කොළඹට ළඟම අර්ධ නාගරික ප‍්‍රදේශයක් ලෙස ‘පෑලියගොඩ’ දේශපාලන ඉතිහාසයේ ලියැවෙයි. කැලණිය ආසනයේ කොටසක් ලෙස අදත් ‘පෑලියගොඩ’ හැඳින්වෙයි. අක්කර සියගණනකට විහිදුණු පුළුල් කීරකොටු, පැල්පත්, වෙල්යාය හා ලඳු කැලෑවලින් ගහන පෑලියගොඩ දේශපාලන බලය අත්කර ගැනීමට එදා යූඇන්පිය සහ ශ්‍රීලනිප ලොකු සටනක් ගෙනගිය අතර වාමාංශික බළකොටුවක් ලෙස මෑතක් වන තුරුම එය වැජඹිණ.

 

රතු කඳවුරේ ආදීතමයකු වන කැලණිය තොරණ හන්දියේ කරුණාරත්න විලේගොඩ පවසන ලෙසට කැලණිය, මහර, බියගම, දොම්පේ ආසන මායිම් ඇතුළත්ව ඌරුවල්පේරුව, ඇටිකෙහෙල්ගල්ල දක්වා ගම්පහ පළාතේ ලොකු භූමියක් කැලණිය ආසනයට අයත් වුණි.
වත්තල x මාබෝල ගම්කාර්ය සභාවට අයත් වීම නිසා පෑලියගොඩ x පට්ටිය ලෙස වෙන්ව බෙදුණි. පෑලියගොඩ නියෝජිත වූයේ ස්වාධීන මතවාදි දේශපාලනඥයකු වූ වින්සන් රාජපක්‍ෂය. පට්ටිය කොට්ඨාසයේ ආසන 03 වාමාංශිකයන් තිදෙනකු එකට පත් විය.
වින්සන් ගේ‍්‍රරෝ, ගොන්සාල් අමරසිංහ. සහ පෙපයින් ප‍්‍රනාන්දු යන සම සමාජ නායකයෝ මුල් යුගයේ පට්ටිය නියෝජනය කළහ.
පසුකාලයේ දී යූ. එස්. පෙරේරා, ආර්. එස් පෙරේරා විජේගුණවර්ධන ජෝර්ජ් විලේගොඩ, ඞී. ඒ. පියදාස, දයාරත්න රණේපුර ආදිහු රතුබලය රැුකගත්හ. මෙම පිරිසගෙන් ආර්. එස්. පෙරේරා පසුව ශ්‍රීලනිපයට එක් වී කැලණිය අසුනේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා විය.
අග‍්‍රාමාත්‍ය ඞී. එස්. සේනානයක මහතාගේ අභාවයෙන් පසු 1952 වකවානුවේ ආර්. ඇස් රතු බළ කඳවුරේ ප‍්‍රබලයකු විය. ඔහු සමසමාජ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨතම නායිකාවක් වූ විවියන් ගුණවර්ධනට කැලණිය ආසනයේ ජය අත්පත් කර ගැනීමට යෝධයකු මෙන් උර දුන්නේය.

 

‘‘විවියන්ගේ ගෝලයා’’


එකල ආර්. එස්. හැඳින්වූ නමයි. කතෝලික පරපුරක උපත ලැබූවද ආර්. එස්. තුළ ජනතාව පිළිබඳව තිබුණේ පුදුමාකාර ළැදියාවකි. එසේම ආර්. එස්. ගැන ද ජනතාව තුළ තිබුණේ මුළු හදවතින්ම එන විශ්වාසයකි.


විවියන් රතු බළකොටුව රැුකගැනීමේ සටන ඇරඹුවේ ජයග‍්‍රාහී ලීලාවෙනි. හොඳ කථිකයන් හා මරාගෙන මැරෙන්නට තරම් සවිමත් අවංක රතු භටපිරිසක් හා ඇන්. ඇම්. කොල්වින්, පීටර් කේනමන් ආදී නැණවත් බළමුළුවක් ඇය වටා විය.


නාගරික ඡුන්ද අනිවාර්යයෙන්ම වමේ විවියන්ට ලැබෙන ලකුණු පහළ විය. ඇගේ ප‍්‍රතිවාදින් වූයේ එසේ මෙසේ අය නොවේ. යූ.ඇන්.පියෙන් ජේ. ආර්ය. ශ්‍රීලනිපයෙන් විමලා විජයවර්ධනය.


බණ්ඩාරනායක මැතිඳුන්ට ඇති ජනතා ගෞරවය නිසා ගම්බඳ ඡුන්ද බලය විමලා විජයවර්ධනට හිමි වන ලකුණු පහළ විය. එහෙත් ප‍්‍රබල යූ.ඇන්.පී ආණ්ඩු බලය සහ ජේ. ආර්. වඩාත්ම බලසම්පන්න විය. විවියන් ජේ. ආර්. හා කරට කර තියුණු සටනක් දුන් නමුත් වාමාංශික ඡුන්ද දෙකට බෙදී ඉන් ජේ. ආර්ට වාසි වනු පෙනිණ.


අවසාන මොහොතේදී විවියන්ම කැලණි සටන අත හැරියාය. ඒ වෙනෙකක් නිසා හෝ නොවේ. විමලාවන් ලවා ජේ. ආර්. පැරදවීමේ අදහසිනි. එහෙත් ගැහැනුන් දෙදෙනාව පරදා ජේ. ආර්. ජයවර්ධන කැලණිය දිනුවේය.


කෙසේ වෙතත් ආර්. ඇස්. හා විවියන් අතර මිතුරුදම බොහෝ දුරට ගියේය. වාමාංශිකයන් හා ශ්‍රීලනිපය කඳවුරු බැඳ ගනිද්දී ආර්. එස්. මිතුරු ශ්‍රීලනිපයට එක් වී කැලණියේ ද හිමිකාරයා විය.


