IMG-LOGO

2025 පෙබරවාරි මස 16 වන ඉරිදා


නිල වාහන ඡන්ද වැඩට ගන්න හිරිකිත වැඩ

හිටපු රාජ්‍ය ඇමැතිවරුන් ළඟ තබාගෙන සිටින රජයේ නිලවාහන පහක් වහාම අත්අඩංගුවට ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එම හිටපු රාජ්‍ය ඇමැතිවරුන් නිල වාහන බාර නොදී මැතිවරණ කටයුතුවලට යොදා ගන්නා බවට කොමිසමට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළ බව ද අප පුවත්පත වාර්තා කළේය.

මෙරට ජනයා ඉල්ලා සිටින්නේ හෘදය සාක්ෂියේ දේශපාලනයකි. රුපියලට ශතයට වගවන දේශපාලනයකි. මේ රට ඉහළට ඔසොවා තැබිය හැකි වන්නේ එබදු නිකැළැල් පවිත්‍ර දේශපාලනයකින් පමණි. එහෙත් අප ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ හිටපු රාජ්‍ය ඇමැතිවරුන් නිල වාහන පහක් තවමත් බාර දී නොමැති බවය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග රටට ඉතිරි වන්නේ බාරකාර ආණ්ඩුවකි. එම බාරකාර ආණ්ඩුවට අයත් වන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය පමණි. පාර්ලිමේන්තුව නියෝජනය කළ සෙස්සන් ‘‘හිටපු මැති ඇමැතිවරුන්’’ පමණි. එම හිටපු මැති ඇමැතිවරුන්ට ඔවුන් මැති ඇමැති ධුර දැරූ සමයේ හිමි වූ සියලු වරප්‍රසාද අහිමි වේ. නිල වාහන, නිල නිවාස මෙන්ම නිල ආරක්ෂකයන් ද එසේ අහිමිවන ලැයිස්තුවේ වෙයි. එහෙත් සෑම දේශපාලන පක්ෂයකම නිර්ලෝභී දායකත්වයෙන් එකී ‘අහිමි වීම්’ සිදු නොවී පවතී.

ඉකුත් සමයේ කියැවුණේ පැවැති ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් තමන්ගෙ නිල නිවාස බාර දී නොමැති බවය. එක්වරම ‘‘කනෙන් අල්ලා’’ එළියට දැමිය යුතු නැත. එහෙත් ‘ලජ්ජා නහරය’ ඇත්නම් ධූර කාලය අහිමි වූ සැණින් නිල නිවෙසින් තමන්ගෙ ගෙදරට පල්ලම් බැසිය යුතුය. එහෙත් ඇතැම් දේශපාලනඥයන්ට ලජ්ජා නහර පිහිටාම නැත. නිල වාහන බාර නොදුන් රාජ්‍ය ඇමැතිවරුන් අයත් වන්නේද එම කොටසටය.

මැතිවරණයට අදාළව නීතිරීති පනවා තිබෙන්නේ වඩාත් සාධාරණ මැතිවරණයක් වෙනුවෙනි. එහෙයින් සෑම දේශපාලන පක්ෂයක්ම සෑම මැතිවරණ අපේක්ෂකයකුම එම මැතිවරණ නීති රීතිවලට පක්ෂපාතී විය යුතුය. අවනත විය යුතුය. බල කාමයෙන් මත් වූ යසස් කාමයෙන් කුල්මත් වූ පදවි ලෝභයෙන් අන්දුන් කුන්දුන් වූ අයකුගෙන් එවැනි වගවීමක් අපේක්ෂා කළ නොහැකිය. එහෙයින් ඔවුහු නීති රීති තඹ දොයිතුවකට නොසලකමින් කටයුතු කරති.

රාජ්‍ය ඇමැතිවරුන්ට රජයේ නිල වාහන භාවිතයට අවසර නොමැත. එහෙත් රාජ්‍ය ඇමැතිවරුන් රජයේ නිල වාහන භාවිත කරන්නේනම් එම රාජ්‍ය ඇමැතිවරුන්ගෙන් මසකට රුපියල් ලක්ෂයක් අයකර ගන්නා බව රජය ප්‍රකාශ කළ ද එම රාජ්‍ය ඇමැතිවරුන් එලෙස මුදල් ගෙවීමක් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසූ බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කරන ආකාරයට රජයේ වාහන හා දේපොළ අයථාලෙස භාවිත කළ බවට අධිකරණයේදී තහවුරු වුවහොත් එම මන්ත්‍රීවරයා ජයග්‍රහණය කර තිබුණද ඔහුගේ මන්ත්‍රී ධුරය අහිමි වන බවය. නීති රීති එසේ සකසා තිබෙන්නේ මැතිවරණ සමයේදී රාජ්‍ය දේපොළ මෙන්ම රජයේ වාහන අවභාවිත කරන හෙයිනි. මහ මැතිවරණයකින් පැවැති රජය පරාජයට පත් වුවහොත් රට පුරා තැනින් තැන රජයේ වාහන අත්හැර දමා තිබෙන අයුරු දැකීමට ලැබීම චාරිත්‍රයක් බවට පත්වී තිබේ. බොහෝ රාජ්‍ය ආයතනවලට කුලී පදනමින් වාහන ගන්නා හෙයින් එම වාහනවල රාජ්‍ය ලාංඡනය දක්නට නොලැබේ. එහෙයින් ඒවා රජයේ වාහන යැයි සාමාන්‍ය සමාජයට  ද හඳුනා ගැනීම අපහසුය. තක්කඩි දේශපාලනඥයෝ එම තත්ත්වයම වාසියට ගෙන තක්කඩිකම් කරති.

