වර්තමානයේ මෙන්ම අතීතයේ එනම් මෙරට පාර්ලිමේන්තු පාලන ක‍්‍රමය ආරම්භ වූ දිනවල සිටම එකසේ දැකිය හැකි පොදු දුර්වලතාවක් තිබේ. එනම් රාජ්‍ය සංස්ථා ඇතුළු බොහෝමයක් ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා ප‍්‍රධානීන් පත්කරනු ලබන්නේ බලයට පත් ආණ්ඩුවේ හිතවතුන් වීමය.

ඒ අනුව මහ මැතිවරණයකින් අලූත් ආණ්ඩුවක් බලයට පත්වූ විට මෙරට පිහිටි රාජ්‍ය සංස්ථා ඇතුළු ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඉල්ලා අස්වීම අනිවාර්යෙන්ම දැකිය හැකි පොදු ලක්ෂණයකි. ඔවුන් එසේ කරන්නේ අලූතින් පත්වූ ආණ්ඩුවේ බලවතුන්ට අවශ්‍ය පරිදි ඒ ඒ ආයතන සඳහා සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කර ගැනීමට ඉඩ පහසුකම් සැලසීමේ පියවරක් වශයෙනි.


ආයතන සංග‍්‍රහය ඇතුළු එම ආයතනයන්හි පාලන ව්‍යුහය තුළින් ඒ සඳහා අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන සැලසී තිබීමද විශේෂත්වයකි.
ඔව් ඉතින් ඒකෙ ඇති වැරැුද්දක් නැහැනේ... මොකද අපට විශ්වාස උදවිය තමයි අපි ඒ ආයතනවල ඉහළ තනතුරුවලට පත්කරගන්න  ඕනෑ”යි කියන හැම ආණ්ඩුවකම බලවතුන්ගේ පිළිගැනීම වී ඇත්තේ තමන්ගේ දේශපාලන විරුද්ධ මතධාරීන් එම ආයතනවල ප‍්‍රධානීන් වශයෙන් සිටින තාක්කල් තමන්ගේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වන බවය.


රජයේ බොහොමයක් කරුණු කාරණා සම්බන්ධයෙන් ජාතික ප‍්‍රතිපත්තියක් නොමැති තත්ත්වයක් තුළ ඔවුන් නගන එම තර්කය ද එක් අතකින් සාධාරණය. කෙසේ වෙතත් බලයට පත්වන ආණ්ඩුවේ ඇමැතිවරුන් ඇතුළු ප‍්‍රබලයන්ගේ නෑදෑ හිතවතුන් එම රාජ්‍ය ආයතනයන්හි ප‍්‍රධානීන් වශයෙන් පත්කර ගැනීම එහි ඊළඟ ප‍්‍රතිඵලය වී ඇත. එවැනි ඇතැම් පුද්ගලයන් එම උසස් තනතුරුවලට පත්වූදා සිට තම පූර්ණ අවධානය යොමු කරන්නේ අදාළ ආයතනය වැඩිදියුණු කිරීමට නොව විවිධාකාරවූ අයථා ක‍්‍රියාමාර්ග තුළින් තම මඩිය තර කර ගැනීමටය.


එහෙම නොකර කොහොමද අපිනේ ගරු ඇමතිතුමා ඔය ඉන්න තත්ත්වයට ගේන්න වැඩ කෙරුවේ. අද වුණත් ඇමැතිතුමාගෙ  ඕනම උත්සවයකට, රැුස්වීමකට සෙනග ගේන්නේ, ස්ටේජ් ගහන්නේ, කෑමබීම සපයන්නේ අපි තමයි.
ඔවුන් එලෙස සාධාරණීකරණය කරන්නේ තමන් එසේ කිරීමට මුල්වූ හේතු සාධක පෙන්වා දෙමිනි. අදාළ ඇමැතිවරයා පාර්ලිමේන්තුවට යැවීම සඳහා ඡුන්දය ප‍්‍රකාශ කළ අසරණ ඡුන්දදායකයාගේ හඬ යටපත්වී ඔහු වෙනුවෙන් මුදල් විසිකළ ව්‍යාපාරිකයා හෝ සමීප ඥාතියා ඉස්මතුවීම එහි අනිවාර්ය ප‍්‍රතිඵලයවී ඇත.


1977 ජූලි 21 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් මන්ත‍්‍රී ධුර 140 ක් දිනා ගනිමින් අති බහුතරයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන ලද්දේ එජාප නායක ජේ.ආර්. ජයවර්ධන මහතා විසිනි. ඔහු නව ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමෙන් පසු 24 දෙනෙකුගෙන් සමන්විත නව ඇමැති මණ්ඩලයක්ද පත්කර ගැනුණේය. ඉන් අනතුරුව සිදු කෙරුණේ රාජ්‍ය සංස්ථා ඇතුළු ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා අභිනව ප‍්‍රධානීන් පත්කර ගැනීමේ ක‍්‍රියාවලියයි.


‘තම තමන්ගේ අමාත්‍යංශ යටතේ ඇති ආයතනවලට තමුන්නාන්සේලාම සුදුස්සන් පත්කර ගන්න. මම ඒ පත්වීම්වලට ඇඟිලි ගහන්නෙ නෑ’ යි කී ජේ. ආර්. ජයවර්ධන මහතා තමන්ගේ ඇඟ බේරා ගත්තේ එම වගකීම ඇමැති මණ්ඩල සගයන් වෙත පවරමිනි. ඒ අනුව ඊළඟ සති කීපය තුළ මෙරට පිහිටි සියලූම රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා ප‍්‍රධානීන් පත් කෙරුණ අතර ඔවුන්ගේ නාමලේඛනයක් මෙරට ප‍්‍රකාශයට පත් කෙරුණු බොහොමයක් පුවත්පත්වල පළවී තිබුණේය.


මේ අතර එක්තරා සතියේ දිනයක නිකුත් කෙරුණ ඇත්ත පත‍්‍රයේ පළවී තිබුණේ මුළු රටේම ජනතාවගේ කුතුහලයට ලක්වූ ආන්දෝලනාත්මක පුවතකි. ‘අයි.ආර්.සී. කාරයෙක් සංස්ථා සභාපතිවරයෙකු හැටියට පත්කරලා.’ යන ප‍්‍රවෘත්තිය සමග අදාළ පුද්ගලයාගේ නම සඳහන් කර නොතිබුණද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් ලියාපදිංචි කර තිබූ අයි.ආර්.සී. අංකය එහි පැහැදිලිවම දක්වා තිබුණේ මෙන්න ලියාපදිංචි අංකය යන උප ශීර්ෂ පාඨයක් ද සමගය.


ශ්‍රී ලංකා පොලීසියේ වත්මන් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා කියන අන්දමට අයි.ආර්.සී. යන ඉංග‍්‍රීසි අකුරු තුනෙන්  හැෙඟන්නේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරු යන අදහසයි. දණ්ඩනීති සංග‍්‍රහයේ සඳහන් අපරාධයක් සම්බන්ධයෙන් තුන්වරක් අධිකරණයක් මගින් දඬුවම් විඳ ඇති සහ එයින් එක්වරක් සිරගතවූ පුද්ගලයන් මෙලෙස ලේඛනගත කෙරෙන අතර එවැන්නන් සඳහා අංකයක් ලබාදීම ද ශ්‍රී ලංකා පොලීසිය මගින් අතීතයේ සිටම අනුගමනය කෙරෙන ක‍්‍රමවේදයකි.


කෙසේ වෙතත් එදා ඇත්ත පත‍්‍රයේ ප‍්‍රධාන ශීර්ෂ පාඨය වශයෙන් පළකර තිබූ එම ප‍්‍රවෘත්තිය දැක මුළු ආණ්ඩුවම ගිනිගත්තේය. එවකට අග‍්‍රාමාත්‍ය ධුරය දැරූ ජේ. ආර්. ජයවර්ධන මහතා ද කලබල වී ඒ ගැන වහාම සොයා බලන ලෙස පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහතාට නියෝග කළේ තම ධර්මිෂ්ඨ පාලනය යටතේ එවැන්නක් සිදු නොවිය යුතු බව කියමිනි.


මේ අතර ඊට දින දෙකකට පසු එම සිද්ධියට අදාළ තවත් ප‍්‍රවෘත්තියක් ඇත්ත පත‍්‍රයේ පළවී තිබුණේය. එහි සඳහන් වූයේ අයි.ආර්.සී. ලේඛනයේ නම ඇතුළත්වූ පුද්ගලයා එම සංස්ථා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි. ඒ අනුව ප‍්‍රශ්නය නිරාකරණය වුවද එම පුද්ගලයා අදාළ තනතුරට පත්කළ ඇමැතිවරයාට ලොක්කාගෙන් බඩ පුරා බැණුම් ඇසීමට සිදුවී තිබුණේය.

 

නිහාල් ජගත්චන්ද්‍ර