IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘මිස්’ උඩ තියන්න ගිහින් බිරියගෙන් තොප්පියක් වැටිලා

(හාරිස්පත්තුවේ - මොහොමඩ් ආසික්)
ඉංග්‍රීසි භාෂාව නිවරැදි ලෙස හසුරුවා ගත නොහැකි වූ බිරියක සිය සැමියාගේ ජංගම දුරකතනයේ සටහනක් වැරදියට වටහා ගැනීම නිසා නිවස තුළ ජංජාලයක් ඇතිවීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා  ගම්මානයකින් වාර්තා වෙයි.


එය කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා සුන්දර වූ නමුත් දුෂ්කර ප්‍රදේශයක පිහිටි ගම්මානයකි. මෙහි පදිංචි මැදිවියේ පුද්ගලයෙක් සිය පවුල නඩත්තු කිරීම සඳහා කුලී වැඩ කළ ද ගමේ සියලු‍ පොදු කටයුතුවලට සියල්ලට කලින් දායක වෙයි. මේ නිසාම ගමේ රාජකාරි කරන සියලු‍ රාජ්‍ය නිලධාරින් ගමේ පොදු කටයුතුවල දී උදව්වට එක් කර ගන්නේ මොහුය.


මෙසේ සිටිය දී මෙම ගමට මෑතක දී තරුණ වියේ කාන්තාවක් රාජකාරියක් සඳහා පත්ව ආවාය. ඉතා ප්‍රියමනාප පෙනුමකින් යුත් ඇය සියල්ලන්ටම නිතර සිනාමුසුව කතා කර ඔවුන්ගේ සිත් දිනා ගත්තාය. ඒ නිසාම ගමේ සියලු‍ දෙනා ඇයට මිස් යනුවෙන් ගෞරවාන්විතව ඇමතූහ. ඇයගේ ගමේ රාජකාරි සඳහා ද පෙර කී පුද්ගලයා සියල්ලන්ටම මුලින් ඉදිරිපත්ව සහාය ලබා දුන්නේය. මිස්ට ගමේ ඕනෑම රාජකාරියක් සඳහා  ඔහු සහාය ලබා දෙන්නේ  තමන්ගේ වැඩද පාඩු කර ගනිමිනි. ඔහු ඒ සියල්ල සිදු කරනුයේ ගමේ දියුණුව අපේක්ෂාවෙනි. 


එසේ වුවද ඔහුගේ බිරිඳ එතරම් මෙයට කැමැති වූයේ නැත. එතරම් අධ්‍යාපනයක් ද ලබා නොතිබූ ඇය. සිය සැමියාට නිතර දොස් කියන්නට වූවාය. එසේ වුවද ඒ සෑම අවස්ථාවකම ඔහු සිය බිරිඳට මිස්ගේ හොඳ ගති ගැන කියමින් මිස් එහෙමයි, මිස් මෙහෙමයි  කිය කියා මිස් ගැනම කියන්නට විය. බිරියට මෙය හිසරදයක් වූවා පමණක් නොව තම සැමියා මිස් ගැන ඕනෑවට වඩා හිතන බව ද සිතුවාය. 


මෙසේ කාලය ගත වෙද්දී සිය සැමියාගේ දුරකතනය නාද විය. ඒ අවස්ථාවේ බිරිඳ ඒ අසලට එන අතරතුර දී එක් වරම ජංගම දුරකතනයේ නාදවීම නැවැතිණ. මේ ගැන සැක සිතූ බිරිඳ එක් වරම සැමියාගෙන්  ජංගම දුරකතනය උදුරාගෙන බලාගෙන බලාගෙන ගියාය. ඉංග්‍රීසි භාෂාව ගැන ඒතරම් දැනුමක් නොතිබූ ඇය ජංගම දුරකථනයේ ඉංග්‍රීසියෙන් සටහන්ව තිබූ මිස් කෝල් යන්න මිස් ගේ කෝල් එකක් ලෙස වරදවා වටහා ගැනීම නිසා සැමියාට එදින පුරාම බිරිඳගේ දෝස්මුරයට මුහුණ දෙන්නට විය. දීර්ඝ වේලාවකට පසුව අසල්වැසි ඥාතියකු පැමිණ ඇයට සිදුව ඇති දේ පැහැදිලි කර දී එලෙස ලැබී තිබූ දුරකතන අංකය ද පෙන්වා දීමෙන් පසුව සිද්ධිය සමථයකට පත් විය. 



අදහස් (0)

‘මිස්’ උඩ තියන්න ගිහින් බිරියගෙන් තොප්පියක් වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 150 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site