මැතිවරණ නීති රීති සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ සෙයින් අසන්නට ලැබේ. මැතිවරණ කොමිෂන් සභාවේ නිල දැනුම් දීම් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ දැනුවත් කිරීම් පමණක් නොව බොහෝ දේශපාලනඥයන්ගේ ආඩපාලි කීම් කෙඳිරි ගෑම් ආදිය හරහා මෙම අවධානය යොමුවී තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ ඇතැම් නීති රීති සීමාව ඉක්මවා ගොස් ඇති බවට ද චෝදනාවකි. ඒ සම්බන්ධයෙන් මැදිහත් සිතින් මැදිහත්වීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමට යටත්ය.

කවර නීති රීතියක් සංශෝධනය කළ ද රාජ්‍ය දේපොළ හා රජයේ වාහන අවභාවිත කිරීම වැළැක්වීම සඳහා පනවා තිබෙන නීති රීති වෙනස් කළ යුතු නැත. හැකිනම් එම නීති රීති තවත් දැඩි කළ යුතුය. රාජ්‍ය දේපොළ සහ රජයේ වාහන අවභාවිත කිරීමට කිසිවකුට ඉඩ දිය යුතු නැත. මේ වන විටත් නිල වාහන බාර නොදුන් රාජ්‍ය ඇමැතිවරුන් කවුරුන්දැයි සොයා බලා මැතිවරණයේදී එම අශිෂ්ට, අනීතික දේශපාලනඥයන් ගෙදරම රඳවා තැබීමට ජනතාව ක්‍රියා කරන්නේ නම් එය සමාජ ප්‍රගමනයේ අලුත් අදියරක්වනු ඇත.

 



අදහස් (1)

නිල වාහන ඡන්ද වැඩට ගන්න හිරිකිත වැඩ

gunda Friday, 03 July 2020 05:39 AM

බොහෝ දේශපාලුවන්ට ලජ්ජා නහර පිහිටන්නේ නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සැඟවූ කීරි සම්බා තොගයක් අල්ලයි
2025 පෙබරවාරි මස 15 453 0

පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ වෙලදසැලකට කොළඹ 12 ප්‍රදේශයේ පිහිටි ගබඩාවක සඟවා තිබූ කීරි සම්බා සහල් කිලෝග්‍රැම් 5,000 කට ආසන්න තොගයක් භාරයට ගත් බව පාරිභෝග


අල්ලස් ගත් පිඒච්අයි රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 15 271 0

ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ අවන්හලකින් වෙළඳ බලපත්‍ර අලුත් කිරීම සඳහා රුපියල් ලක්ශ දෙකක අල්ලස් මුදලක් ලබාගත් බවන කියන චෝදනාවක් යටතේ ගලේවෙල ප්‍රදේශ


කුරුවිට ලක්ෂ පහේ කොල්ලයේ තුනක් රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 15 522 0

මීට මාස දහහතරකට පෙරදී මැණික් ගලක් අලෙවි කිරිමට බව පවසා කුරුවිට පුදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට ඇතුලුවී ගිනි අවි පෙන්වා නිවැසියන්ට පහර දී තුවාල


මහාචාර්ය සනත් නන්දසිරි වෙනුවෙන් සමරු මුද්දරයක්
2025 පෙබරවාරි මස 15 835 0

දිවංගත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ 83 වැනි ඡන්ම දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් උඩහමුල්ල සිරි ජිනරතනාරාම වි


දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා
2025 පෙබරවාරි මස 15 534 0

දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම වර්තමාන ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.


මිනුවන්ගොඩ වෙඩි තැබීමට දෙකක් සැක පිට
2025 පෙබරවාරි මස 15 644 1

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසලදී කරවල ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 231 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 134 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 958 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site