ජූලියා අල්වාරෙස් :න්‍මකස් ්කර්රු‘* නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද ෂබ එයැ එසපැ දf ඉමඑඑැරසෙැි කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.


මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000) ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැබල් සොයුරියන් ඇසුරින් ෂබ එසපැ දf ඊමඑඑැරසෙැි කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ. 


විසිනව වැනි කොටස

 


මා නොදැනුවත්වම මෙන් නායකයාට අත ඔසවා තිබිණ.


එවිටම යෝධ පතුරක් කඩා හැලෙන අයුරින් වැස්ස ඇද හැලෙන්නට විය. මේස රෙදි ගසාගෙන යන්නට වූයේ ඒවා මත තිබූ දෑ බිම හලාගෙනය. ඉටිපහන් නිවී ගියේය. විමතියෙන් කළ කෑ ගැසීම් ඇසිණ, ගැහැනුන් ඔවුන්ගේ පබළු ඇල්ලූ විලාසවත් අත්බෑග හිස මත තබාගෙන දිව ගියේ ඔවුන්ගේ හිසකේ මෝස්තර බේරා ගැනීමටය.


මිනිත්තුවකදී අපගේ පසෙකින් මතුවූ මැනුවෙල් ඩි. මොරයා නායකයා ඇතුළට කැඳවාගෙන යාම පිණිස මඟ පෙන්වීය. අපට ඉහළින් කීල් ආවරණයක් එසැවුණි. “සමාවෙන්න ජෙෆේ” යි ඩොන් මැනුවෙල් බැගෑපත් වූයේ මෙම සොබා දහමේ බාධාව ඔහුගේ වරදින් සිදුවූ අයුරිනි. 


උපස්ථායකයෙකු නායකයාගේ මුහුණෙහි වැගිරෙන පෑන් කේක් ආලේපය තෙත මාත්තු කරන විට ඔහු මා දෙස පරීක්‍ෂාකාරිව බලා සිටියේය. කෝපාවිෂ්ඨ වූ ඔහු ඔවුනගේ අත් ඉවතට තල්ලු කළේය. මා දෑත් බැඳ බලා සිටියේ ඔහු නියෝගය ලබාදෙන තුරුය. ඇයව ලා ලා ෆෝටාලෙසා වෙත ගෙනියපල්ලා’ යි ඔහු කියනු ඇත. ලියෝ ද අත්අඩංගුවට පත්ව සිටියේ නම් මට එහිදී ඔහු දැක ගැනීමට ලැබේදැයි යන පුදුමාකාර සිතිවිල්ල බිය අතරින් මතුවනු දැනිණ. 


නමුත් නායකයාට වෙනත් සැලසුම්ක් තිබිණ. “ඇගේ මනස ඇයට උවමනා හැටිය, මේ පුංචි සයිබීනා එහෙමයි” ඔහු සරදම් කළේ කම්මුල පිරිමදිමින්ය. අනතුරුව ඩොන් මැනුවෙල් වෙත හැරුණු ඔහු පැවසුවේ ඇතුළට යාම සුදුසු බව හා ඒ ගැන නිවේදනයක් නිකුත් කරන ලෙසත්ය. ඔහුගේ පුද්ගලික ආරක්‍ෂකයින් ඔහු වට කරගන්නා විට මා වැස්ස නිසා ඇතුළට යාමට තෙරපෙන ආගන්තුකයින් ගෙන් ගැළවීමට වෑයම් කරන විට ඬේ ඬේ හා පැටි්‍රයා මා දෙසින් මතුවූයේ නැවේ තුඹගස මත සිට විපරම් කළවුන් දෙදනෙකු මෙනි. 


“අප යනවා” යි පැටි්‍රයා පැවසුවේ මගේ අතකින් දැඩිව අල්ලා ගනිමිනි.” ජැමිටෝ වාහනේ ගේන්න ගියා.”


“මම නම් මේ දේට බිංදුවක්වත් කැමැති නැහැ” යි තාත්තා පැවසුවේ හිස සලමිනි. “එල් ජෙෆේගේ අවසරය නැතුව අපි යන එක හොඳ මදි.”


