IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මඟියාට ඉතුරු සල්ලි දෙද්දී සල්ලි හුළෙඟ් ගිහින්

පා පුවරුවේ සිට මගියකුට ප‍්‍රවේශ පත‍්‍රයක් දීමට සූදානම් වෙද්දී ටිකට් පොතේ රඳවා ගෙන තිබූ මුදල් නෝට්ටු සියල්ලම සුළගේ ගසාගෙන යෑම නිසා කොන්දොස්තරවරයාට හිස් අතින්ම යාමට සිදු වූ පුවතක් වාර්තාවේ.

ශ්‍රී ලංගම බසයක් වූ මෙය ගාලූ දිසාවේ සිට කොළඹ දෙසට ගමන් ගත්තේය. හික්කඩුව බස්නැවතුමෙන් මගීන් පිරිසක් බැසගත් අතර තවත් පිරිසක් ද ගොඩවූහ.

බසය ගමන් කරන අතරතුරදී පා පුවරුවේ සිටි කොන්දොස්තර ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කරන්නට විය. ප‍්‍රවේශ පත‍්‍රයක් දී මුදල් ගෙන ඉතිරි මුදල් දීමට සූදානම් වෙද්දී මුහුදු වෙරළ දෙසින් හමා ආ සුළඟ නිසා ටිකට් පොතේ රඳවා ගෙන තිබු මුදල් නෝට්ටු සියල්ලම එකවර ගසා යන්නට විය. මේ වන විට දෙවොල් දෙවියන්ගේ අඩවිය ආසන්නයට බස්රථය පැමිණ තිබිණි.

කර කියා ගත දෙයක් නොවූ කොන්දොස්තර බස්රථය නතර කරවාගෙන සුළගේ ගසාගිය මුදල් එකතු කර ගැනීමට පිම්මේ දිව ආවේය. ඒ වන විට ගාලූ පාරේ ගමන් ගත් පිරිස් මුදල් සියල්ලම ඇහිද ගෙන ගොස් තිබිණි. කොන්දොස්තර ඒ අසළ සොයා බැලූව ද ඔහුට හමු වූ මුදල් ප‍්‍රමාණයක් නැත.



අදහස් (0)

මඟියාට ඉතුරු සල්ලි දෙද්දී සල්ලි හුළෙඟ් ගිහින්

ටිකිරි Saturday, 03 October 2015 05:44 AM

පාඩමක් ඉගෙනගත්තා නම් හොඳයි. මුදල් තියාගන්න ඕනෑ සාක්කුවේ එහෙම නැත්නම් පසුම්බියේ. (නි)

:       0       0

විකි Friday, 02 October 2015 09:00 AM

කාට උනත් මේක අවාසනාවන්ත සිද්ධියක්. (ර)

:       0       0

සන්ඛපද්ම Monday, 05 October 2015 08:52 AM

ඔය දකුණේ මිනිස්සු කාගේ හරි දෙයක් අහුලාගෙන හරි බලෙන් අරගෙන හරි යනවා (අ)

:       0       0

ආනන්ද Friday, 02 October 2015 05:10 AM

මේක ලංගම කොන්දොස්තර කෙනෙකුට වෙච්ච එක ගැනයි මට කනගාටු. (බ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 02 October 2015 01:08 PM

පාපුවරුවේ ගිහින් සල්ලි ටික ගහලා ගියා මදැයි , ජීවිතේ ගහගෙන යනවට වඩා (නි)

:       0       0

රමණි Friday, 02 October 2015 06:10 AM

පව් අහිංසකයා. පඩියෙන් කපන්න ඇති. (ර)

:       0       0

රුවැත්තී Friday, 02 October 2015 08:07 AM

ඇයි මේක ප්‍රයිවෙට් බස්කාර කොන්දොස්තරයෙක්ට නොවුනේ ..? (ස)

:       0       0

අජිත් Sunday, 04 October 2015 11:52 AM

පව් අහිංසක මනුස්සයා... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site