(උණවටුන ඩි.ජී.සුගතපාල)
සංචාරක හෝටලයක සේවය කරන කාන්තාවක් වැටුප් ලෙස ලබාගත් රුපියල් විසිපන් දහසද රැුගෙන බස් නැවතුමට ආවේ නිවෙස බලා යාමටය.
මාතර බලා යන බස් නැවතුමේ ඒ වනවිට තවත් කාන්තාවක් ද සිටියාය. ටික වේලාවකට පසු එතැනට පැමිණි පුද්ගලයෙක් වැටුප් ලබා නිවෙසට යාමට පැමිණි කාන්තාවට මදක් පසෙකට කතා කොට මෙසේ කිවේය.
”නංගි ඔය ගෑනි ළඟ මැණිකක් තියෙනවා. ලක්ෂ පහක් විතර වටිනවා. මම ඉල්ලූවට දෙන්නේ නැහැ. නංගී පුලූවන්නම් ඉල්ල ගන්න. මං නංගිට ලක්ෂයක් දෙන්නම්” රුපියල් ලක්ෂයක් සොයා ගැනීමට හෝටලයේ කොපමණ කාලයක් වැඩ කළ යුතුදැයි සිතූ ඇයගේ යටි සිතද එයට කැමැත්ත දක්වන්නට විය.
ඒ සමගම බස් නැවතුමේ සිටි කාන්තාව ඇයට ළංවී ”නංගි මගේ ළඟ මැණිකක් තියෙනවා. ඒක විකුණන්න ඕන. ඔය මිනිහ ඉල්ලනවා ඒත් මට ඔය මිනිහ විශ්වාස නැහැ. නංගිට පුලූනම් විකුණන්න’’ පසුව නිවෙසට යාම පසෙක තබා ඇය එම කාන්තාව සමග මැණික විකිණීම සඳහා ගාල්ල බලා යන බස් රථයකට ගොඩ වූවාය.
ඒ සමග පිරිමි පුද්ගලයාද බසයට ගොඩවිය. ගාල්ල මහා විදීය බස් නැවතුම්පොළෙන් තිදෙනාම බැස කාන්තාව රෙදි කඩක ඔතා තිබු මැණික ඇයට දුන්නාය.
”නංගි ඔයා මං අඳුනන්නේ නැහැනේ. ඒක හින්දා ඔයාගේ අතේ තියෙන රුපියල් විසිපන් දාහයි කරේ තියෙන මාලෙයි මගේ අතට දිලා යන්න. විකුණන තැනට යනකම් මැණික දිගඅරින්න එපා.’’ එම කාන්තාව ඇයට කිවාය. ඇයද කිසිම සැකක් නැතිව මුදල් සියල්ලම සහ මාලයද ගලවා දුන්නාය.
ඉන් පසු ඒ අසලම සිටි පුද්ගලයා මැණික විකිණීම සඳහා ඇය මහා විදිය ඔස්සේ ටික දුරක් කැඳවා ගෙන ගියේය. මැණික අයිති කාන්තාවද ඔවුන් පසු පසින් ආවාය. ටික දුරක් යනවිට එක් වරම ඔහු අතුරුදන්විය. ඇය ආපසු හැරි බැලූවේ මැණික අයිති කාන්තාවට ඒ බව කීමටය. එහෙත් ඇයද අතුරුදන්ය. පසුව ඇය රෙදි කැබැල්ල ලිහා බැලූවාය. ඇය දුටුවේ ලස්සනට දවටා තිබු තිරුවාණා ගල් කැබැල්ලකි.
ඒ අසල සිටි කිහිප දෙනෙකුගෙන් ඔවුන් පිළිබඳ විමසුවත් ඇයට සහනදායි පිළිතුරක් ලැබුණේ නැත. අවසානයේ ඇය හිස් අතින් හඬා වැටෙමින් ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණියාය.
විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයංක කරුණාදාස මහතා පැවසුවේ මෙවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙස ජනතාව කොතෙක් දැනුම්වත් කළද තවමත් එවැනි පිරිස් සිටින බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණ්හාය ජායතී සෝකෝ. ඊයෙත් ගාල්ලේ ඕවගේම මුද්දක් හොරකම් කරපු එකක් තිබ්බා නේද? මිනිස්සු කෙටි මාර්ග වලින් ඉක්මනට පොහොසත් වෙන්න යන නිසා තමයි මේ වගේ වංචා කාරයෝ හැමදාම මේවා කරන්නේ.
මේ අය කරන්නෙම ඔයවගේ වැඩමයි...
ඕවාට කියන්නේ... "ටීම් වර්ක්" කියලා ....අනුවණ මිනිසුන් ඉතින් අහුවෙනවා. මේ හොරුන්ට තියෙන කපටි මොලේ... තමයි. හොඳ වැඩකට යෙදුවොත් , ලංකාවත් ඉතින් තුන්වෙනි ලෝකයේ රටක් වෙන්නේ නැහැ.
මොනතරම් රටේ සාක්ෂරතාව ඉහලයි කිවත්, මට තේරෙන්නේ නෑ ඇයි ලංකාවේ මේ තරම් මෝඩ මිනිසුන් ඉන්නේ කියා. යමෙක් තමන් අතට දෙයක් දුන් පලියට, ඒ දුන් දෙය කුමක්දැයි නොබලා, තමන් අතේ ඇති සන්තකයම පුජා කරන්නේ කුමන වර්ගයකට අයත් මොඩයින්ද?
අනේ මේ ගැහැණු කෙනාගේ දරුවන්ට සහ සැමියාට දෙවියන්ගේම පිහිටයි!