IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රනිල් විරෝධය උග්‍ර අතට

 

2013 අවුරුද්දේ අවසාන හරිය වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය උග්‍ර අතට හැරිලා තිබුණේ. මේ අර්බුදයට නොයෙකුත් බාහිර පාර්ශ්වයන් සම්බන්ධ වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම මහා සංඝරත්නය මේ ප්‍රශ්නයට මැදිහත්වීම හේතුවෙන් තත්ත්වය තවත් අවුල් සහගත තැනකට පත්වුණා.


ගිරාඹේ ආනන්ද හාමුදුරුවෝ, උලපනේ සුමංගල හාමුදුරුවෝ, මීටියාගොඩ ගුණරතන හාමුදුරුවෝ, බෝපිටියේ ධම්මිස්සර හාමුදුරුවෝ වගේ ස්වාමීන් වහන්සේලා රනිල් වික්‍රමසිංහ විරෝධී ස්ථාවරයක් අරගෙන පක්ෂ නායකත්වය වෙනස්විය යුතුයි කියමින් දැඩි විරෝධතාවයක් සංවිධානය කරන්න පටන් ගත්තා. මේ හැමෝම කියන්න පටන්ගත් කාරණා දෙකක් තිබුණා. එකක් තමයි රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතුයි කියන කාරණය, අනිත් එක තමයි කරූ ජයසූරිය එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයට පත්කළ යුතුයි කියන කාරණය. මේ කණ්ඩායමට සජිත් ප්‍රේමදාසගේ සහයෝගය ලැබුණා. ඊට අමතරව පක්ෂයේ මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසකුත් මේ කණ්ඩායමට හවුල්වෙලා හිටියා. රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරල, සුජීව සේනසිංහ, අශෝක අබේසිංහ ඇතුළු පිරිස මේ කඳවුරේ ඉඳපු අය.


මේ නිසා මීට කලින් විටින් විට ඇති වුණු තත්ත්වයට වඩා ටිකක් බරපතළ වුණා. එන්න එන්න මේ තත්ත්වය නරක අතට හැරෙන්න පටන් ගත්තා.


මීට කලින් මේ පිරිසගේ ස්ථාවරය වෙලා තිබුණේ සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වයට පත් කළ යුතුයි කියන එක. නමුත් මේ වතාවෙ මේ අයගෙ යෝජනාව වුණේ කරු ජයසූරිය අතට නායකත්වය බාර දිය යුතුයි කියලා. මේ ප්‍රශ්නය විසඳගන්න සාකච්ඡා වට ගණනාවක් පැවැත් වුණා. විවිධ විසඳුම් යෝජනා ආවා. ඒත් ඒ එකක්වත් හරි ගියේ නෑ. අත්තිමේදී රනිල් වික්‍රමසිංහ ඉවත් කළ යුතුයි කියලා යෝජනාවක් ආවත් එහෙම හිතූ හැටියට ඔහුව ඉවත් කරන්න බැරි නිසා රනිල් වික්‍රමසිංහගේ ගෞරවය ගැනත් කල්පනා කරලා පක්ෂ අභ්‍යන්තර කටයුතුවලට රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම අඩු කරලා ඒ වෙනුවට පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධාන වැඩකටයුතු ඇතුළු තීන්දු තීරණ ගන්න නායකත්ව මණ්ඩලයක් පත්කරන්න යෝජනා වුණා.


මේ යෝජනාව මුලින්ම ආවෙ ගිරාඹේ හාමුදුරුවො ඇතුළු කණ්ඩායමෙන්. මේ ගැන සාකච්ඡා කරන්න රනිල් වික්‍රමසිංහත් එකඟ වුණා. ඒ සාකච්ඡාවෙදි මුලින්ම ආපු ප්‍රශ්නය තමයි රනිල් වික්‍රමසිංහ කොහොමද ඉවත් වෙන්නේ කියන දේ. ඔහු ඉවත් වෙනවනම් ඔහුට ගෞරවණීය සමු දීමකට සියලු දෙනාම එකඟ වුණා. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා කියන එක වෙනුවට ඔහු ජාතික නායකයා වශයෙන් හඳුන්වන්න යෝජනා වුණා. ඒ වගේම අලුතෙන් පත්වන නායකත්ව මණ්ඩලයේ මූලිකත්වය කරු ජයසූරියට ලබා දෙන්නත් යෝජනා වුණා. අවසානයේදී රනිල් වික්‍රමසිංහ මේ යෝජනාවටත් එකඟතාවක් දැක්වූවා. ඔහුට එවැනි නම්‍යශීලී ප්‍රතිචාරයක් දක්වන්න සිද්ධ වුණේ ඔහුට විරුද්ධව ආපු විරෝධයේ ප්‍රබලතාවය දැකලා වෙන්න ඇති. ඉදිරි සම්මේලනයකදී මේ කාරණය පක්‍ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කරන තුරු එකඟතාවකින් වැඩ කරමු කියලා රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.


මේ එකඟතාවයෙන් පස්සේ අපි පළමු රැස්වීම තිබ්බේ කොල්ලුපිටියේ පොල්වත්ත පන්සලේ. ඒ රැස්වීමේදී අපිට තිබුණු ගැටලු රැසකට විසඳුම් යෝජනා වුණා. එතනදී අවසන් එකඟතාවකට ආවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී නායකත්ව මණ්ඩලය පිහිටවමු කියලා මෙන්න මේ නායකත්ව මණ්ඩලය  පිහිටුවන්න අපි සිරිකොතේ රැස්වුණු දවසෙ තමයි ගලගොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවෝ සිරිකොතට කඩා වැදිලා ප්‍රශ්නයක් ඇති කළේ. ඥාණසාර හාමුදුරුවෝ සිරිකොතේ පැවැත්වුණු උතුරේ ජනතාව වෙනුවෙන් සංවිධානය වුණු ප්‍රදර්ශනයකට විරෝධය දක්වන්න අපේ රැස්වීමට ආපු අයයි ඥාණසාර හාමුදුරුවෝ එක්ක ආපු පිරිසයි නිසා සිරිකොත අවට දැඩි තදබදයක් ඇති වුණා. මේ නිසා එතන ඒ වෙලාවේ නොසන්සුන්තාවකුත් ඇති වුණා.


පක්ෂයේ නායකත්ව මණ්ඩලය පත් කිරීම යෝජනා වුණු විදියට සිදු වුණත් අවසාන මොහොතේ මේකට විරෝධය පළ කරලා සජිත් ප්‍රේමදාස ඉවත්වෙලා ගියා. සජිත් ඉවත් වෙනවාත් එක්කම තලතා අතුකෝරල ඇතුළු පිරිසක් ඉවත් වුණා. ඒ අය නායකත්ව මණ්ඩලයට විරෝධය පළ කළා. මේ විරෝධය හරහා නායකත්ව මණ්ඩලය ප්‍රතිඵලදායක මට්ටමක පැමිණෙන එකක් ද කියලා හැම දෙනාම කල්පනා කළා. මොකද මේකෙ ප්‍රධාන පාර්ශ්වකරුවන් දෙන්නෙක් විදිහට කරු ජයසූරියත් සජිත් ප්‍රේමදාසත් හිටියා. නායකත්ව මණ්ඩලය නමට ක්‍රියාත්මක වුණත් බොහෝ දෙනා හිතපු ආකාරයට මේකෙන් ප්‍රතිඵලදායක දෙයක් වුණේ නෑ. ප්‍රතිපත්තිමය හේතුවක් නිසා අතරමගදී මමත් නායකත්ව මණ්ඩලයෙන් ඉවත් වුණා. එත් එක්කම නායකත්ව මණ්ඩලය එහෙමම දියවෙලා ගියා.

 

 

 


තව කොටසක් ලබන සතියේ.
ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

රනිල් විරෝධය උග්‍ර අතට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31322 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13536 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site