ඒ 90 දශකයේ අග භාගයයි. ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම ලෝක කුසලාන දිනූ උණුසුමින් ජනතාව උදම් වී සිටියහ. සිංහල සිනමාවේ නිර්මාණ පෙළකට ජාත්‍යන්තර සම්මාන ලැබීම ද උදම් ඇනියයුතු තවත් කරුණක් විය.


මෙම ජයග‍්‍රහණ සඳහා දායක වූ ක‍්‍රිකට් කණ්ඩායමටත් හෙළ නිළි රැුජින මාලිනී ෆොන්සේකා ඇතුළු කලාකරුවන් පිරිසකටත් උපහාර දැක්වීමේ උළෙලක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී සංවිධානය කර තිබිණ.


”කලාවයි කි‍්‍රකටුයි එකට සමරන්නෙ කොහොමද? සංවිධායකයන්ට පිස්සුද?”
සමහරු ඇසූ ප‍්‍රශ්නයකි. කෙසේ වෙතත් හවස් වනවිට ශාලාවේ අසුන් සියල්ලම ”කලාතරු” හා ”කී‍්‍රඩා තරු” වලින් පිරී තිබිණ.
සනත්, අර්ජුන ඇතුළු කි‍්‍රකට් දැවැන්තයන් හා රවින්ද්‍ර රන්දෙණිය යුරෝපීය ඇඳුමින් ද මාලනී ෆොන්සේකා නිළි රැුජිණ සුපුරුදු චාම් ඔසරියෙන් ද සැරසී සිිටියහ.


උපහාර උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා වූයේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාය. ඒ වනවිට ඔහු දේශපාලනයට අවතීර්ණව සිටි අතර ජනපති ආර්. පේ‍්‍රමදාස මහතාගේ ඇරයුමින් මාතර දිස්ති‍්‍රක්කයට එජාපයෙන් තරග වැදී එතෙක් දකුණු පළාතේ රජයමින් සිටි ප‍්‍රබල දේශපාලනඥයන්ට වඩා විශාල වැඩි ඡුන්ද සංඛ්‍යාවකින් දිස්ති‍්‍රක්කය ජයගෙන තිබිණි. සැලකිය යුතු ඇමැති තනතුරක්  ගාමිණීට ලැබේ යැයි සිතූ අතර චිත‍්‍රපට කර්මාන්තය ද ඉන් බැබළේ යැයි ජනතාව ප‍්‍රාර්ථනා කළහ.


එහෙත් ගාමිණීට පිරිනැමුණේ නියෝජ්‍ය කතානායක ධුරයයි. ගාමිණී සාමාන්‍යයෙන් සුළු ඉඟියකින් වුවත් කෝපවන දරදඬු පුද්ගලයෙකු ලෙස මතයක් කලාකරුවන් අතරත් මිතුරන් අතරත් තිබිණ.


දිවංගත වෝල්ටර් මේදිස් නිෂ්පාදනය කළ ”සීගිරි කාශ්‍යප” චිත‍්‍රපටයේ රඟපෑ ගාමිණී, ජෝ, මාලිනී, ශේන් ගුණරත්න ආදීහු එදා ගම්පහ අස්ගිරිය මල්වත්තේ දර්ශනයක් සඳහා සූදානම් වූහ. එතැන සිටි බීමත් පුද්ගලයෙකු අනිසි වදනක් පවසනු ගාමිණීට ඇසුණි. ඔහු රූපගත කිරීම පසෙකට තබා රජ ඇඳුම් පැලඳුම් පිටින්ම බේබද්දා හඹාගෙන යනු පෙනිණි.


ඔවුන් අතර සිදුවන්නට ගිය ද්වන්ධ සටන බේරාගත්තේ අසීරුවෙන් බව එකල තතුදත්තෝ පවසති. වරක් රූපගත කිරීමකදී විජයගේ පහරක් ගාමිණීට වැදීමේ වාඩුව ගන්නා ලද්දේ වෙනත් රූපගත කිරීමකදී විජයට පහර දීමෙනි. මෙවැනි සිද්ධි ගණනාවක් ගාමිණීගේ ජීවිත කතාවේ දැක්වේ.


උපහාර උළෙලට ගාමිණී පැමිණියේ බටහිර ඇඳුමින් සැරසී ඔහුගේ පෞරුෂය විදහා පාමිනි.


”ගරු නියෝජ්‍ය කතානායකතුමා අපි ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා.” උත්සවය පුරාම ඇසුණේ ”නියෝජ්‍ය කතානායක” යන දේශපාලන තනතුර පිළිබඳ ආමන්ත‍්‍රණයයි.


ඊළඟට කී‍්‍රඩා තරු හා කලාකරුවනට සම්මාන දීමට හේතු පාඨ කීම සිදුවිය. මෙහිදී මාලිනිය පිළිබඳව හඳුන්වා දීමට නියමිතව තිබුණේ නව පරපුරේ දක්ෂ සිනමා අධ්‍යක්ෂවරයකුටය.


”මාලනී අක්කට අපේ ගෞරවය ආදරය අසීමිතයි. ඇය සිංහල සිනමාවේ විශිෂ්ට චරිතාංග නිළියක් බවට විවාදයක් නෑ. ඒත් ඇගේ දුර්වලකම් ගැන මට නොකියා ඉන්න බැහැ. හොලිවුඞ් හා බොලිවුඞ් නිළියන් ගැන සිතද්දී මාලනී ඉන්නේ බොහෝම පහළ අඩියකයි. ඇය මෙතැන් සිටවත් ජාත්‍යන්තර මට්ටමේ රඟපෑම් සඳහා යොමු වුණොත් ඇයට ඉදිරියට යන්න පුළුවන් වේවි.”


සභාව තුෂ්ණිම්භූතව ඔහුගේ අලූත් විග‍්‍රහය අසා සිටියා මිස හරස් නොවූහ.


”මීළඟට ඔබ අමතන්නේ ගරු නියෝජ්‍ය කතානායක ගාමිණී ෆොන්සේකා”


නිවේදකයාගේ හැඳින්වීම අනුව තම යුරෝපීය ඇඳුම් කට්ටලය සකසාගත් ගාමිණී පිරුණු කම්මුල් බිමට නැඹුරු කරගෙන මයික‍්‍රෆෝනය දෙසට පිය නැගීය.


”මුලින්ම කියන්න කැමැතියි මං මෙතනදී නියෝජ්‍ය කතානායක නොවෙයි. ගාමිණී ෆොන්සේකායි. තනතුරු ලැබුණා කියල මං වෙනස්වෙලා නෑ.


දෙවැනි කාරණේ කලාකරුවන්ටයි කි‍්‍රකට් ගහපු අපේ කොල්ලන්ටයි  එකට උපහාර දෙන එකේ කිසිම වැරැුද්දක් නෑ. අපි ශ්‍රී ලාංකිකයො.
තුන්වැනි කාරණේ මාලනී ගැන හඳුන්වා දෙන්නට සුදුසුකම තියෙන්නේ ඇයගේ කැපවීම ගැන දන්නා කෙනෙකු මිසක් ඊයේ පෙරේදා කලාව හඳුනාගත්ත ගිරවෙකුට නොවෙයි.


ගාමිණී තැන්පත්ව ඇරඹූ කතාව මඳින් මඳ වේගවත් විය.


”අපේ කි‍්‍රකට් ගහපු කොල්ලො ලෝක කුසලානෙ උස්සන තැනට ආවේ බොහොම දුක් මහන්සියෙන්. ලොකු කට්ටක් කාලයි. සුද්දන්ගෙන් කෙනෙහිලිකම් විඳල පාකිස්තානුවන්ගෙන් බෝතල් පාරවල් කාලා. අභූත චෝදනා විඳල තමයි උන් තමන්ගේම කියලා නමක් හදාගත්තේ. ඒ අපේ රට වෙනුවෙන්.


ඒ වගේම තමයි මේ දුප්පත් කෙල්ල මාලනී, සිංහල සිනමාවෙ රඟපෑම කියන භූමිකාවට ආධාර අනුබල, අනුග‍්‍රහ අද වගේ නොලැබුණු කාලේ පාසල් ගමනත්, අනාගත බලාපොරොත්තුත් අත් ඇරල මේ කෙල්ල සිංහල සිනමාව වෙනුවෙන් කැපවුණා. ඇය නිසා මං වගෙ අයටත් කීර්තිය ලැබුණා. රටටත් කීර්තිය ලැබුණා.” 


අපේ කලාව හා කී‍්‍රඩාව සන්සන්දනය  කරමින් මහා රංගධරයා කළ ප‍්‍රකාශය නිසා සභාව ගිඟුම් දුන්නේය.


”මාලිනී බොලිවුඞ් ද හොලිවුඞ් ද කියලා හොයනවාට වඩා අපේම කෙල්ලෙක් කියල හිතුවොත් තමා නියම උපහාරය”
ඒ ගාමිණී ෆොන්සේකාගේ දේශපාලන කලාවයි. 

ඔබ රඟපෑම ඉගෙන ගත්තේ බටහිර සිනමාවේ මාලන් බ‍්‍රැන්ඩෝගෙන් ද පර්ල් මොන්ටි‍්‍රගෙන්දැයි වරක් නිවේදක ශී‍්‍රමත් ඉන්ද්‍රජිත් ලියනගේ ඇසීය.


”මං රඟපෑම ඉගෙන ගත්තේ ලැඞී රණසිංහගෙන්. මගේ ජයභූමිය මරදානයි.” ගාමිණී කීවේය.


ගාමිණී ෆොන්සේකාගේ සිනමා දැක්ම තුළ දේශපාලනය පිරී පැවතිණ.     ”පරසතුමල්, සාගරයක් මැද, සරුංගලේ, නොමියෙන මිනිසුන්, අන්තිම ?” ආදී උසස් සිනමා කෘති තුළ ආන්දෝලනාත්මක දේශපාලන චරිත රඟපාමින් හා දේශපාලන කලාවට නව අරුතක් සපයමින් පෙන්වූ පෞරුෂය කිසිදා අමතක නොවේ.


ගාමිණීගේ දේශපාලන කියවීම සිංහල මෙන්ම දමිළ පේ‍්‍රක්ෂකයෝ ද ඉතසිතින් වැලඳගත් බව සිනමාහල් පිරී ඉතිරී යාමෙන් පෙනේ. ප‍්‍රධාන භාෂා තුනම ව්‍යක්ත ලෙස හැසිර වූ ගාමිණී භීෂණ සමයේ සාම නියෝජිතයකු ලෙස සලකමින් ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග විසින් උතුරු නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස පත්කරන ලදී.


”සිනමාවට සීමා බන්දන අර්බුද නෑ. අපි එදා එම්.ජී.ආර්ටත් හුරේ කිව්වා. තේ රබර් වගා බිමෙන් කම්හල් බිමෙන් ඒ ආදරය අඩු වුණේ නෑ. අපි ඉන්දියාවේ සිනමාව, ගීත, රඟපෑම් අනුකරණය කරල ඉන්දීය චිත‍්‍රාගාරවල, ශබ්දාගාරවල, රසායනාගාරවල උදව්වෙන් දියුණු වුණ පිරිසක්. ඉන්දීය විරෝධය මම නම් අනුමත කරන්නේ නෑ.” ගාමිණී නොබියව කීය. රාජ්‍ය චිත‍්‍රපට සංස්ථාව හා ඇතැම් විචාරක මතවලට ගාමිණී තදින් පහර දුන්නේය.


”චිත‍්‍රපට සංස්ථාව කළ යුත්තේ දමිල ව්‍යාපාරිකයන් අත තිබෙන  කර්මාන්තය උදුරා ගැනීම නොවේ. ගිනි තබා විනාශ කිරීමත් නොවේ. හැදී ගෙන එන හොඳ සිංහල චිත‍්‍රපට පාලනය කිරීමත් නොවේ. ඒක පාපයක්. අපේම මුහුණුවර පිළිබිඹු කරන අභියෝගාත්මක නිර්මාණ හැදීමයි.” ගාමිණී අවසන් මාධ්‍ය සාකච්ඡුාවේදී පැවැසීය.

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි