IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඇමැති පුතාගෙන් අගමැති පියාට ලිපියක්

 

මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මහතා කෘෂිකර්මය සහ ගොවි ජනපද ව්‍යාපාරය කෙරෙහි දැඩි උනන්දුවක් දැක් වූ දේශපාලනඥයෙකි. ඔහු ඊට පෙර පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම සහ ඉඩම් විෂය භාර ඇමැතිවරයා වශයෙන් ද කටයුතු කළ අතර, මෙරට බොහොමයක් ගොවිජනපද ව්‍යාපාර ආරම්භ කරන ලද්දේ ඔහු විසිනි.


සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පැවැති මෙරට ප්‍රථම මහ මැතිවරණයෙන් ජයගත් එජාපයට ආණ්ඩු බලය හිමි වූ අතර, නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වූ ඩී. ඇස්. සේනානායක මහතාට අවශ්‍ය වූයේ කෘෂිකර්ම සහ ඉඩම් විෂය තවදුරටත් තමන් යටතේ පවත්වාගෙන යාමටය.


ඒ සඳහා ඔහුට නීතිමය බාධාවක් ද නොතිබිණි. එහෙත් ඩී. ඇස්. ගේ අදහස ඉවෙන් මෙන් වටහා ගත් සෝල්බරි සාමිවරයා කියා සිටියේ කෘෂිකර්ම සහ ඉඩම් විෂයය වෙනත් ඇමැතිවරයකුට පවරන ලෙසය.
ඩී. ඇස්. ට අගමැති හැටියටත්, ආරක්ෂක සහ විදේශ කටයුතු ඇමැති හැටියටත් ලොකු වගකීමක් තිබෙනවා. ඉතින් ඒ අස්සේ කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යාංශයත් ගත්තොත් ඒක ලොකු බරක් වෙනවා. එහෙම වුණොත් ඒ සේරම වැඩකටයුතු අවුල් වෙන්නත් බැරි නෑයි කී සෝල්බරි සාමිවරයාගේ උපදේශය වූයේ එම අමාත්‍යාංශය ඩඞ්ලිට පවරා දෙන ලෙසය.


“එතකොට ඩී. ඇස්. ට පුළුවන් තමන්ට අවශ්‍ය විදියට ඒ කටයුත්ත දිගටම කරගෙන යන්න”යි. සෝල්බරි සාමිවරයා කියද්දී ඔහුට ද එය කාලෝචිත අදහසකැයි පෙනී ගියේය. එහෙත් තරමක පරහක්ව තිබුණේ ඩඞ්ලි වෙනත් අමාත්‍යාංශයක් ඉල්ලා සිටි බැවිනි.


“නෑ..... නෑ.... කෘෂිකර්ම සහ ඉඩම් තමුන් යටතෙයි තියෙන්න ඕනෑ”යි කී අග්‍රාමාත්‍යවරයා තම පුත්‍රයාගේ කැමැත්ත ගැන නොසිතාම ඔහු කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍ය ධුරයට පත් කළේය.


අන්තිමේදී පුතාට සිදුවූයේ තම පියාගේ තීරණය පිළිගෙන නිහඬ වීමටය.


“මේ වැඩවලට කියපු මිනිහා තමයි අහවලා”යි කී ඩී. ඇස්. සේනානායක අගමැතිවරයා කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත්කර තිබුණේ තමන්ගේ පැරැණි හිතවතෙකි. එය ද ඩඞ්ලිට රිස්සුම් නොදුන් කරුණක් විය.


කෙසේ වෙතත් ඩඞ්ලිට සිදුවූයේ තම පියාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යාංශයේ වැඩකටයුතු පවත්වාගෙන යාමටය.


“අයිසේ.... ඕක ඔහොම නෙවෙයි, මෙහෙම කරනවා....” ආදී වශයෙන් කී අග්‍රාමාත්‍යවරයා තම පුත්‍රයාගේ අමාත්‍යාංශය මඟින් කරගෙන ගිය බොහොමයක් වැඩකටයුතුවලට ඇඟිලි ගැසුවේය. නැතහොත් අනවශ්‍ය ලෙස බලපෑම් කළේය. මේ අතර ඩඞ්ලි මුලින් හිතුවේ තම පියාගේ මෙවැනි අනවශ්‍ය ඇඟිලි ගැසීම් කල්ගත වෙන විට අඩු වී යා හැකි බවය. එහෙත් සිදු වී තිබුණේ එහි අනෙක් පැත්තය.


ඒ අනුව තවත් මාසයක් හෝ දෙකක පමණ කාලයක් බලා සිටි ඩඞ්ලිට පෙනුණේ තම පියාගෙන් සිදුවෙන බලපෑම එන්න එන්නම වැඩිවෙමින් පවතින බවය. අන්තිමේදී ඔහු තීරණයක් ගෙන තිබුණේ තම ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමටය.


“ඔව්. මේ වැඬේ තවත් ඉවසන්න බෑ. මම අදම ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙනවා”යි තමන්ටම කියාගත් ඩඞ්ලි එසැණින් තම කාමරයට වැදී එකම වහලක් යට ජීවත් වෙන තම පියාගේ නිල නාමයට අමතා ලිපියක් ලීවේය. කෙසේ වුවද තමන් ඇමැතිකමෙන් ඉවත් වුවද තමන් විපක්ෂයට නොගොස් පසුපෙළ මන්ත්‍රීවරයකු වශයෙන් තවදුරටත් ආණ්ඩු පක්ෂයේ රැඳී සිටින බව එම ලිපියේ සඳහන් කිරීමට ද හෙතෙම අමතක නොකළේය.


ඊට පසුදාම තමන් වෙත ලියාපදිංචි තැපෑලෙන් ලැබුණු එම ලිපිය අතට ගන්නා විටම ඩී. ඇස්. ට තරමක අමුත්තක් දැනුණේය. එසේ වූයේ ලිපියේ පිට නම ලියා තිබූ අත් අකුරු කවුරුන්ගේ දැයි එසැණින් හඳුනා ගැනීමට ඔහුට හැකි වූ බැවිනි.


“මොකටද මේ හාදයා මට ලියුම් එවන්නේ?”යි තමාගෙන්ම අසා ගනිමින් ඒ ලිපිය විවෘත කර බැලූ ඔහුගේ මුහුණ වෙනස් වී ගියේ එහි සඳහන්ව තිබූ වචන කීපය දැකීමෙනි.

 


එහි ඉතා කෙටියෙන් සඳහන් වූයේ තමන්ගේ අමාත්‍යාංශයේ වැඩකටයුතුවලට “ඉහළින්” සිදු කෙරෙන අනවශ්‍ය බලපෑම් තවදුරටත් ඉවසා සිටිය නොහැකි බැවින් තමන්ගේ ඇමැති ධුරයෙන් හෙට සිට සිය කැමැත්තෙන්ම ඉවත් වන බවය.


“පිස්සු මිනිහෙක්නේ.....”යි කියමින් එම ලිපිය තුනට හතරට ඉරා විසිකර දැමූ ඩී. ඇස්. සේනානායක අග්‍රාමාත්‍යවරයා ඒ සමගම ඉහළ මාලයේ සිට පහළට බසිමින් සිටි තම අකීකරු පුත්‍රයා දැක මුහුණ හකුළුවා ගත්තේය.
“තමුන්ට ඕන හැටියකට වැඩකටයුතු කරගන්නවා. මම තවත් ඕවට ඇඟිලි ගහන්න එන්නෙ නෑ....”යි කී ඩී. ඇස්. ඊළඟ මොහොතේ තම පුත්‍රයා දෙසවත් නොබලා ගෙතුළට ගියේය.

 

 

 

 

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූප : අන්තර්ජාලයෙනි.



අදහස් (0)

ඇමැති පුතාගෙන් අගමැති පියාට ලිපියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 752 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 568 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site