IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බිරිය ශිල්ප දක්වන්න ගිහින් සැමියා රෝහලේ

(වියලුව වාර්තාකරු)

රූපලාවන්‍ය පාඨමාලාවක් හැදෑරූ තම බිරිය ලවා හිසකෙස් කළු කරගත් සැමියෙක්ට ඒ සඳහා යොදාගත් ඩයි වර්ග අසාත්මික වී රෝහල්ගතවීමට සිදුවූ බව කියවෙන පුවතකි මේ.

ඇය දෙදරු මවකි රූපලාවන්‍ය කෙරේ දැඩි ඇල්මක් දැක්වූ තැනැත්තියකි. ඒ නිසාම ඇය නගරයේ පැවති රූපලාවන්‍ය පන්තියකට ඇතුළත් වූවේ ඒ පිළිබඳ වැඩිපුර දැන ඉගෙන ගන්නටය.

දින සති මාස ගණන් ගෙවී යද්දී ඇය රූපලාවන්‍ය සම්බන්ධ බොහෝ දේ ඉගෙන ගත්තාය. ඒ අතර වූ කෙස් වර්ණ කිරීම ගැනද ඇය ඉගෙන ගත්තේ දැඩි උනන්දුකින්ය. ඒ තමාට මෙන්ම සැමියාටද එය බොහෝ ප්‍රයෝජනවත් යැයි සිතූ නිසාය.

ඉරිදා දිනයකි. සාලයට වී රූපවාහිනිය නරඹමින් සිටි සැමියාට ඇය අපූරු යෝජනාවක් ගෙනාවාය. “මට අහවල් ඩයි එක ගෙනත් දුන්නොත් මම ඔයාගේ කොණ්ඩේ කළු කරලා දෙනවා“ ඇය කීවාය. 

ඔහු යතුරු පැදියේ ඉගිලී ගොස් මිනිත්තු කිහිපයකින් නිවසට ආවේ බිරිය පැවසූ ඩයි පැකට් එකට දෙකක්ම රැගෙනය.

තමන් උගත් සියලු ශිල්ප දක්වමින් බිරිය ද සැමියා ඉදිරියේ සිය දස්කම් දැක්වූවේ ඒ ගැන ඔහු නොදත් බොහෝ දේ ඔහුටද කියාදෙන අතරේය. අවාසනාවකි. සත්කාරය අවසානයේ සැමියාට හොඳ සිහියෙන් ඉන්නට ලැබුණේ මිනිත්තු කිහිපයකි. 

කන සහ බෙල්ලට ඉහළින් මතුවූ දැවිල්ල සහ කැසිල්ල හිස පුරා පැතිර යන්නට ගත වූවේ මිනිත්තු කිහිපයකි. මුහුණ ඉදිමී තඩි ගැසෙද්දී හොල්මන් වූ බිරිය අධාර ඉල්ලා කෑ ගසන්නට පටන් ගත්තේ වැලහින්නක පරිද්දෙනි.

සිද්ධිය ඇසී නිවසට දිව ආ අසල්වැසි නිවසේ ගුරුවරිය දුන් උපදෙස් මත වහාම රෝහල් ගත කෙරිණි. ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරු ඔහුට ඩයි වර්ගය ඇලජික් වී ඇතැයි කීවෝය. දැන් ඔහු රෝහලේය.

 



අදහස් (10)

බිරිය ශිල්ප දක්වන්න ගිහින් සැමියා රෝහලේ

himal Monday, 11 December 2017 07:52 AM

මේ කතාව ඇත්තක් නම් අදාල ඩයි වර්ගයේ නමත් පාරිභෝගික යහපත තකා ප්‍රසිද්ධ කළ යුතුයි. මෙතන බිරිඳ වරදක් කරලා නැහැ.

:       76       228

samMonday, 11 December 2017 10:16 AM

හිමාල්, බිරිඳ වරදක් කරලා නැති වෙන්නේ කොහොමද? මුළු ඩයි බෝතලේම ඔළුවට හලන්න ඉස්සෙල්ලා බිංදුවක් දෙකක් කොහාට හරි දාලා අසාත්මික වෙනවාද නැද්ද කියලා බලන්න ඕනෑ නේද? පිට කෙනෙකුට වුණානම් වන්දිත් ගෙවලා හිරෙත් යන්න වෙනවා.

:       127       164

himalTuesday, 12 December 2017 04:04 AM

මේ පුවතේ කොහේවත් ඩයි බෝතලයම ඔලුවට හලපු කතාවක් නෑ. ඒ වගේම පාඨමාලාවක් හදාරපු කෙනෙක්, ඕනම ආලේපයක් අසාත්මිකබව පරීක්ෂා කරන්න ඉගෙන ගන්නවා. තමන්ගේ සැමියව එවැනි අවදානමකට මෙවැනි බිරිඳක් සිතා මතා පත් කරන්නෙ නෑ.

:       19       77

අචලාTuesday, 26 December 2017 01:16 PM

ඕනම ඩයි වර්ගයක් ගාන්නට ප්‍රථම ඒකෙන් ස්වල්පයක් ඇගේ ගාලා බලනවා අසාත්මික වෙනවද නැද්ද කියලා බලන්න. මම හිතන්නේ බිරිද හරියට පාඨමාලාව ඉගෙන ගෙන නෑ හෝ ඉගෙන ගන්න තැනින් හරියට කියලා දීලා නෑ.

:       0       3

naradha Monday, 11 December 2017 10:17 AM

ඕනෙම ඩයි වර්ගයක් භාවිතා කිරීමට ප්‍රථම, ශරීරයේ වෙන තැනක කුඩා ප්‍රදේශයක ඩයි ස්වල්පයක් අලේප කොට, ටික වෙලාවක් තබා එය තමන්ට ඇලජික් දැයි බැලිය යුතුයි.

:       2       110

banda Monday, 11 December 2017 02:55 PM

පිරිමි කෙනෙක්ගේ හිසකේ ඩයි කරගන්න රුපලාවන්‍ය පාඨමාලාවක්ම හදාරන්න ඕනද?මොන විහිළු කතාවක්ද මේ ?

:       2       69

බුලත්සිංහල Tuesday, 12 December 2017 12:28 AM

හිසකෙස් කළුකරන පාටවල ඇති රසායනික ද්‍රව්‍යයන් වර්ග බොහෝවිට ශරීරයට අසාත්මිකතාව දක්වනබව අච්චාරු බසින් ඔබ අමතන එෆ් .එම් ගිරව් නොදන්නවාට මහජනතාවට ප්‍රසිද්ධ රහසක්.

:       2       36

ගමගේ Wednesday, 13 December 2017 11:49 PM

අපේ රටේ මිනිස්සු උදේ ඉදන් රැ වෙනකල් බුදු දහම ඇදහුවත් අනිත්‍ය මෙනෙහි කරනවා අඩුයි.කොණ්ඩය කළු කරගෙන හැමදාම ඉන්න බැහැ. එත් ඩයි වර්ගය ඇලජික් ද කියල බලලයි පාවිච්චි කරන්න ඕන....මේ වගේ ඊනියා රුපලාවන්‍ය ශිල්පිනියන් අද ලංකාවේ වැහි වැහැලා.

:       2       25

අචලාTuesday, 26 December 2017 01:20 PM

මේවා රූපලාවන්‍යය ශීල්පිනියක්ගේ වැරදි නෙවෙයි, අපේ රටට ආනයනය කරන භාණ්ඩවල තියෙන ගුණාත්මක භාවයේ අඩුකමයි. අපි ගොඩක් වෙලාවට ගෙන්වන්නේ ඉන්දියාවේ හිස්කෙස් ඩයි. ඒවායේ තියෙනවා විවිධාකාරයේ අහිතකර රසායනික වර්ග. මේ රසායනික වර්ග හිසට වැටුනම ඒක ඇගටත් හොද නෑ.

:       1       1

sampath Saturday, 30 December 2017 08:08 AM

මෙම ඩයි වර්ගය ගැන පාරිභෝගික සේවා අධිකාරියට දැනුම් දෙන්න පුළුවන්. මූලික වශයෙන්ම ඒ වගේම රෝහල් ගාස්තු සහ අනෙක් වියදම් ඉල්ලලා වන්දි නඩුවක් දාන්නත් පුළුවන්... කැමති නම් කොයික වුණත් රූපලාවන්‍ය පාඨමාලා හදාරන සිසුන්ට නීතිය ගැන මොඩියුල් එකක් ඇතුළත් කිරීම කල යුතුයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 708 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site