IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


රියැදුරුගේ උප්පරවැට්ටිය කැරකිලා තමන්ටම ඇවිත්

(උණවටුන - ඩී.ජී. සුගතපාල)

වේලාව සවස හයට පමණ ඇත. මාතර දෙස සිට කොළඹ දෙසට යාමට පැමිණි විදේශිකයන් ප‍්‍රවාහනය කරනු ලබන සුඛෝපභෝගී වෑන් රථයක් ආපසු හරවා ගාල්ල පලතුරු වෙළඳපොළ අසල නතර කළේය. රියැදුරා වාහනයෙන් බැස ගත්තේ පපුව අල්ලාගෙනය. ඔහු දැඩි පපුවේ වේදනාවකින් පෙළෙන්නට විය.

එතැනට රැස්වූ කිහිපදෙනකු ඔහුට ප‍්‍රථමාධාර දුන්හ. වෑන් රථයේ යතුරත්, මුදල් පසුම්බියත්, ජංගම දුරකථනයත් වෑන් රථය තුළ තිබෙන බව ඔහු පැවැසීය. ප‍්‍රථමාධාර දීමෙන් පසු ඔහු රෝහලට යැවීමට පිරිස කටයුතු කළහ.

ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ බිරිඳගේ අංකයට ද කතා කර සිද්ධිය කීවේය. එයට ටික වේලාවකට පසුව වෑන් රථයේ අයිතිකරු පැමිණියේය. ඔහු මහමෝදර පදිංචිකරුවෙකි. ඔහු වෑන් රථයේ දොර හැර එහි තිබූ මුදල් පසුම්බිය පරීක්ෂා කර බැලූවේය. අඩුම තරමින් එහි රුපියල් අට ලක්ෂ හාර දහසක් තිබිය යුතු බව ඔහු දන්නේය. එහෙත් සත පහක් නැත.

මෙම වෑන් රථය විදේශිකයන් ප‍්‍රවාහනය කරනු ලබන එකකි. ඔහු මෙසේ හදිසියේ අසනීප වී ඇත්තේ උණවටුනේ හෝටලයක සිටි විදේශික පවුලක් සමඟ සති තුනක සංචාරයක් සඳහා ගොස් පැමිණ ඔවුන් උණවටුනේ හෝටලයේ නවතා කුලිය වූ රුපියල් අට ලක්ෂ හාර දහසක් රැගෙන වාහනය අයිතිකරුගේ නිවෙසට යමින් සිටියදීය.

ඔහුට අසනීපයක් නොමැති බව පවසා පසුදින රෝහලෙන් ටිකට් කැපීමෙන් පසු පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පදිංචි තිස් අට හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සමඟ ගිය විදේශීය පවුල ද පොලිසියට පැමිණ කුලිය ලෙස රුපියල් අට ලක්ෂ හාර දහසක් දුන් බවට ලිඛිතව දුන්නේය. එම මුදල් බාරගත් බව ඔහු ද පිළිගත්තේය. එහෙත් මුදල් නැත.

අසනීප වූ අවස්ථාවේ එහි සිටි කෙනෙක් මුදල් සොරකම් කරන්නට ඇත යන අදහස අන් අය තුළ ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් කළ කපටි නුවණ වැරදී ගියේය. ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව සිල්වා, උපපොලිස් පරීක්ෂක පාලිත රාමසිංහ යන මහත්වරුන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබන අතර සේවකයකුව සිටිමින් විශ්වාසය කඩකිරීමේ චෝදනාව යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.



අදහස් (5)

රියැදුරුගේ උප්පරවැට්ටිය කැරකිලා තමන්ටම ඇවිත්

දාවිත් Thursday, 07 December 2017 03:27 PM

ගොඩනැගිල්ලක මිනිස්සු ටික මාරු කරලා වැඩ කරගන්න, හදාගන්න බැරි හාල්පාරුවන් ඉන්න රටේ සල්ලි කන නූගත් දේශපාලකයෙකුටද පක්ෂයක් බාර දීලා තියෙන්නේ?

:       62       28

දක්ෂිණ මාතරගේ Thursday, 07 December 2017 04:22 PM

දකුණේ අය කොහොමත් හරි කපටියි.

:       452       234

Nerid PereraFriday, 08 December 2017 06:06 PM

නියම කතාව.. බණ්ඩාරවෙල කියලා ලියලා තිබ්බ එක කියවන්න බැරිතරම් මෝඩයිද ඔයා?

:       2       213

SenarathSunday, 10 December 2017 03:40 AM

දකුණේ මිනිස්සු නිසා තමයි, කොටියාගෙන් රට බේරුනේ. යුද්ධේ බර කරට ගනිපු ප්‍රධානියෝ මහින්ද මහත්තයා, ගෝටාභය මහත්තයා, ෆොන්සේකා මහත්තයා මේ ඔක්කොම දකුණේ. ඒ වගේම මුළු රටේම සෑම අතින්ම යුද්දෙට දායකත්වය දීපු සෑම නිලදාරියෙක්ම, සොල්දාදුවෙක්ම අපේ හිත්වල මැරෙනකම්ම තියෙනවා.

:       109       421

bandara Saturday, 09 December 2017 12:38 AM

ඔහු බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පදිංචි තිස් අට හැවිරිදි පුද්ගලයෙකි.

:       65       267

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 183 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1131 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site