ඔහුගේ සැලසුම් හොඳින් පැහැදිලියි තාත්තා” පැටි්‍රයා කීවාය. ඈ වැඩිමහල් සොහොයුරිය වූ බැවින් අම්මාගේ තැන ගත් අතර, ඇගේ වචනවල ද බරක් තිබිණ. “අපි දිගටම මෙතැන හිටියොත් යතර්වාගේ ජීවිතයට අනතුරුදායකයි.” පෙඩි්‍රටෝ හිස ඔසවා පුපුරා යන, නිවී යන ලන්තෑරුම් දෙස නෙත් යොමු කළේය. 


“කොහොම වුණත් සාදය කඩාකප්පල් වෙනවා ඩොන් එන්රිකේ. වැස්ස නිදහසට කාරණාවක් කරගත හැකියි.” තාත්තා දෙවුර ඔසවා යළි පහත වැටෙන්නට හැරියේය. “ඔබලා තරුණ උදවිය, දන්නවා කළ යුතු දෙය.”
අප ආවරණය වූ දොරටුව දෙසට දිව ගියේ තවමත් නොපෙරළී තිබූ රුවල් ඔරුව සහිත මේසයක් පසු කරමින්ය. එය නැති අඩුව කිසිවෙකුට නොපෙනෙනු ඇතැයි සිතූ මම කුඩා ලී භව සායේ නැවුම් අතර රඳවා ගතිමි. එවිටම මට යමක් සිහිවිය. “අනේ පැටි්‍රයා මගේ පර්ස් එක මේසෙ උඩ අමතක වුණා.”


අප ආපසු දිව ගිය ද එය සොයා ගත නොහැකි විය. “සමහර විට කවුරුහරි ඒක ගන්න ඇති. ඒක ඔයාටම එවයි. නායකයාගේ මන්දිරයෙන් සොරකම් කරන්න කවුරුවත් පෙළඹෙන්නෙ නැති වෙයි.” පැටි්‍රයා මතක් කළාය. මගේ අතේ තිබූ රුවල් ඔරුවේ බර වැඩි වනු දැනිණ.


අප යළි දොරටුව වෙත දිව යන විට ෆෝඞ් රිය දොර ළඟ නවතා තිබු අතර, සෙස්සෝ එහි වූහ. අධිවේගී මාර්ගයට පිවිසෙන විට මා කම්මුල් පහර සිහිකෙරුවේ දලුලා වැඩෙන බියක් සමගින්ය. කිසිවකු හෝ ඒ ගැන සඳහන් නොකළේය. එබැවින් ඔවුන් එය දැක නැතැයි මට තහවුරු විය. ඒ ගැන කියා ඔවුන් කනගාටුවට පත් කළ යුතු නැතැයි මට සිතුණි. ඒ වෙනුවට මගේ සිත සන්සුන් කර ගැනීම පිණිස එක නියපොත්තක් ළඟට තව එකක් වශයෙන් බිලිවුණි. පසුම්බියේ තිබූ දෑ මතකයට නංවා ගැනීමට වෑයම් කරමින් මා සැබෑවටම අහිමි වූයේ මොනවා දැයි කල්පනා කළෙමි. පෙසෝ කිහිපයක් සහිත මගේ පැරණි වොලට්ටුව, මගේ හැඳුනුම්පත, ඒ ගැන වාර්තා කිරීමට සිදුවනු ඇත. මා එල් ගැබලෝ වෙතින් මිලදී ගත් රතුපාට රෙව්ලෝන් තොල් ආලේපන කූරක්, මුහුදේදී මරා නොදැමුණ ලුපරත් වීරයෙකුගේ අළු සහිතව ලියෝ මට දී තිබූ කුඩා නිවියා ටින් එකක්, අනතුරුව එහි වූ භයානකම දෙය මගේ සිහියට නැගුණි. එහි ඇතුළත සාක්කුවේ ලියෝ ගේ ලියුම් ද තිබිණ. 


නිවස බලා එන අතරතුර මා බුද්ධි නිලධාරියකු මෙන් ලිපිවල වූ දෑ විමර්ශනය කිරීමට වෑයම් කෙළෙමි. මගේ දෙපස සිටි දෙසොහොයුරියෝ ගොරවමින් නිදා ගත්හ. නින්දෙන් සහනයක් ලැබීමට සිතා මා පැටි්‍රයා වෙත නැඹුරු වෙත්ම රළු යමක් පයේ පෑගෙනු මට දැනිණ. මගේ පසුම්බිය නැතිවී ඇතැයි යන හදිසි බලාපොරොත්තුව මසිත අරක් ගත්තේය. නමුත් පහළට නැඹුරු වූ මට හසුවූයේ මගේ තෙත ඇඳුමෙන් රූරා වැටුණු කුඩා රුවල් නැවය. 


