IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


රටේ ගෞරවයට හානිකරනම් මොන ජගතා වුවත් වැඩක් නෑ

රටේ ගෞරවයට හා කීර්ති නාමයට අගෞරව කරන ක්‍රීඩකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ක්‍රීඩකයා ලෝකයේ කොතරම් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයකු වුවත් රටේ ගෞරවයට හානි කරනවා නම් දක්ෂතා අදාළ නැති බව ද එම කාරණය ක්‍රිකට් මලල ක්‍රීඩාව ඇතුළු සෑම ක්‍රීඩාවකටම අදාළ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ යැයි එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධ මාතෘකාව අලුත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනකුගේ අසංවර හැසිරීම හේතුවෙනි. එම සංචාරයේදී එම ක්‍රීඩකයන් තිදෙනා සෞඛ්‍ය නීතිරීතිවලට පිටුපා රාත්‍රී යාමයේදී සමාජශාලාවල ඇවිදිමින් පදික වේදිකා මත සිට දුම්වැටි පානයට සූදානම් වන අයුරු එරට වෙසෙන ශ්‍රී ලාංකිකයකු වීඩියෝ කර සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැර තිබිණි. ප්‍රතිඵලය වූයේ එම ක්‍රීඩකයන්ට තරගාවලිය අතහැර ශ්‍රී ලංකාවට ඒමට සිදුවීමය. එසේ පැමිණි ක්‍රීඩකයන් තිදෙනාගෙන් එක් ක්‍රීඩකයකු ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයාය. අනෙක් ක්‍රීඩකයන් දෙදෙනා ද වර්තමාන කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ වෙති.

රට නියෝජනය කරන ක්‍රීඩකයකුගේ පරම වගකීම වන්නේ රටෙහි ගෞරවය ආරක්ෂා කිරීමය. 2011 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයකට සහභාගි වීමට පැමිණි පාකිස්තානු කණ්ඩායමේ සුපිරි වේග පන්දු තරුව ලෙස සිටි ‘රාවල්පිණ්ඩි එක්ස්ප්‍රස්’ යන විරුදාවලියෙන් හැඳින්වූ ෂොයිබ් අක්තාර්ට එල්ල වූ චෝදනාව වූයේ ඔවුන් රැඳී සිටි මහනුවර හෝටලයට කාන්තාවක් ගෙන්වා ගැනීමය. එම චෝදනාව ෂොයිබ් අක්තාර් පිළිගත්තේය. තරගාවලියේ ඉදිරියට යාමට නම් අක්තාර් කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙක් විය. එහෙත් චෝදනාව බරපතළ වූ හෙයින් පාකිස්තානු කණ්ඩායමේ කළමනාකාරිත්වය තීරණය කළේ අක්තාර් ඉදිරි තරගවලට සහභාගි කර නොගැනීමටය. ලජ්ජාවට පත් අක්තාර් හෝටලයේ සිටම මාධ්‍ය හමුවක් පවත්වා තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළේය.

අක්තාර්ගේ සිදුවීම පාකිස්තානයට මහා කළු පැල්ලමක් විය. පිටියේ කෙතරම් විශිෂ්ටයකු වුව ද ඔහු විනයෙන් තොර නම් කණ්ඩායමෙන් නෙරපීමෙන් පාකිස්තානය ලොවට ආදර්ශයක් දුන්නේය. එම ආදර්ශය මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට ගළපා ගත යුතු පැය එළැඹ තිබේ.

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක බන්දුල වර්ණපුර ඇතුළු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ තහනම් තරග සංචාරයක නිරත විය. එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණී දිසානායක මහතා ඇතුළු බලධාරීහු එම ක්‍රීඩකයන්ට වසර 25ක ක්‍රිකට් තහනමක් පැනවූහ. එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට මාරාන්තික විය. එහෙත් තරාතිරම නොබලා එකල වරදට දඬුවම් ලැබිණි. ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගැනීමටත් පිට පිටම දෙවරක් ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහ තරග දෙකකට සහභාගී වීමටත් විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමටත් හැකි තරමට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මෝරණ තල මල සේම සාර සුබාවට වර්ධනය වූයේ ඒ ආකාරයෙනි.

ඉතිහාසය එසේ වුව ද වර්තමානයේදී ක්‍රීඩකයන්ට දඬුවම් දීමක් වාර්තා වූයේම නැති තරම්ය. ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්ට අදාළව බොහෝ සිද්ධි වාර්තා විය. එක් ප්‍රවෘත්තියකින් කියවුණේ හෝටලයකදී කාන්තාවකට හිරිහැර කිරීමට ගොස් එම ක්‍රීඩකයා තරුණයන් පිරිසකගේ ප්‍රහාරයට ලක්වූ බවය. එහෙත් එම ක්‍රීඩකයාට එරෙහිව ගත් පියවරක් නැත. ඒ වෙනුවට එම ක්‍රීඩකයාට එංගලන්ත සංචාරයට වරම් හිමි විය.

තවත් ක්‍රීඩකයකුට එරෙහිව නැගුණු චෝදනාවක් වූයේ කණ්ඩායමේ නිලධාරි මණ්ඩලයට අයත් විවාහක වෛද්‍යවරියක සමග නොමනා සබඳතා පැවැත්වූ බවය. ඒ ක්‍රිකට් තරගයක් අතරතුරය. එහෙත් එම ක්‍රීඩකයාට ද එංගලන්ත සංචාරය හිමි විය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විනය අංක එක විය යුතුය. ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් පිටත්ව යයි. මෙම කණ්ඩායමේ කවරකු හෝ කරන නීති විරෝධී විනය විරෝධී ක්‍රියාවක අවමානය ශ්‍රී ලංකාවටය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ බව තරයේ තේරුම් ගත යුතුය. රට වෙනුවෙන් තම ඇවතුම් පැවතුම් සකස් කරගත නොහැකි නම් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ඔහුට සුදුසුකම් නැත. රටට අගෞරව කරන ක්‍රීඩකයන්ට දඬුවම් කරන්නාසේම ක්‍රීඩකයන්ට වැරැදි කළ නොහැකි පරිසරයක් නිර්මාණය කිරීම ද නිලධාරීන්ගේ වගකීමය.

(***)



අදහස් (1)

රටේ ගෞරවයට හානිකරනම් මොන ජගතා වුවත් වැඩක් නෑ

විජිත් Tuesday, 13 July 2021 06:31 PM

නාමල් රාජපක්ෂට මිනිහාගේ ඉස්සර වැඩ දැන් අමතකවෙලා වගේ. ඒ කාලේ රගර් ගහද්දි කරපු එක වැඩක් ගැන කියන්නද...? වරක් නුවර ටීම් එකත් එක්ක කාල්ටන් ටීම් එක තරඟ කරද්දී පරාජය දරාගන්න බැරිව හමුදාවේ කට්ටිය ලවා නුවර ටීම් එකට බලපෑම් කළා. කෙසේ වෙතත් නුවර ටීම් එක ජයගත්තා...

:       2       115

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 989 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 410 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site