තොර තෝංචියක් නැතිව බිරියගෙන් එන දුරකතන ඇමතුම් නිසා උන්හිටි තැන් අමතක වූ සැමියකු බස් රථයක් තුළදී බිරිඳට කෑ ගැසූ පුවතක් රාජගිරිය ප්‍රදේශයෙන් වාර්තාවිය.

අධික වර්ෂාව මෙන්ම අධික ලෙස රථවාහන තදබදය ද තිබූ දිනයකි. එය රාජගිරිය දෙසට ගමන් කරමින් තිබූ ලංගම බස් රථයකි. ඇතැම් රියදුරන් වාහන තදබදය දැන දැනම මහ හඬින් තමන්ගේ රථවල නලා හැඬවූයේ බසයේ සිටි මගීන් ද අප්‍රසාදයට පත් කරමිනි.
ටික දුරක් යද්දීම එක්වරම ඇසුණේ මගියකු කාට හෝ බැනවදින හඬය. බොහෝ දෙනා ඒ දෙස බැලූ අතර එය දුරකතන සංවාදයක් නිසා ඇති වූ ගැටලුවක් බව පසුව ආරංචි විය.
සිදුවී ඇත්තේ මෙයයි.
බසයේ ජනේලය ආසන්නයේ සිටි මගියකුට වරින් වර දුරකථනයෙන් අමතා ඇත්තේ ඔහුගේ බිරිඳයි. පළමු ඇමතුමේදීම ඔහු පවසා ඇත්තේ මං බස් එකේ ඉන්නේ පස්සේ ගන්නම් කියාය. දෙවන වරටද නොකඩවා නාද වූ දුරකතන ඇමතුමට ඔහු පිළිතුරු දී ඇත්තේ මේ වැස්ස නිසා මට හරියට ඇහෙන්නේ නෑ තාම බස් එකේ ඉන්නේ බැහැලා ගන්නම් ඉන්න කියාය.
තෙවන වරටත් නාද වූ දුරකතන ඇමතුමෙන් අනතුරුව ඔහුගේ රතු කට්ට පැන ඇති අතර ඔහු මහ හඬින් පිළිතුරු දී ඇත්තේ උන් හිටිතැන්ද අමතක කරමිනි. ඒ අවස්ථාවේදී ඔහුගේ බිරිඳ බස් එකේ ඉන්නවනම් මට සද්දේ ඇහෙන්නේ නෑනේ ලෙස පවසා ඇති අතර ඔහු ඊට පිළිතුරු දී ඇත්තේ සද්දෙ - සද්දේ මම ගෙදර ඇවිත් දාන්නම්. එතකන් ඉඳපන් යනුවෙනි. මෙය ඇසූ මාර්ග තදබදයට හා අධික වර්ෂාව නිසා පීඩාවට පත් වී සිටි මගීන්ට සිනහව නතරකරගත නොහැකිවිය.
සමන් කුමාර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඇත්තටම හිරිහැරයක් තමා. තනියෙම ගෙදර ඉන්න බිරිඳ තමා සැමියා කොයිවෙලේ ගෙදර එයිද කියා බලා ගනිමින් ඉන්නේ ආදරෙටම නොවෙයි සමහර වෙලාවට, අර මන් කියපු දේ ගෙනාවද කොහෙද මෙච්චර වෙලා රවුම් ගැහුවේ කියල දැනගන්නයි. වැඩ ඇරිලා වෙනදට වැඩිය ටිකක් පරක්කු උනොත් නම් ඕන නැහැ. කරන්න දෙයක් නැහැ?
තමන්ට කාගෙන් හරි අනවශ්‍ය විදියට කෝල් එනවා නම් ඒ නම්බර් එක තාවකාලිකව නතර කරලා දාන්න. (බ්ලොක් කරන්න) විශේෂයෙන්ම රථවාහන ධාවනයේදී... මොකද ගෙවල්වල උන්දැලාට ඕවායේ වගේවගක් නැහැ.