වැස්ස ප්‍රහාරාත්මක වුණි.


උදේ කාලය පුරා වැස්ස ඇදහැලෙමින් ජනේලවලට පහර දුන්නේ නිවස තුළ හඬවල් බොද කරමිනි. මා ඇඳෙන් නැගිටීමේ උවමනාවකින් තොරව වැතිර සිටියේ එම අඳුරු දවසට මුහුණ දීමේ අසීරුවෙනි.
නිවසට යොමුවන පාරේ මඩ කලතමින් මෝටර් රියක් ළඟා වනු ඇසිණ. සාලයෙන් ගොරෝසු කටහඬවල් ඇසුණි. සාදයේ සිට ගවර්නර් ඩිලා මාසා විත් සිටියේය. අපගේ පැමිණීම පිළිබඳව අවධානයට ලක්ව තිබු අතර, සෙනඟ රැස්වන ඕනෑම තැනකින් නායකයාට පෙරාතුව පිටව යාම නීති විරෝධී දෙයකි. ඔහු කෝපාවිෂ්ටව හැම දෙනාම හිමිදිරිය වනතුරු රඳවාගෙන තබා ඇත්තේ සමහර විට අප වේලාසන නික්ම ගිය බව වඩාත් ප්‍රදර්ශනය කිරීමට විය යුතුය.


කළ යුතු කුමක්ද? ඔවුනගේ ළතැවුලට පත් කට හඬවල් මට ඇසිණ. තාත්තා ගවර්නර්වරයා හා පිටත් වූයේ නායකයාගේ සමාව ඉල්ලා විදුලි පණිවිඩයක් යැවීමටය. ඒ අතර ජැමිටෝගේ පියා ඔහුගේ හිත මිතුරු කර්නල්වරයකු ඇමතුවේ ගින්න නිවා දැමීමේ මගක් සෙවීමටය. පෙඩි්‍රටෝ පවුලේ හිතවතකු වූ ඩොන් පේටන් හමුවීමට ගියේය. ඔහු තජිලෝගේ සහෝදරයෙකි.


දැන් අපට කළ හැකි එකම දෙය වූයේ නිවසේ වහල මතට වැසි වැටෙන හඬ අසා සිටීමය.


තාත්තා ආපසු පැමිණෙන විට ඔහු දිස්වූයේ දස වසරකින් වියපත්ව සිටි අයුරිනි. ඔහු වාඩි කරවීමට හෝ සිදුවූයේ කුමක් දැයි දැන ගැනීමට අප කිසිවකුට නොහැකි විය. ඔහු නිවස පුරා එහා මෙහා ඇවිදිමින් සිටියේ ඔහු රැගෙන ගියහොත් අප කළ යුතු කුමක් දැයි යළි යළිත් විමසමිනි. පැය ගණන් ගෙවී යන විට නිවසේ දොරකඩට සෙබළු නොපැමිණි බැවින් ඔහු මදක් සංසුන් විය. අනතුරුව ඔහු සිය ප්‍රියතම ආහාරය වූ ඌරු මස් සොසේජස් ස්වල්පයක් ගෙන පමණට වැඩියෙන් බීමත්ව ගොම්මන ළඟාවත්ම විඩාබරව ඇඳට ගියේය. අම්මාත්, මමත් අවදිව සිටියෙමු. අහස ගොරවන වරක් පාසා අප තිගැස්සුණේ සෙබළුන් විත් නිවසට වෙඩි තබන බව සිතාය.
පසුදා උදෑසන පෙර දින වර්ෂාවෙන් කොකෝවා වගාවට හානි වී ඇත් දැයි බැලීමට තාත්තා නිවසෙන් පිටව ගොස් සිටියදී ජීප් රියක නැගී සෙබළු දෙදෙනෙක් එහි ළඟා වූහ. ආණ්ඩුකාරවරයාව සිටි ඩිලා මාසාට මාත් තාත්තාත් වහාම හමුවීමට උවමනා වී තිබිණි.


“ඇයි මොනවටද?” අම්මා ඇසුවේ මා දක්වමිනි. නිලධාරියා දෙවුර හැකිළුවේය.


ඇය යනවා නම් මාත් යා යුතුයි” අම්මා එසේ කීවත් ඒ වන විටත් භටයා ඇයට පිටුපා ඉවත්ව ගොස්ය.

 

 

 

 


පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර