IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


දිළිඳු පවුල් නඟාසිටුවන ප්‍රයත්නය අගයමු

දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩසටහන ඉකුත් දා ආරම්භ විය. රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදායම්ලාභී සහ නිපුණතාව රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන බව අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියක සඳහන් විය.

අගය කළ යුතු දියුණු ව්‍යාපෘතියකි. සමාජයේ ඇති නැති පරතරය තුරන් කිරීම සඳහා විවිධ ව්‍යාපෘති දුරාතීතයේ සිටම ක්‍රියාත්මක වී තිබේ. එහෙත් එමඟින් යැපුම් මානසිකත්වයක් උස් මහත් වූවා මිසක් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර නොදුන් බව සත්‍යයකි. එහි ප්‍රතිඵලය වූයේ ඇති නැති පරතරය දිනෙන් දින වර්ධනයවීම ය. අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂයක් තෝරාගෙන එයින් එක් පවුලක එක් සාමාජිකයකුට රජයේ රැකියාවක් ලබාදීමට පියවර ගැනීම අගය කළ යුතු ප්‍රයත්නයකි.

අඩු ආදායම්ලාභියකුවීම සමාජ වරප්‍රසාද සම ලෙස විඳීමට ඇති අවස්ථාව අහිමිවීමකි. විශේෂයෙන්ම සමාජ පිළිගැනීම අහිමිවීම හරහා එම ජීවිත තව තවත් දුක්ඛිත තත්ත්වයට පත්වීමේ ඉඩකඩ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ය. ආත්ම ගරුත්වය අහිමිවීමට ඉඩ පෑදීමකි. සමාජ ප්‍රශ්න සරලම අංශුවට කඩා විග්‍රහ කර ගැනීමේදී ඉහත යථාර්ථය පහසුවෙන් හඳුනාගත හැකිය.

රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා සංස්ථා, මණ්ඩල ආදියෙහි රැකියා ඇබෑර්තු බොහෝවිට වෙන්වන්නේ දේශපාලන හෙංචයියන්ට ය. රැකියා ඇබෑර්තු නැතත් දේශපාලන හෙන්චයියලාට ඒ ඒ ආයතනවල රැකියාවක් ලබාගැනීම අසීරු නැත. ඇතැම්විට රජයේ රැකියාවක් කළද තාවකාලික අනුයුක්ත කිරීම් යන ශීර්ෂය යටතේ තම දේශපාලන හාම්පුතාගේ සෙවණටම යාමේ හැකියාවද පවතී. ‘අමාත්‍ය කාර්ය මණ්ඩලය’ ඒ සඳහා තෝතැන්නකි. තාවකාලික අනුයුක්තවීමක් ලබන අන්තේවාසිකයා තමන් රැකියාව සිදු කරන ආයතනයෙන් වැටුප් ලබාගන්නා අතර අනුයුක්ත වූ ආයතනයෙන් යාන වාහන, ඉන්ධන දීමනා  ඇතුළු අනෙකුත් වරප්‍රසාද ලබාගනී.

රාජ්‍ය ආයතන බලයේ සිටින ආණ්ඩුවේ ශාඛා කාර්යාලයක් බවට පරිවර්තනය වීමට ඉහත තත්ත්වය ද ප්‍රධාන හේතුවකි. රාජ්‍ය ආයතන තිබිය යුත්තේ තමන්ගේ අන්තේවාසිකයන්ගෙන් පුරවා තැබීමට නොව ඒ ඒ ආයතනවලට හිමි කාර්යසාධනය කාර්යක්ෂමව සපුරාලීමට ය. එහෙත් අන්තේවාසිකයන්ගෙන් එම ආයතන පුරවාලූ පසු ඉහත කී අරමුණ මුදුන් පමුණුවා ගැනීමට නොහැකි ය. රාජ්‍ය ආයතන රටට බරක් ලෙස හැඟී යන්නේ එම පරිසරය තුළ ය.

කුසගින්නේ සිටින මිනිසාට ඒ මොහොතේ කෑමට මාළුවකු ලබාදීම නිෂ්ඵල බවත් එම මිනිසාට දිය යුත්තේ බිලී පිත්තක් බවත් දේශපාලන විද්‍යාවේදී ඉගැන්වේ. මාළුවකු ලබාදීමෙන් ඒ මොහොතේ කුසගින්න නිමා විය හැකිය. එහෙත් එය තාවකාලික පියවරකි. එම මිනිසාට අවශ්‍ය වන්නේ වේලෙන් වේලට අලුත්වන බඩගින්දරට කල් පවත්නා විසඳුමකි. බිලී පිත්තෙන් පිරවෙන්නේ එම අවශ්‍යතාවය ය.

‘අප දුප්පතකුව ඉපදීම අපගේ වරදක් නොවේ. එහෙත් අප මිය යන්නේ දුප්පතකු ලෙස නම් එය අපගේ වරදකි’ මේ ප්‍රකට කියමනකි. සැබැවින්ම දුප්පත්කම යනු සංවේගයට පත්වීමට හෝ සතුටුවීමට, ආඩම්බරවීමට හේතුවක් නොවේ. දුප්පත්කම මහා ශක්තියක් බවට පත් විය යුතුය. සකල අගති කුදලා දමන මහා ප්‍රවාහයක් බවට පත් කර ගත යුතුය. එහෙයින් දිළිඳු මිනිසාට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොව අවස්ථාවය. දෙපයින් නැගී සිටීමට අවස්ථාව ලබාදෙන්නේ නම් ඒ ජනයා නැගී සිටිනු ඇත.

දිළිඳු පවුල් ලක්ෂයක් තෝරාගෙන එක් පවුලකින් එක් අයකුට වශයෙන් රැකියා ලක්ෂයක් ලබාදීමේ ව්‍යාපෘතිය වඩාත් වැදගත් වන්නේ ඒ අර්ථයෙනි. එමෙන්ම අවධාරණය කළ යුතු වඩාත් වැදගත් කාරණාවක් තිබේ. එනම්, රාජ්‍ය සේවක සංඛ්‍යාව මේ වනවිට අවශ්‍ය මට්ටමට වඩා වැඩි බව ය. එහෙත් නිර්මාණශීලීව සිතන්නේ නම්. රාජ්‍ය සේවයට එක්වන සෑම අයකුම ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කාරයකු බවට පත් කර ගත හැකි ය. දස ලක්ෂයකට රැකියා දීම දෙස අප බැලිය යුත්තේ එබඳු සුබවාදී ආකල්පයෙනි.

(***)



අදහස් (1)

දිළිඳු පවුල් නඟාසිටුවන ප්‍රයත්නය අගයමු

Wm gayan rangana gunasena Sunday, 06 September 2020 03:10 AM

සුදුසුකම් තියෙනවා. දුප්පත් අයට රැකියා දෙන ලැයිස්තුවේ නම ඇතුළත් වී නොමැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 133 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 980 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site