රාත‍්‍රී කාලයේ වෙළඳසලක් වසා ගෙදර පැමිණි පසු එම වෙළඳසලේ දුරකථනයෙන් වෙළඳසල් හිමියාට උගුඩුවකු දුරකථනයෙන් කතා කළ පුවතක් දෙනියාය ප‍්‍රදේශයේ වෙළඳසැලකින් වාර්තා විය.
සිද්ධිය මෙසේ ය.

දෙනියාය ප‍්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය මොහු සුපුරුදු පරිදි එදිනත් උදෑසන ව්‍යාපාරික ස්ථානයට පැමිණ වෙළඳාම් කටයුතු කර සවස 7.00ට පමණ කඩය වසා තම නිවස බලා කිලෝමීටර් හයක් පමණ දුර සුපුරුදු පරිදි ගියේය.

නිවෙසට ගිය මොහු පුරුදු පරිදි ස්නානය කොට රාත‍්‍රියට ආහාර අනුභව කොට රාත‍්‍රී දහයට පමණ නින්දට ගියේය. හදිසියේම රාත‍්‍රී 10.30ට පමණ වෙළඳසැල් හිමියාගේ ජංගම දුරකථනය නාද වෙන්නට පටන් ගත්තේය. කලබල වූ මොහු ”මහ රෑ මට කතා කරන්නේ කවුද” කියා බලද්දි දෙළොව රත්විය. තමන්ට කතා කරන්කේ තමන් වසා දමා ආපු තමන්ගේ කඩයෙන් බව දැනගත් මොහු කලබලයට පත්ව කඩය හොරු කඩනවා යයි සිතා මොහුගේ ත‍්‍රීරෝද රථයෙන් කඩය බලා ඉක්මනින් පිටත් වූයේය.

කඩය අසලට ගිය විට කිසිවකු පෙනෙන්නට නැත. ව්‍යාපාරික ස්ථානයේ ඉබි යතුරු දමා ඇත. කඩයේ දොර ඇර බැලූ විට දක්නට ලැබුණේ උගුඩුවෙක් බිස්කට් පැකට්ටුවක් රැුගෙන දුරකථනය උඩ සිටින ආකාරයත්ය.

පසුව තේරුම් ගත් වෙළඳ සල් හිමියා සවස තමන්ගේ ජංගම දුරකථනයට කතා කළේ අවසාන ලෙස තමන්ගේ වෙළඳ සැලේ දුරකථනයෙන් බව දැනගන් ඔහු උගුඩුවාගේ ඇඟට රී ඩයල් බොත්තම එබී තමන්ට කෝල් එක ආ බව තේරුම් ගත් ඔහු වෙළඳ සැල වසා ගෙදර ගියේය.