IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ඇමෙරිකානු ජනාධිපති රේගන්ට ජේ.ආර්.ගෙන් පාඩමක්

 

 

මෙය බි්‍රතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජිණ, ප්‍රංශයේ ප්‍රංශුවා මිතරෝන්, රුසියාවේ ගොර්බවොච්, ආදීන්ට ලැබුණ ආකාරයට නොදෙවැනි ගරු සැලකිලි ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර “වයිට් හවුස්” හෙවත් ධවල මන්දිරයේ දී ලොව කුඩාම රටක රාජ්‍ය පාලකයෙකුට ලැබුණ අවස්ථාවන් අලි මෙල්ල කරන “හෙණ්ඩුව” යන වචනය එහිදී කාගේත් අවධානයට යොමු වූ සිද්ධියක් පිළිබඳ කෙටි සටහනකි.


මෙය සිදු වූයේ මීට අවුරුදු 34කට පෙරය. එනම් 1985 ජූනි 12 වැනිදාය. ඒ මා ඇමෙරිකාවේ පදිංචියට පැමිණි මුල් කාලයයි. එක් අයෙකු බලසම්පන්න ඇමෙරිකාවේ 40 වැනි ජනාධිපති චිත්‍රපට නළු රොනල්ඞ් විල්සන් රේගන්ය. අනිත් තැනැත්තා ලංකාවේ පළමුවැනි විධායක ජනාධිපති මෙන්ම 193 වැනි පාලකයා වූ ජූනියස් රිචඞ් ජයවර්ධනය. කෙටියෙන්ම කියනවා නම් ජේ. ආර්. ය.


1981 වර්ෂයේදී බි්‍රතාන්‍යයේ ලන්ඩන් බකිංහැම් මාලිගයේ දී චාල්ස් ඩයනා රාජකීය මංගල උළෙලේ දී ජේ. ආර්. සහ රේගන් එකට මුණ ගැසුණ පසු මේ දෙපොළ දෙවැනි වරට හමු වූ අවස්ථාවයි මේ. 1981  ඔවුන් දෙදෙනා හමු වූ අවස්ථාවේ මා සිටියේ ද ලන්ඩන් නුවරය.


ජේ. ආර්. ධවල මන්දිරය කරා ළඟා වූ අවස්ථාව ශ්‍රී ලංකාවට ඉමහත් අභිමානයක් ලබා දුන් සුවිශේෂි මොහොතකි. ආරක්ෂක රථ පිරිවරාගෙන ජේ.ආර්. ජනපති තම බිරිය සමඟ ධවල මන්දිරය ඉදිරිපිටට පැමිණෙන තෙක් රේගන් ජනපති තම බිරිය නැන්සි සමඟ පියගැට පෙළ පාමුල විනාඩි 5ක් පමණ බලාගෙන සිටියේය. හමුදා තූර්ය වාදන හඬ පැතිරෙද්දී රේගන් වාහනය ළඟටම ගොස් ජේ. ආර්. පිළිගත්තේය. රේගන් ජනපති තම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ජේ. ආර්. ට හඳුන්වා දෙනු ලැබීය. දෙරටේම ජාතික ගී වාදනය කරනු ලැබීය. විශේෂ පීඨිකාවක සිට ජේ. ආර්. ඇමෙරිකානු ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාළිය පිළි ගත්තේය. රේගන් ජේ. ආර්. ට වඩා අඟල් 4 ක් පමණ උසය. එහෙත් මේ දෙදෙනාගෙන් වඩාත් කැපී පෙනුණේ සුදෝ සුදු ජාතික ඇඳුමෙන් සැරසී සිටි ජේ. ආර්. ය.


ඇමෙරිකාව ගරු කළ ලංකාවේ පාලකයා


මෙහිදී රේගන් පැවැත්වූ කතාවේ සාරංශය මෙසේය.


“ජේ. ආර්. මට වඩා ජ්‍යෙෂ්ඨ, මට වඩා ලෝකය ගැන දන්නා මුළු ලොවම ගරුකරන පාලකයකි. 1951 දී සැන් ප්‍රැන්සිස්කෝ නුවරදී ජපානයට සමාව දෙන ලෙස බුදු වදන උදාහරණයට ගනිමින් ඔහු පැවැත්වූ දේශනය ලෝකයාට කිසි දිනක අමතක වන්නේ නැත. ඒ වන විට මම දේශපාලනයට පිවිසිලාවත් නැහැ. මෙතුමා ඒ වන විට ලංකාවේ ප්‍රථම මුදල් ඇමැති. ලංකාව හා ඇමෙරිකාව අතර සම්බන්ධය මීට වසර සීයකට පෙර ඇමෙරිකන් ජාතික ඕල්කට් තුමා ලංකාවට ගොස් එහි බෞද්ධාගම ව්‍යාප්ත කිරීමට ගත් උත්සාහය තුළින් වර්ධනය වුණා. මෙතුමා ඒ රටේ පාලකයා බවට පත්වීමෙන් පසු දෙරට අතර මිත්‍රත්වය තවත් වැඩි වුණා.”


“නහි වේරේන වේරානි” යන බුදු වදන ද සිහිපත් කරමින් ජේ. ආර්. ජනපතිවරයා මෙහිදී පැවැත්වූ කතාවට මුළු මහත් ඇමෙරිකාවේ පුවත්පත්. රූපවාහිනී හා ගුවන් විදුලි ආයතන මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නේය.

 

 


ජයතු අලි පැටවා සහ හෙණ්ඩුව


එවිට ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වූයේ මහාචාර්ය ඩබ්ලිව්. ඇස්. කරුණාරත්නය. ඔහු ද මගේ කිට්ටුම මිතුරෙකු විය. 1977 ජේ. ආර්. ගේ ඡන්ද රැස්විම්වල ප්‍රධාන කථිකයා වූයේ මේ මහාචාර්යවරයාය. ජේ. ආර්. ඔහුට කෘතගුණ සැලකුවේ මෙසේ ශ්‍රී ලංකාවේ තානාපති සේවයේ ඉහළම තනතුර ලබා දෙමිනි. මගේ මතකයේ හැටියට රොනී ද මැල් හා සරත් අමුණුගම ආදීන් ද මේ අවස්ථාවට සහභාගි වූහ.


මෙදිනම ශ්‍රී ලංකාවේ සිට ගුවනින් ඇමෙරිකාවට ගෙන ගිය “ජයතු” නැමැති අලි පැටවා ද ජේ. ආර්. රේගන්ට ත්‍යාගයක් වශයෙන් පරිත්‍යාග කළේය. අලි පැටවා බාර දෙමින් ජේ. ආර්. පැවසුවේ තම දේශපාලන පක්ෂයේ ලකුණ හෙවත් ලාංඡනය “අලියා” බවය. රේගන් සිනාවෙමින් ඊට පිළිතුරු දුන්නේ තම රිපබ්ලිකන් පක්ෂයේ ලකුණ ද “අලියා” බවය.
අලි පැටවා රේගන් වෙත බාර දෙද්දී මදක් කලබලයට පත්විය. ඌ බිම තිබූ කුඩා ප්ලාස්ටික් බටයක් හොඬවැලට ගෙන එහාට මෙහාට පද්දන්නට විය. ජේ. ආර්. ලංකාවේ සිට මේ අලි පැටවා සමග ගොස් සිටි තරුණ ඇත්ගොව්වා ළඟට ගොස් මොනවත් කන්න දුන්නෙ නැද්ද? යැයි සිංහලෙන් විමසුවේය. “සර් ඌ හොඳට කාල ඉන්නෙ. ප්ලාස්ටික් බටේ උක් ගහක් කියල හිතන්න ඇති.” තරුණයා පිළිතුරු දුන්නේය. “කෝ හෙණ්ඩුව” ජේ. ආර්. යළිත් තරුණයාගෙන් විමසුවේය. “සර් පොඩි අලි මෙල්ල කරන්න හෙණ්ඩුවක් ඕන නැහැ. තරුණයාගේ පිළිතුර එය විය.


මෙහිදී “හෙණ්ඩුව” පිළිබඳ රොනල්ඞ් රේගන් ප්‍රමුඛ මාධ්‍යවේදීන් හමුවෙහි පාඩමක් පැවැත්වීමට ද ජේ. ආර්. ට සිදුවිය. වසර 34කට පෙර වයිට් හවුස් හිදී අලි මෙල්ල කරන “හෙණ්ඩුව” පිළිබඳව කාගේත් අවධානය යොමු වූ බව මා මුලින්ම සඳහන් කළේ මේ නිසාය.


1906 දී ඉපදුණ ජේ. ආර්. 1996 දී මිය ගියේය. එවිට ඔහුගේ වයස අවුරුදු 90 කි. 1911 දී උපත ලැබු රේගන් මියගියේ 2004 දීය. එවිට ඔහුගේ වයස අවුරුදු 93 කි.
මේ ඇමෙරිකන් ඩිකීට ඇමෙරිකන් රජය සැලකූ ආකාරය පිළිබඳ කෙටි සටහනක් පමණකි. 2004 ජූනි 8 වැනිදා රොනල්ඞ් රේගන්ගේ අභාවය පිළිබඳව මා ලංකාදීපයේ පළ කළ විශේෂ ලිපියෙහි සිරස්තලය වූයේ “ඇමෙරිකාවේ සැබෑ වීරයා අවසන් ගමනේ” යන්නයි.

 


සිරී හීන්පැල්ල
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

ඇමෙරිකානු ජනාධිපති රේගන්ට ජේ.ආර්.ගෙන් පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 185 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1133 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site