වාමාංශික ශ්‍රීලනිප බළකඳවුර දෙදරීමට තවත් හේතු රැුසක් තිබිණ. 1956 මහජන රජය මගින් සිංහල තනි රාජ්‍ය භාෂාව කිරීමේ පනත මැතිසබයට ගෙන ආ අතර වාමාංශිකයෝ එය අනුමත නොකළහ. සමසමාජයේ නායකයන්ගේ මතවාදය පහළ සාමාජිකත්වයට ද බලපෑවේය.


ඇන්. ඇම්. පිලිප්, කොල්වින්, කෙනමන් වැනි සමසමාජ නායකයෝ දෙගිඩියාවෙන් මත  පළ කළහ.
‘‘සමාජවාදී ආණ්ඩුවක් හදන්නයි අපි සටන් කළේ. මෙවැනි බලාපොරොත්තුවකින් නොවෙයි. තනි සිංහල රාජ්‍ය භාෂාව කර නියම සමාජවාදී සමාජයක් බිහිකරන්න බෑ. ඇන්. ඇම්. පිලිප්ට කීය.


‘‘ඒක හරියටම එක භාෂාවයි රටවල් දෙකයි වගේ වැඩක් අප බිහි කළ යුත්තේ කවුරුත් සාමයෙන් ජීවත් වන රටක්.
කොල්වින් ආර්. ද සිල්වාගේ මතය එය විය.’’අපට තියෙන්නෙ එක බත්මුලයිි. ඒක බෙදාගෙන කෑමයි සුදුසු.


එසේ පැවසුවේ පීටර් කෙනමන්ය. 1970 දී ආර්. එස්. ප‍්‍රවෘත්ති හා ගුවන් විදුලි අමාත්‍ය ධූරයේ දිවුරුම් දී අපක්‍ෂපාත පාලනයක් ගෙන යාමට උත්සාහ කළත් ඇතැම් ආගමික බලපෑම්වලට මුහුණ දීමට ඔහුට සිදුවිය.


ඔහු ගොඩනැගූ එක්තරා කිතුනු බාලිකා මහා විදුහලකට සිංහල බෞද්ධ දරුවන් ඇතුළු කරගන්නා මෙන් ඔහු කළ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප වීම නිසා ඉන් කලකිරුණ ආර්. ඇස්. සෑහෙන සටනකින් පසු වහා කිරිබත්ගොඩ, විහාරමහා දේවි බාලිකා විදුහල පිහිටුවා දරුවන්ට නිදහස් අධ්‍යාපනයේ දොරටු විවර කළේය.


ජේ. ආර්. ශ්‍රීලනිප හා වමේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තින්ට විරෝධය පා පෑලියගොඩ සිට කැලණිය වෙහෙර දක්වාත් මහනුවර දක්වාත් පා ගමන් සංවිධානය කළේය. එකල සමසමාජ පක්‍ෂයේ සිටි යූ. ඇස්. පෙරේරා ඇතුළු පිරිස පෑලියගොඩ සිට කැලණියට යමින් සිටි ජේ. ආර්.ගේ පෙළපාළියට අවහිර කළ බව පැවසේ.


යූඇන්පි පාලන සමයේ පාසල් දිවා ආහාරය වන බනිස් ගෙඩිය බෙදීම නතර කිරීම සංකේතවත් කරමින් මග දිගටම කළුකොඩි හා බනිස්ගෙඩි එල්ලා තැබිණ. ඊළඟට පලින් පලට හූවෙන් සංග‍්‍රහ කෙරුණ අතර දිමියන් යෙ¥ මල්මාලා. පැලඳ වූ බව පැරැුන්නෝ කියති
මහනුවර බලා ගිය ජේ. ආර්.ගේ පා ගමනට පෑලියගොඩ සමසමාජ කඳවුරෙන් විරෝධය එල්ල වූ අතර හූ හඬ හා ගල් ප‍්‍රහාරවලට අමතරව පෙළපාලීකරුවන්ගේ දේපොල මංකොල්ල කෑමක් සිදුවූ බව විලේගොඩ මහතා පවසයි.


වාමාංශික කඳවුරේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබුණේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනය. ගතානුගතික ධනේශ්වර වාදී සිතුම් පැතුම් වලින් බැහැරව පෙරළිකාර අදහස් නැති පැවිදි නායකයන් හා ගිහි නායකයන්ගෙන් හෙබි මෙම විද්‍යාස්ථානය දේශපාලන පෙරළි රැුසක් කළ ආයතනයකි.


යූ.ඇන්.පී දායකයන්ගේ ආධිපත්‍යය හා සමාජවාදීන්ගේ ක‍්‍රියාකාරකම් අතර නිරන්තර ගැටුම උග‍්‍ර වූ අතර වල්පොල රාහුල නාහිමියන්ට යූ.ඇන්.පි. මැරවරයන්ගෙන් පහර කෑමට, යක්කඩුවේ ප‍්‍රඥාරාම නාහිමියන් ඇතුළු සඟරුවනට දානමාන වෙනුවට අපහාස ලැබීමට ද මෙම තත්ත්වය හේතුවිය.


සිංහල බෞද්ධ දුප්පත් දරුවන්ට ඉංග‍්‍රීසි පාසලක් හඳුන්වාදීම සඳහා විද්‍යාලංකර පිරිවෙන හා සමාජවාදින් විසින් බිහිකළ ධර්මාලෝක ගුරුකුළ විදුහල් මෙන්ම විශ්වවිද්‍යාලය ද පිරිවෙනින් වෙනත් ස්ථානවලට රැුගෙන යන ලදී.

 
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි