IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


විශ්‍රාමිකයා ගොනාට අන්දා සේසතම ගන්න හදලා

(උණවටුන - ඩී.ජී. සුගතපාල)
කාන්තාවන්ට ලොල්වූ හැත්තෑහය හැවිරිදි විශ්‍රාමිකයකු රවටා පුද්ගලයන් පිරිසක් විවිධ දේවල් ලබා ගැනීමේ සිද්ධියක් අනාවරණය කරගැනීමට ගාල්ල බස් නැවැතුම්පොළේ පොලිස් නිලධාරීන්ට හැකි විය.


ගාල්ල බස් නැවැතුම්පොළේ පොලිස් මුරපොළට පියකු සමග පැමිණි පුතකු පොලිස් මුරපොළ බාර සැරයන් විමල් ජයසේකර මහතාට දීර්ඝ විස්තරයක් කළේය. 


“සර්, කවුද මනුස්සයෙක් අපේ අම්මාගේ ෆෝන් එකට නිතරම කතා කරනවා, හරිම කරදරයි. බැරිම තැන ඒ කෝල්වලට උත්තර දුන්නේ නැහැ. ඒ පාර වෙන ෆෝන් එකකින් කතා කරන්න පටන් ගත්තා. අද ගාල්ල ස්ටේෂන් එක ළඟට එන්න කියලා. අපි හිතන්නේ දැන් ඒ මනුස්සයා ඇවිල්ල ඇති.”


සියලු‍ විස්තර අසා සිටි සැරයන් විමල් ජයසේකර මහතා සහ කාන්තා සැරයන් කළ්‍යාණි මහත්මිය දුම්රිය ස්ථානය වෙත ගිය අවස්ථාවේ දක්නට ලැබුණේ අවුරුදු 76ක් පමණ වයස පුද්ගලයකු තරුණ කාන්තාවක සමග කතා කරමින් සිටින අයුරුය.


ඒ සමගම කලිසමකින් සහ ටී-ෂර්ට් එකකින් සැරැසුණු කාන්තාවක් ද මෝටර් රථයක් පදවාගෙන පැමිණ දුම්රිය ස්ථානය ඉදිරිපිට නතර කොට ඔවුන් සිටි ස්ථානයට ආවාය. “ඔයාගේ ෆෝන් එකෙන් ද මට දැන් කතා කළේ?” මෝටර් රථයෙන් පැමිණි කාන්තාව මහලු‍ පුද්ගලයා සමග සිටි කාන්තාවගෙන් ඇසුවාය. “ඔව්, මේ අංකල් කෝච්චියේ එනකොට මට හම්බ වුණේ පානදුරේදී. ගාල්ලෙන් බැහැලා මගේ ෆෝන් එකෙන් කෝල් එකක් අරගෙන ඉල්ලු‍වා” ඇය කීවාය.


පොලිසිය සමග පැමිණි පියා “මේ මගේ නෝනා” යනුවෙන් මෝටර් රථයෙන් පැමිණි කාන්තාව එහි සිටි අයට හඳුන්වා දුන්නේය. 


මේ අතර මහලු‍ පුද්ගලයා තමා ගැන විස්තරයක් පොලිසියට කීවේය. තමා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විශ්‍රාමිකයකු බවත් බිරිඳ මියගොස් ඇති බවත් තමා සමග එන කාන්තාවකට සියලු‍ දේපොළ ලියා දෙන බවත් ඔහු කීවේය. තමා මෙයට පෙර දුරකතනයෙන් කතා කළ කාන්තාවට මහන මැෂිමක්, ජංගම දුරකතනයක් ඇතුළු භාණ්ඩ රැසක් ගෙන දුන් බවත් ඔහු කියා සිටියේය.


එවිට මෝටර් රථයෙන් පැමිණි කාන්තාව පෙන්වා එම භාණ්ඩ ගෙන දුන්නේ ඇයට දැයි විමසූ විට ඔහු කියා සිටියේ ඇයට නොවන අතර කාන්තාව වෙනුවෙන් පිරිමි පුද්ගලයකු පැමිණ එම භාණ්ඩ රැගෙන ගිය බවය. මේ අතර මෝටර් රථයෙන් පැමිණි කාන්තාවගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයාගෙන් මගහැරුණ ඇමතුම් (මිස්ඩ් කොල්) හත්සිය අටක් පමණ විය.


සිදුව ඇති දෙය පොලිසියටත් මවට, පියාට සහ පුතාට පැහැදිලිය. කිසිවකු විසින් ඔහු රවටාගෙන ඇති බව දැනගත් මව, පියා සහ පුතා තවත් දුරකතන ඇමතුම් නොගන්නා ලෙසට අවවාද කොට මෝටර් රථයට ගොඩවූ අතර ඔහු බෑගය ද එල්ලාගෙන දුම්රිය වේදිකාව දෙසට ඇදී ගියේය.



අදහස් (0)

විශ්‍රාමිකයා ගොනාට අන්දා සේසතම ගන්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 168 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 239 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1108 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site