සුප‍්‍රකට උත්සව ශාලාවකි. දිනක් එහි ඉදිරිපිට ටේ‍්‍රල් වර්ගයේ යතුරුපැදියක් නතර විය. එහි ජැණ්ඩියට හැඳ පැළඳගත් තරුණයෝ දෙදෙනා මහත් ලජ්ජාවෙන් මෙන් හිස් බිමට පාත් කරගෙන පිළිගැනීමේ කවුන්ටරය වෙත පැමිණියහ. අක්කේ.... මෙහේ තියෙනවද මසාජ් ක්ලිනික් එකක්. එක් තරුණයෙක් මහත් ලැජ්ජාවෙන් බිම බලාගෙන පිළිගැනීමේ නිලධාරිනියගෙන් විමසුවේය. ‘‘නෑ මල්ලි... ඇයි කවුරුවත් කිව්වද එහෙම’’ ඇය විමසුවාය. ‘‘නෑ අක්කෙ, අර ඔයාලගෙ බෝඞ් ලෑල්ලේ එහෙම තියෙනවා. ඒකයි ඇහුවේ.’’ අනෙක් තරුණයා කීවේය. ‘‘අපේ බෝඞ් ලැල්ලේ’’ තරුණිය විස්මයෙන් ඇසුවාය. ‘‘ඔව්. විශ්වාස කරන්නෙ නැත්නම් ගිහිං බලන්න.’’ ඔවුහු කීහ. පිළිගැනීමේ නිලධාරිනිය එළියට බැස තම නාමපුවරුව දෙස බැලූවාය. එවැන්නක් එහි නොවීය. මේ බෝඞ් එකේ එහෙම ලියල නැහැ මල්ලි’’ ඇය සැක හැරගෙන ඇසුවාය. ‘‘ඔය දෙවැනි පේළියෙ මොකක්ද තියෙන්නෙ’’ තරුණයෙක් ඇසීය. ‘‘මල්ලිලාට වැරදිලා. සම්බාහන නොවෙයි සම්භාෂණ කියලයි තියෙන්නෙ.’’ ඇය සිනාසෙමින් කියද්දි තරුණයෝ දෙදෙනා ලැජ්ජාවෙන් නික්ම ගියහ.
1
ඉන්දු - චීන යුද්ධය සාකච්ඡාවෙන් නැවැත්වූ සිරිමාවෝගේ නොබැඳි ආදර්ශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරටම ඉස්සර වෙලා හරියට ලියන්න කියවන්න ඉගෙනගෙන හිටියනම් මෙහෙම අකරතෑබ්බ වෙනේ නෑ. (වි)
තිබුණු අමාරුවේ හැටියට සම්භාෂණ - සම්බාහන පැටළෙන්න ඇති. (නි)
මේක ලොකු සිද්ධියක් නෙමෙයි නේ...(ස)
තියෙන අමාරුව කොයිතරම්ද කියනවා නම් අකුරු පේන්නෙත් නැහැ. (නි)
මේවා නිකන් බොරු කතා (නු)
විහිළුවට කරපු වැඩක් වෙන්න ඇති....!!(නු)
ගම කනවා...!! ලැජ්ජාවෙ බෑ...!!(නු)
එයාලා ආවේ සම් - භාෂණය කරන්න තමයි. (නි)
ගම කනවා...!! ලැජ්ජාවෙ බෑ..(ස)
ළගදිම පොලිසියෙන් මොකක් හරි සංග්‍රහයක් ලැබෙයි. (නි)
අනේද කියන්නේ? (නි)
කවුද දන්නේ ඒ අය තෙල් මාත්තුවක් කරගන්න ආවද කියලා. (නි)
මොන දේ කළත් කමක් නැහැ නිකන් සවුත්තු වෙන්නේ නැතුව. (නි)
හිහි... හිහ්.. ලැජ්ජාවෙ බැහැ..!!(නි)
මෙහෙමත් මෝඩයෝ..??
මෝඩ වැඩක්නේ. (නි)
සේරටම ඉස්සර වෙලා හරියට ලියන්න කියවන්න ඉගෙනගෙන හිටියනම් මෙහෙම අකරතෑබ්බ වෙනේ නෑ. (ත)
විහිළු නැතුවට විහිළු. (නි)
මදැයි ඔයින් ගියා, සොයා බලා වැඩ කළ යුතුයි නේද? (නි)
සමහරුන්ට මේක ලොකු සිද්ධියක් නොවුනට අපට ලොකුවට පෙනෙනවා.(ස)
පොඩි සංග්‍රහයක් කරලානේ යවන්න තිබුණේ. (නි)
අනේ බොරු කියන්න එපා. (නි)
ඔක්කොටම කලින් සිංහල පන්තියකට ගියානම් නේද හොද? (නි)
පිස්සු නැත්තං ෂෝක්. (නි)
අවශ්‍යතාවයේ තරමට ඇස් පේන්නෙත් නැහැ වගේ..!!(නු)
මදැයි ඔයිං ගියා...!!(නු)
ගම කොහෙද කියලා කියන්න බැරිද ???(ස)
දැක්කනේ දැනගෙන ආවේ නැතුවම වෙන දේ ??? (ස)