වන බදාදා


රට වසාදැමීම වගේම රටේ ආර්ථිකයත් බලමු

ලොව මහා බලවතුන්ට පවා ආණ්ඩු මට්ටු කරගත නොහැකි වූ කොරෝනා වසංගතය විසින් අප රටට කරනු ලැබ ඇති හදිය සුළුපටු නොවේ. ලෝකය පුරා මරණ ලක්ෂ 45ක් වාර්තා වෙද්දී අප රටේ මරණ ගණන අට දහසකට ආසන්නය. ලොව පුරා දිනෙන් දින වාර්තා වන රෝගීන් ගණන දස ලක්ෂ ගණනින් ඉහළ නගී. මෙම පසුබිමේ ශ්‍රී ලංකාව නැවතත් දින 10කට වසා දමා වසංගතය පාලනයට ආණ්ඩුව ගෙන යන පිළිවෙත තවත් දැඩි බවට පත් කළේය. ඒ සමග ජාතිය අමතා කතා කළ ජනාධිපතිවරයා සිය කෙටි දේශනයේදී කොරෝනාව අප රටේ සමාජ දේහයට පමණක් නොව ආර්ථික දේහයට කර ඇති විපත ගැන විධිමත් අනාවරණයක් කරනු ලැබීය.

පසුගිය කාලය පුරාම රට වසා දමනවාද, විවෘතකර තබා ගන්නවාද යන්න බරපතළ විවාදයට තුඩුදුන් කරුණක් විය. මෙයට පෙර වාර 10ක් පමණ රට වසා දැමීම හෝ දැඩි සංචරණ සීමා හෝ ක්‍රියාත්මක කිරීම කරනු ලැබීය. අප්‍රේල් සිංහල අවුරුදු කාලයෙන් අනතුරුව එළැඹි නිවාඩු සමයේත් ජනතාව හැසිරුණු ආකාරය නිසා රට විපත්තියේ දොරටුවට තල්ලු‍ විය. කෙසේ හෝ මෙම තත්ත්වයට වගකිව යුත්තේ ආණ්ඩුවද ජනතාවද කියා තර්ක විතර්ක කර සිටීම දැන් කළ යුත්තක් නොවේ. තත්ත්වය ඒ තරමටම බරපතළය. ජනාධිපතිවරයා සිය දේශනය මගින් අවධාරණය කරන ලද ඇතැම් සංඛ්‍යා දත්ත විභාග කර බලන විට අද අප සිටින තැන ගැන ඇතිවන්නේ සාධාරණ බියකි.

රට හොඳ කාලයේ අපේ ඇඟලු‍ම් අලෙවියෙන් ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් ශ්‍රී ලංකාව ලද වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5කි. එම ගණනින් භාගයක් අමුද්‍රව්‍ය සඳහා නැවත පිටරටවලටම යයි. එසේම වසරකට සංචාරක ව්‍යාපාරයෙන් ලද ආදායමද ඩොලර් බිලියන 5ක් පමණ විය. අද සංචාරක ආදායම වාර්තාගත නොවන තරම්ය. කලකට පසු පසුගියදා සංචාරකයන් 200ක් පමණ මෙරටට පැමිණි බව පමණක් වාර්තා විය. සංචාරක ව්‍යාපාරය ඇඟලු‍ම් කර්මාන්තය යන ප්‍රධාන ක්ෂේත්‍ර දෙකට අමතරව විදේශගත ශ්‍රමිකයන්ගෙන් වාර්ෂිකව ලැබෙන ඩොලර් බිලියන 7.5ක පමණ ආදායමද අඩුවී ඇත. මන්ද එම රටවල් බොහෝ විදේශිකයන්ගේ රැකියා කප්පාදුවට ලක්කර ඇති බැවිනි. මෙලෙස විදේශ ආදායම අහිමි වනවිට ආර්ථිකය දැඩි සිරවීමකට ලක්වෙයි. එහෙත් අප රට විසින් වාර්ෂිකව ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් බිලියන 5කට ආසන්න ණය හා පොලී මුදල් ගෙවීම අනිවාර්යයෙන් කළ යුත්තකි. ආර්ථික තත්ත්වය බැරෑරුම් වන්නේ එම ණය පියවීමට මුදල් වෙන්කිරීමත් සමඟය.

මෙබඳු දුර්වල ආර්ථික පසුබිමක් පවතිද්දී රට වසා දැමීම ප්‍රමාද කරන්නට ජනාධිපතිවරයාට සිදුවීම යුක්තිසහගත බව ආණ්ඩුවේ මතයයි. ආර්ථිකය පවත්වාගෙන යනවාද ජනතාව ජීවත් කරවනවාද යන අති සංවේදී ප්‍රශ්නයේදී ජනතාව ජීවත් කරවීම ප්‍රමුඛත්වයෙහි ලා සලකමින් මෙවරද රට වසා දැමීමට තීන්දු කෙරිණි. මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් ප්‍රමුඛ දේශපාලන පක්ෂද වෛද්‍ය සංගම්ද ඒ සඳහා කළ බලපෑම සුළුපටු නොවේ. එහෙත් මින් විපතට පත්වන දැවැන්ත සමාජ කණ්ඩාමක් සිටින බව ජනාධිපතිවරයා සිය දේශනයේදී අවධාරණය කළේය. ඒ රටේ ස්වයං රැකියා කරන්නන් හා අවිධිමත් පෞද්ගලික අංශයේ සේවක පිරිස්ය. මෙම කණ්ඩායම වැටෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යටතටය. මෙරට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 50ක් පමණ උත්පාදනය වන්නේ මෙම ක්ෂේත්‍රයෙන් බවද අමතක නොකළ යුතුය. රටේ ස්වයං රැකියා කරන ලක්ෂ 45ක් පමණ සිටිති. ත්‍රිරෝද රථ රියැදුරන්, ලොතරැයි අලෙවිකරුවන්, පදික වෙළෙඳුන්, ජංගම වෙළෙඳාම් කරන්නන්, කුඩා සිල්ලර කඩ පවත්වාගෙන යන්නන්, කුලී වැඩ කරන්නන් ආදීහු මෙම කණ්ඩායම නියෝජනය කරති. රට වසා දැමීමෙන් ඍජුවම ‘බඩේ පාර’ වදින්නේ මොවුන්ටය.

පසුගිය වර රට වසා දැමූ අවස්ථාවේදී මේ අයට මසකට රුපියල් 5000 බැගින් රජයෙන් සහනාධාරයක් හිමිවිය. වට ගණනාවක් එම ආධාරය ලබාදුණි. ඊට ආණ්ඩුව රුපියල් බිලියන 30ක් පමණ වැයකළ බව ජනාධිපතිවරයා සඳහන් කළේ සියලු‍ අර්බුද අතර සහනාධාර අවශ්‍ය අයට එම ආධාර පිරිනමමින් රැකබලා ගත් ආකාරය පෙන්වා දීමටය. දැන් පවත්නා ඉතා දුර්වල ආර්ථික තත්ත්වය යටතේ වුවද එබඳු සහන අවශ්‍ය අයට රු. 2000ක ආධාරයක් ලබාදෙන බව නිවේදනය කර ඇත. ඊට රුපියල් කෝටි 350ක් වැයවේ. ඒ අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ රට වසා දමන එක් දිනකට අපේ දළ ජාතික නිෂ්පාදිතයට අහිමිවන ආදායම රු. බිලියන 15ක් පමණ වන බවකි. එය අතිශය බරපතළ ආර්ථික අවදානමක රතු එළි දල්වන කතාවක් බව අමුතුවෙන් කිවයුතු නැත.

රාජ්‍ය ආදායම අහිමිවෙද්දී සහනාධාර වැඩි කිරීම කළ හැක්කේ කෙසේද යන ප්‍රශ්නයට ඇති එකම පිළිතුර ණය ලබාගැනීම පමණි. අපේ දෙස් විදෙස් ණය කන්ද ‘නහය ළඟටම’ පිරී තිබියදී තව තවත් ණය ගැනීම තිබෙන අර්බුද දෙගුණ තෙගුණ කර ගැනීමකි. ඒ අතර රට වසා දමන්න යැයි ඝෝෂා කළ ඇතැම් පිරිස් නිරෝධායන ඇඳිරි නීතිය මධ්‍යයේත් ඇඟලු‍ම් කර්මාන්තය පවා වසා දැමිය යුතු යැයි යෝජනා කරති. එසේ වුවහොත් දැනට අප රටට ලැබී තිබෙන ඇඟලු‍ම් ඇණවුම් බංග්ලාදේශය හෝ වියට්නාමය ඩැහැගනු ඇත. එයින් රජය අපේක්ෂිත විශාල විදේශ විනිමය ආදායමක් අහිමිවෙයි. එය යාචකයාගේ මඩිස්සලයට තට්ටු වීමක් හා සමානය. එසේ වුවද රටට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාගන්නට මුදල් වැය කළ යුතුය. මේ වනවිට රටේ වාර්ෂික අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12කි.

ආනයන වියදම ඩොලර් බිලියන 20කි. වෙළෙඳ පරතරය ඩොලර් බිලියන 8ක් තරම් විශාල ගණනකි.
අප තේරුම් ගත යුත්තේ මෙම යථාර්ථයයි. එබැවින් ජනාධිපතිවරයා සිය දෙසුමේදී අවධාරණය කළ පරිදි කොරෝනාවට ලොවම දැනට පිළිගෙන තිබෙන එකම විසඳුම වන එන්නත්කරණයට දායකවීම සැමගේ යුතුකමයි. මෙම විපත ගැන විවිධ අර්ථකථන තර්ක විතර්ක තිබිය හැක. ඒවා පසෙක තබමු. මේ සිහිනුවණින් කටයුතු කළ යුතු කාලයකි.

(***)



අදහස් (3)

රට වසාදැමීම වගේම රටේ ආර්ථිකයත් බලමු

Raveendra Friday, 27 August 2021 10:41 AM

රටේ පවතින නියම තත්වය පිලිබදව ඉතාමත්ම හොද කියවීමක්. " මේ සියලුම කරදර අතරතුර.... "ඒ අතර රට වසා දමන්න යැයි ඝෝෂා කළ ඇතැම් පිරිස් නිරෝධායන ඇඳිරි නීතිය මධ්‍යයේත් ඇඟලු‍ම් කර්මාන්තය පවා වසා දැමිය යුතු යැයි යෝජනා කරති." මෙසේ පවසන්නේ වැලේ වැල් නැති තමන් උපන් ඒ ලංකා මාතාවට ද්‍රෝහිවී කටයුතු කරන අය නොවේද ?

:       1       8

chandima Saturday, 28 August 2021 07:12 AM

ආර්ථීකේට කෙලවුනත් රට වහන්න කියලා සමහර සෞඛ්‍ය සේවා වෘතිය සමිති, ජේවීපී, රනිල් මහත්තයා, සජිත්, එහෙමම මර හඬ තලනවා නේද.?

:       0       3

Deepal Nirosh Monday, 30 August 2021 11:02 AM

රටේ වසා දැමීමට බලකරන පාර්ශවයන්ගේ එකම එක ඒකායන අරමුණ එමගින් මේ රටේ වැටි වැටි දුවන ආර්ථිකය කඩා විසුරුවා එමගින් තම පටු දේශපාලන අරමුණ ඉටු කර ගැනීම පමණමයි. අපේ ඇඟලුම්, තේ අපනයනය දින කිහිපයකට හෝ නතර වුවහොත් ඒ අඩුව පුරවන්න ලෝක රටවල් කීයක් බලාගෙන ඉන්නව ද කියල අපිට වඩා හොඳට එයාල දන්නව.

:       0       0

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

දරුවා පාසලට යැව්වාටම මදි නිරන්තර විමසිල්ලක් ඕනෑ
2024 පෙබරවාරි මස 21 82 0

‘‘ලොව හොඳම දේ දරුවන්ට’’ යැයි කීව ද, සම්මුති විරහිතව හිස් මුදුනින්ම එය පිළිගත්ත ද, අප රටේ දරුවන් ලොව නරකම දෙයෙහි පහසුම ගොදුරු බවට පත්ව ඇති බව ඒකාන්තය. වාර


තෙල් සමාගමේ හොරුන් දඬුකඳේ ගහන්න ඕනෑ
2024 පෙබරවාරි මස 20 687 2

සාමාන්‍යයෙන් අමාත්‍යවරයකු විසින් තම අමාත්‍යාංශයේ සිදුවන දූෂිත හෝ වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් හෙළිදරව් කරනු ලබන්නේ කලාතුරකිනි. එසේ කලාතුරකින් වන


ගොවි ගැටලුවලට සැබෑ විසඳුමක් ඕනෑ
2024 පෙබරවාරි මස 19 132 0

උතුරු ප්‍රදේශයට මහකනදරාව වැවේ ජලය මුදාහැරීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටියදී, එහි ප්‍රදේශය අවට විශාල උද්ඝෝෂණයක් පැවැත්විණි. ම


විදුලිය විසන්ධි කිරීමට නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතුද?
2024 පෙබරවාරි මස 17 705 1

රුපියල් දහතුන් දහසක විදුලිය බිල ගෙවා ගැනීමට නොහැකිව නිවෙසේ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් පුතාට හා දියණියට පාඩම් කිරීමට අසල්වැසි නිවෙසකින් විදුලිය


පොහොර හොරුන්ට ඉහළම දඬුවම් දෙනු
2024 පෙබරවාරි මස 16 278 0

රටේ ජනතාවට බෙදා දීමට මෙරටට ගෙන්වන ලද සහනාධාර පොහොරවලින් රුපියල් කෝටි 100කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු සමාගම් ප්‍රධානීන් 10 දෙනකු පමණ ළ


සෞඛ්‍යයේ වැඩ වර්ජන දෙවරක් සිතිය යුතු කරුණක්
2024 පෙබරවාරි මස 15 260 1

වෛද්‍යවරුන් හැර සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් පෙරේදා (13) ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා රෝහල් රැසක රෝහල් කටයුතු අඩපණ වී තිබිණ


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 132 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 217 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 245 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site