දකුණු පළාතේ හිනිදුම් පත්තුව ගිං ගඟ නිම්නයේ මාපලගම නම් රමණීය ගම්මානයේ උපත ලද මාතරගේ සිරිසේන අමරසිරි මෙරට විසූ කෘතහස්ත දේශපාලනඥයෙකි.
ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනයට අත්පොත් තැබූ අමරසිරි මහතා ඉතාම ළාබාල අවදියේදීම මාපලගම ප්‍රදේශයේ ගම් සභාපතිවරයා බවට පත්විය.
1960 වසරේ පැවැත්වූ මහ මැතිවරණයේ දී පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් ඇම්. ඇස්. අමරසිරි මහතා පළමු හිනිඳුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට ද පත්විය.
වන දුර්ග, ගිරි දුර්ග පසු කරමින් කටු කොහොලින් පිරි දේශපාලනයේ ජයග්‍රාහී මාවතකට අවතීර්ණයවීමට අමරසිරි මහතාට හැකිවූයේ කිතුල් හකුරු කෑල්ලක් හා තේ කහට උගුරක් බී කුඹුරේ කමතේ නියරේ තේ හේනේ වෙහෙසෙන මිනිසුන්ගේ දහදිය සුවඳ හඳුනාගත් අව්‍යාජ සුන්දර ගැමි නායකයෙක් වූ නිසාය. 1964 දී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වන අමරසිරි මහතා 1965 වසරේ පැවැති මහා මැතිවරණයෙන් එජාපයෙන් තරග කොට හිනිඳුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට පත්විය. නැවත 1977 දී එජාපය ලද ජයග්‍රහණයෙන් වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ඉන්පසු වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන්ද සමුපකාර ක්ෂේත්‍රයේ ලබා ඇති අත්දැකීම් සමග කටයුතු කිරීමට හැකි වන්නේය. මහපොළ සංකල්පයේ තිරයෙන් පිටුපස සිටි යෝධ ශක්තිය ඇම්. ඇස්. අමරසිරි මහතා යැයි කිවහොත් එය නිවැරදිය.
මාපලගම නියාගම විජිත මධ්‍ය මහා විද්‍යෘලයේ පැවැති වෙළෙඳපොළක් ඇසුරින් “මහාපොළ” බිහිවූ බව සමහරුන් නොදන්නවා විය හැක. එහෙත් “මහාපොළ” තිඹිරිගෙය මාපලගම නියාගම බව මේ මොහොතේදී සඳහන් කළ යුතුව ඇත. “මහාපොළ” සංකල්පය ගම් දනව් සිසාරා යෝධ ශක්තියක් බවට පත් කිරීමට මූල බීජ වැපුරුවේ මාතරගේ සිරිසේන අමරසිරි නම් කෘතහස්ත දේශපාලනඥයා බවද මේ මොහොතේ සිහිපත් කළ යුතුව ඇත.
ගාලු ගඟබඩපත්තුවේ මාපලගම විසූ අමරසිරි මාතරගේ දොන් කොරනේරිස් ද සිල්වා සහ ඉලේසිංහ කංකානම්ලාගේ දෝන සිසිලියා යන දම්පතීන්ගේ දයාබර පුත්‍ර රත්නයක් ලෙස 1925 සැප්තැම්බර් මස 05 වැනි දින උපත ලද සිරිසේන අමරසිරි දරුවා මූලික අධ්‍යාපනය ලබන්නේ ගා/වලාමුර රජයේ පාසලෙනි. උසස් අධ්‍යාපනය සඳහා ගාල්ල ඇලෝසියස් විදුහලට ඇතුළුවන සිරිසේන අමරසිරි සිසුවාට ඉංග්‍රීසි සාහිත්‍යය උගන්වනු ලබන්නේ පසුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ධුරයෙන් පිඳුම් ලැබූ ගාල්ලේ විජයානන්ද දහනායක නම් දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයාය. පසුකාලීනව මේ ගුරු සිසු දෙපළම එකම පාර්ලිමේන්තුවේ එකට වැඩ කිරීමට ලැබිම දෛවෝපගත සිදුවීමක් යැයි වරෙක විජයානන්ද දහනායක මහතා ප්‍රකාශ කොට ඇත.
කල්කටා විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී උපාධිය ලැබූ අමරසිරි මහතා 1959 දී බෙන්තොට යාත්‍රාමුල්ලේ පාඨශාලාචාරිනී එස්. වී. තෙවරප්පෙරුම මෙනෙවිය සමග විවාහ දිවියට ඇතුළත් වී උපාලි සරත් ඩන්ස්ටන්, ඩෙරික් සෙනරත් ආනන්ද යන පුතුන් දෙදෙනාගේ ද ඩොරින් සුනිමාලී උදයාංගනී නම් දියණියගේ ද දයාබර පියාණන් බවට පත්විය. ඇම්. ඇස්. අමරසිරි මහතාගේ දේශපාලන දිවියේ මෙන්ම පෞද්ගලික දිවියේ ඉතාම රසවත් මෙන්ම වැදගත් දිනයක් වූයේ 1960 අප්‍රේල් 6 වැනිදා බව ඔහුගේ ජීවන තොරතුරු සොයා යෑමේ දී මට දැන ගැනීමට හැකිවිය. එනම් 1960 අප්‍රේල් 06 වැනිදා ප්‍රථමවරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට දිවුරුම් දෙන දිනයේදීම සිය බිරිඳ එස්. වී. තෙවරප්පෙරුම මහත්මිය සිය කුළුඳුල් දරුවා වූ උපාලි අමරසිරි මෙලොවට බිහිකර ඇත. මේ අනුව ඇම්. ඇස්. අමරසිරි මහතා එක පැත්තකින් දයාබර පියාණන් කෙනෙකු බවට පත්වන්නා සේම අනිත් පැත්තෙන් මහජන නියෝජිතයකු බවට පත්විය. සිය කුළුඳුල් දරුවාගේ මුහුණ දැක පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට ගිය බව තවමත් ජීවත්වන අමරසිරි මහතාගේ ඥාතිහු පවසති. කැබිනට් මණ්ඩලයේ වගකිව යුතු අමාත්‍ය ධුරයන් මෙන්ම දකුණු පළාතේ ප්‍රථම ප්‍රධාන අමාත්‍ය ධූරයෙන් පවා මහජන ඡන්දයෙන් තේරීපත් වූ අමරසිරි මහතාගේ දේශපාලන දිවියේ සිදුකළ අපමණ කැප කිරීම් මෙන්ම අහිමිවීම්වලින් ද දේශපාලනයේ අමිහිරි අත්දැකීම් හා ශෝකාන්තයන්ගෙන් ද ගහනවී ඇත.
දකුණේ පැවැති භීෂණකාරී වාතාවරණය යටතේ මාපලගම සිය නිවෙස අළු බවට පත් කළද අපමණ චිත්ත ධෛර්යෙන් ජීවිතයට මුහුණ දුන් අමරසිරි මහතාට දේශපාලනය කිරීමෙන් සිදුවූ තවත් ශෝචනීය සිදුවීමක් වූයේ තමන්ගේ සෙවණැල්ල මෙන් සිටි දයාබර බිරිඳ එස්. වී. තෙවරප්පෙරුම මහත්මියගේ ජීවිතය සාහසික දේශපාලනය විසින් උදුරා ගැනීමය.
මේ සියලු දුක්ඛ දෝමනස්සයන් හමුවේ නොසැලී දැඩි චිත්ත ධෛර්යයෙන් මුහුණදීමට තරම් මුහුකුරා ගිය දේශපාලන හා සමාජීය දැණුමක් හා දැඩි ඉවසීමක් අමරසිරි මහතා තුළ පැවැති බව ඒ මහතා ළඟින් ඇසුරු කළ බොහෝ දෙනා අදටත් පවසති. “ඇම්. ඇස්.” යන නාමයෙන් දේශපාලන ලෝකයේ හැඳින් වූ අමරසිරි මැතිඳුන්ගේ ජීවන චරිතය ප්‍රායෝගික දේශපාලනය කරන බොහෝ දෙනෙකුට අනර්ඝ ග්‍රන්ථයක් පරිද්දෙන් කියවිය යුත්තේ බිම් මට්ටමේ දේශපාලනයේ දී ඉතා වේගයෙන් ඡන්ද වැඩි කර ගන්නා ආකර්ෂණීය ගැමි දේශපාලනඥයෙක් වූ නිසාය.
ළමා වියේ කුප්පි ලාම්පු එළියෙන් පතපොත කියැවූ පාඩම් කළ මිරිවැඩි නොපැලඳි වහන් නොරැඳි දෙපයින් මුලින්ම ගමේ පාසලට ගිය ඇම්. ඇස්. දේශපාලනඥයකු මතු නොව වෘත්තිය වේදියෙකු බව දන්නෝ අල්පයහ.
පනස් වසරක දේශපාලන දිවියෙන් ඉසිඹු ලද හෙතෙම සැත්තෑ පස් හැවිරිදි වියේදී කොළඹ සරසවියෙන් නීතිවේ දී :ඛගඛගඊ* උපාධිය ලද්දේය. එයින් නොනැවතී අසූ වැනි වියේදී නීති පශ්චාත් උපාධිය :ඛගඛගඵ* සඳහා අයැදුම් කළේය.
ඔහු මරණයේ තොටමුණන් නික්ම ගියේ ඉගෙනුමට වයස් සීමා මායිම් නැතැයිද තමා සදාකාලික ශිෂ්‍යයකු වූ බව ද පසක් කරලමිනි.
හිටපු අමාත්‍ය ඇම්.ඇස්. අමරසිරි මහතා ජීවත්ව සිටියදී ඒ මහතාගේ දේශපාලන දිවිය ඇසුරින් ප්‍රවීණ ගත් කතුවරයකු වන අප හිතවත් රංජිත් අමරකීර්ති පලිහපිටිය මහතා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක විස්තර ලබාදීමට හිටපු අමාත්‍ය ඇම්. ඇස්. අමරසිරි මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අධිනීතිඥ උපාලි අමරසිරි මහතා ක්‍රියා කළේය. ඒ අනුව ඇම්. ඇස්. අමරසිරි මහතා සිය දේශපාලන අත්දැකීම් විස්තර කර ඇත්තේ මේ අයුරිනි.
තවත් කොටසක් ලබන සතියට.
මහින්ද ආරියවංශ
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
දකුණට ජීවය දුන් හිනිදුම සෙනෙවියා එම්. එස්. අමරසිරි