IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇඟ බද්දට එරෙහිව හිරගෙදර අරගලයක්

ඇඟ බද්දට එරෙහිව හිරේ ගිය දේශපාලනඥයා-2

 

බි්‍රතාන්‍ය පාලකයන් විසින් පනවන ලද ඇඟ බද්දට විරෝධය පෑමක් වශයෙන් ඇඟ බද්ද නොගෙවා හිරේට ගොස් චාල්ස් වික්ටර් කොරයා මහතා හිරබත් කමින් කළුගල් කැඩුවේ සාමාන්‍ය ජනතාව කෙරෙහි තිබූ දයානුකම්පාවෙනි.
තරුණ වයසට පැමිණි පසු සෑම පිරිමියෙක්ම වසරකට රුපියල් දෙකක් බැගින් මියයන තෙක්ම ඇඟ බද්දක් ගෙවිය යුතු බවට බි්‍රතාන්‍ය පාලකයන් නීතියක් පනවා තිබිණි.


මේ ඇඟ බද්ද නොගෙවන්නේ නම් සිර දඬුවම් නියම කෙරුණු අතර පාරේ ගල් කැඩීමට, පොල් ලෙලි තැලීමට සිදුවිය. 


රුපියල් දෙකක් යනු ඒ කාලයේ හැටියට ලොකු මුදලක් වූ නිසා සාමාන්‍ය මිනිසුන්ට එම ඇඟ බද්ද ගෙවීමට නොහැකි වී ඇත.


ඒ නිසා බුරුතුපිටින් හිරේ වැටී කළුගල් කැඩීමට සිදුවීම නිසා සාමන්‍ය ජනතාව ලොකු පීඩාවකට පත්ව සිටියහ.
පොඩි මිනිහා වෙනුවෙන් හිරේ ගොස් චාල්ස් වික්ටර් කොරයා කළුගල් කැඩුවේ ඇඟ බද්දට විරෝධය පළකිරීමක් වශයෙනි.

 

 

ඒ තරම් ඔහු දේශප්‍රේමී මානවහිතවාදී වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙක් විය.


ඇඟ බද්ද නොගෙවා පොඩි මිනිසුන් වෙනුවෙන් හිරේ විලංගුවේ වැටුණු චාල්ස් වික්ටර් කොරයා නමැති ඒ ශ්‍රේෂ්ඨ මානවහිතවාදියා දේශපාලනඥයා ගැන තොරතුරු කියන්නේ ඔහුගේ මුනුපුරෙක් වන චාල්ස් එදිරිල්ලේ කොරයා මහතාය.


මෙතැන් සිට ඔබ කියවන්නේ චාල්ස් එදිරිල්ලේ කොරයා මහතා කියන කතාවය. 


ඔහු මේ කතා අසා දැනගෙන ඇත්තේ ඔහුගේ පියා ඇතුළු ඥාතීන්ගෙනි. සීයා ගැන සඳහන් වුණ ඉපැරණි ලේඛන එකතුවක් ද ඔහු සතුය.


මගේ සීයා සුද්දා පනවා තිබූ ඇඟ බද්දට එරෙහිව ලොකු සටනක් කරපු කෙනෙක්. අපේ සීයා ඒ කාලයේ රටපුරා යමින් දේශන පවත්වා තිබෙනවා. කම්කරු නායකයෙක් ලෙස ජනතා ගෞරවාදරයට පාත්‍රවී සිටි ඒ.ඊ. ගුණසිංහ මැතිතුමා ද අපේ සීයාට ලොකු සහයෝගයක් මුලඉඳලම ලබා දී තිබෙනවා.


ඇඟ බද්දට එරෙහිව මගේ සීයා කරගෙන යන දැවැන්ත වැඩ පිළිවෙළට ජනතාවගෙන් ද විශාල සහයෝගයක් ලැබෙන්නට පටන්ගෙන තිබෙනවා. ඉංග්‍රීසි ආණ්ඩුවේ පාලකයන්ට එරෙහිව දැඩි ජනතා විරෝධයක් පැනනගිමින් තිබෙන බව අවබෝධකරගෙන ඉංග්‍රීසි පාලකයන් 1922 අවුරුද්දේ සීයාව අත්අඩංගුවට ගත්තා.


චාල්ස් වික්ටර් කොරයා මහතා ඉංග්‍රීසි ආණ්ඩුවේ පාලකයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 1922 වසරේ මාර්තු මාසයේය.


සීයාව අත්අඩංගුවට අරගෙන ඔහු හිරබාරයට පත්කර තිබෙනවා. බන්ධනාගාර ගතකළ සීයා අද්වකාත් කෙනෙක් නිසාත්, ඔහුට තිබූ සමාජ පිළිගැනීම නිසාත් බන්ධනාගාර ලොක්කෝ සීයාට ඉස්තරම්ම කෑම වේලක් ලබාදීමට තීරණය කරලා. සීයා ඒකෑම වේල ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. හිරගෙදර හොඳ සැපපහසුකම් තිබෙන කාමරයකට සීයාව දාන්න හදලා තියෙනවා. සීයා ඒකත් ප්‍රතික්‍ෂේප කරලා. තමාට අනෙකුත් හිරකාරයින්ට ලබාදෙන කෑම වේලම ලබා දෙන ලෙසත් හිරකාරයන් එක්ක සාමාන්‍ය සිර මැදිරියේම ගත කරන බවත් සීයා බන්ධනාගාර ලොක්කෝ එක්ක කියා තිබෙනවා. ඊට පස්සේ සීයා අනෙකුත් හිරකාරයෝ වගේම ඔවුන් සමඟ එකතුවෙලා පොල් ලෙලි තලා තිබෙනවා. ලණු අඹරා තිබෙනවා යැයි චාල්ස් එදිරිල්ලේ කොරයා මහතා පවසයි.

 

සීයාව අත්අඩංගුවට අරගෙන ඔහු හිරබාරයට පත්කර තිබෙනවා. බන්ධනාගාර ගතකළ සීයා අද්වකාත් කෙනෙක් නිසාත්, ඔහුට තිබූ සමාජ පිළිගැනීම නිසාත් බන්ධනාගාර ලොක්කෝ සීයාට ඉස්තරම්ම කෑම වේලක් ලබාදීමට තීරණය කරලා. සීයා ඒ කෑම වේල ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. හිරගෙදර හොඳ සැප පහසුකම් තිබෙන කාමරයකට සීයාව දාන්න හදලා තියෙනවා. සීයා ඒකත් ප්‍රතික්‍ෂේප කරලා.

 

චාල්ස් වික්ටර් කොරයා හිරභාරයට ගැනීමත්, ඇඟ බද්දට එරෙහිව විශාල ජනතා විරෝධයක් මතුවීමට පටන්ගත් නිසාත් ඉංග්‍රීසි පාලකයන් ඒ අවුරුද්දේම ජුනි මාසයේ ඔහු නිදහස් කර හැර ඇත.


නිදහස් කරනවිට චාල්ස් වික්ටර් කොරයා මහතා මාස හතරක පමණ කාලයක් හිරගෙදර තපිමින් පොල් ලෙලි තලා ලණු අඹරා තිබිණි.


හිරගෙදරින් නිදහස ලබා පැමිණි චාල්ස් වික්ටර් කොරයා මහතා පිළිගැනීමේ උත්සවයක් පවත්වා ඇත්තේ 1922 ජුනි මාසයේ 4 වැනිදා ටවර් හෝල් එකේය. 


ඒ මහතාගේ පිළිගැනීමේ උත්සවයට විශාල පිරිසක් පැමිණ ඇත.


මේ අරගලවල අවසාන ප්‍රථිඵලය වූයේ ඉංග්‍රීසි පාලකයන් ඇඟ බද්ද ඉවත් කර ගැනීමය.


චාල්ස් වික්ටර් කොරයා මහතා උප්පත්තියෙන්ම කතෝලිකයෙක් වුවත් බෞද්ධයන්ගේ අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් ද විශාල මෙහෙයක් කළ බව ඔහුගේ මුනුපුරා පැවසීය.


සීයා ගැන ඒ මතකය අවදිකරමින් ඔහු අප සමඟ මේ කතාව කියා සිටියේය.


මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රාත්‍රි තේවාව කිරීමේදී බෙරගැසීම තහනම් කරමින් සුදු ජාතික මහනුවර ඒජන්තවරයා නියෝගයක් පනවා තිබෙනවා. මේ නියෝගය නිසා බෞද්ධ ජනතාව ලොකු කැලඹීමකට පත්වෙලා. පරදේශක්කාර සුද්දෝ කොහොමද පුරාණයේ ඉඳන් එන චාරිත්‍ර නවත්වන්නේ කියා. මේ බව දැනගත් සීයා ආවේගයෙන් කෑගසා තිබෙනවා. සීයා මේ බව දැනගත්ත ගමන්ම මහනුවරට ගොස් තිබෙනවා. දළදා මාලිගාවේ හේවිසි ගසන අයට හේවිසි ගසන ලෙස කියා තිබෙනවා. නමුත් ඔවුන් සුදු ජාතික ඒජන්තවරයාගේ නියෝගයට බයේ හේවිසි ගහල නැහැ. සුදු මහත්තයා මෙවැනි නියෝගයක් පනවා තියෙන්නේ රෑට නගරවාසීන්ට නිදහසේ නිදාගැනීමට බාධාවක් වෙනවා කියායි. 


හේවිසිකාරයන් බියට පත්ව සිටින නිසා සීයා හේවිසි බඬේ බැඳගෙන ගහන්න පටන් අරන් තියෙනවා. ඊට පස්සේ මහනුවර සුදු ඒජන්තවරයා ඒ තහනම් නියෝගය ඉවත්කරගෙන තිබෙනවා. කතෝලිකයෙක් වූ අපේ සීයා නිර්භරිවම කටයුතු කර බෞද්ධයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නිසා බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍රවෙලා තිබෙනවා. ඇත්තෙන්ම අපේ හත්මුතු පරම්පරාවේ මුතුන්මිත්තෝ හොඳ සිංහල බෞද්ධයෝ. පසුකාලයක තමා ඔවුන් කතෝලික ආගම වැලඳගෙන තියෙන්නේ.


තවත් කතා ඊළඟට කියවමු

 

 

 

 

 

ඡායාරූප- මාදම්පේ ලක්‍ෂ්මන් හෙට්ටිතන්ත්‍රී


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

 



අදහස් (1)

ඇඟ බද්දට එරෙහිව හිරගෙදර අරගලයක්

Raveendra Friday, 22 September 2017 06:11 PM

අතීත සිදුවීම් පිළිබද රසවත් තොරතුරු නැවත අපහට මතක්කිරීමට මෙම ලිපියේ ගත් උත්සහය පිලිබදව ලංකාදීප පත්‍රයට ස්තුතිවන්ත වෙන්නෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31211 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13374 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10971 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 74 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 906 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 272 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site