IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිකුයුරිටි නෝනා උණ බලද්දී බඩු ගන්න ආ නෝනා හීතලවෙලා

සිටිනාමළුළු - අනීෂා මානගේ 
සුපිරි වෙළෙඳසලක ආරක්ෂක නිලධාරිනියකට විෂබීජනාශක දියර බෝතලය සහ උෂ්ණත්වය පරීක්ෂා කරන උපකරණය මාරුවී වෙළෙඳසලකට ගිය තරුණියකට මුහුණ පෑමට සිදුවු අකරතැබ්බයක් දිවයිනේ තේ දළු තිබෙන පෙදෙසකින් වාර්තා වෙයි.


සිද්ධිය සැකෙවින් මෙසේය.


අලුත විවාහ වූ තරුණ යුවළක් දිවයිනේ තේ දළු තිබෙන පෙදෙසක පදිංචි වී සිටිති. නිවෙසට අවශ්‍ය ආහාර පාන මිලදී ගන්නට ගියේ සුපිරි වෙළෙඳසලකටය.


කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය බලධාරින්ගේ නිර්​දේශ අනුව සුපිරි වෙළෙඳසලේ සේවකයෝ හැඩගැසී සිටියහ. වෙළෙඳසලට ඇතුළු වන සියලුම අයගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර දෙඅත්වලට විෂබීජනාශක දියර ඉසීමද ආරක්ෂක නිලධාරිනියට පැවරුණු අලුත්ම රාජකාරිය විය. මෙම තරුණ යුවළද අදාළ වෙළෙඳසලට ඇතුළු වූ විට ආරක්ෂක නිලධාරිනිය යුවළගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමට සූදානම් වූවාය. තරුණියද වටපිට බලමින් ඇතුළු වූ අතර එක්වරම ඇයගේ නළලට සීතල දියර වර්ගයක ස්පර්ශය දැනීමෙන් තිගැස්සිණි. සිදුවී ඇත්තේ කුමක්දැයි අනාවරණය වූ​යේ එවිටය. ආරක්ෂක නිලධාරිනිය අත තිබු විෂබීජනාශක බෝතලය සහ උෂ්ණත්වය පරික්ෂා කරන උපකරණය ඇයට මාරු වී තිබණි.


උෂ්ණත්වය පරීක්ෂා කරනවා වෙනුවට ඇය විෂබීජ නාශක නළලට ඉස තිබිණි. සිදුවූ දෙයින් තරුණියටත් ආරක්ෂක නිලධාරිනියටත් සිනාව නවතාගත නොහැකි විය. ඇය තරුණියගෙන් සමාව අයැද සිටියාය.


සිද්ධියෙන් පසු තරුණිය සුපිරි වෙළෙඳසලට පැමිණෙන වාරයක් වාරයක් පාසා ආරක්ෂක නිලධාරිනියට සිනා පහළ වූයේ පෙරදා වු සිද්ධිය නිසාවෙනි. 

 



අදහස් (0)

සිකුයුරිටි නෝනා උණ බලද්දී බඩු ගන්න ආ නෝනා හීතලවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site