(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට දිගු පෝලිමක නීත්‍යනුකූල භාර්යාව හා කුඩා පෝලිමක අනියම් භාර්යාව තබා පසුව ඇය සමඟ සුව විඳි අපූරු පුවතක් මහනුවරට නුදුරු ප්‍රදේශයකින් පසුගිය දා වාර්තා විය.
ජංගම වෙළෙඳාමේ නිරත වූ මෙම පුද්ගලයා මැදිවිය ඉක්මවා ගොස් සිටි අයෙකි. එසේ වුවත් ඔහුගේ පෙනුම හා ක්‍රියාකාරකම් නිසා තරුණ කාන්තාවන්ගේ නිරන්තර අවධානයට යොමු වූවෙකි.
ජංගම වෙළෙඳාමේ නිරත වුවත් ජැන්ඩිපහට ඇඳ අඩු වැඩියට සුවඳ විලවුන් ද ගල්වාගෙන යාම ඔහුගේ සිරිතකි.
ජංගම වෙළෙඳාමෙන් සරුසාර ආදායමක් මෙන්ම යන යන තැන්වල තරුණ කාන්තාවන්ගේ අඩුවක් ද නොතිබිණි.
පසුගිය සමයේ ජංගම වෙළෙඳාමේ යාමේදී අලුත් කාන්තාවක හා සම්බන්ධතාවක් ආරම්භ කිරීමට වාසනාව පෑදුනේ කොරෝනා නිසා පැන වූ සංචරණ සීමා හේතුවෙනි.
මේ අතර මේ දිනවල හාල්, සීනි, පිටි, ගෑස් ආදී භාණ්ඩ හිඟවීම නිසා නිවසට අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට පෝලීම්වල සිටීමට කිහිප වතාවක් ඔහුට සිදු විය.
එක් දිනක නිවෙසේ ගෑස් සහ සීනි අවසන් වූ අතර අහළ පහළ වෙළෙඳසැල්වල ඒවා නොමැති වීම නිසා නගරය බලා යාමට දෙදෙනාටම සිදු විය. ඉතා දිගු පෝලීමක තිබූ ගෑස් පෝලීමේ හිස් ගෑස් සිලින්ඩරයත් සමඟ බිරිය රඳවා තමන් සීනි පෝලීමට යන බව පවසා එදෙසට ගියේය.
සීනි පෝලිමේ සිටි ඔහු පොලීමේ ඉදිරියෙන් සිටි තමන් අලුතින් හඳුනාගත් කාන්තාව සිටින අයුරු දුටුවේය. වහාම ඇයට දුරකතන ඇමතුමක් ලබාදී තමන්ට ද සීනි කිලෝවක් රැගෙන ආවොත් තමන්ට නිදහසේ පෙම් සුව විඳීමට අවස්ථාවක් ලැබෙන බව සඳහන් කළේය.
ඒ අනුව සීනි ලබා ගත් ඔවුන් දෙදෙනා යා යුතු තැනක් නොවූයෙන් බිරිය තවමත් පෝලීමේ සිටී නම් නිවෙසට යා හැකි බවට තීරණය කළේය. වහාම ඈ වෙත දුර කතන ඇමතුමක් ලබාගත් ඔහුට සවස් කාලය වන විටත් ඇයට නිවෙසට ඒමට නොහැකි බව පැවසුවාය.
ඒ ඇසූ ඔහු තීරණය ඉබ්බා දියේ දැමුවාසේ ඇය ත්‍රි රෝද රථයක නංවාගෙන ත්‍රිරෝද රථයේ සිටම අසල හෝටලයකින් දිවා ආහාර පැකට්ටුවක් ද රැගෙන අනියම් භාර්යාව නිවෙසට කැටුව ගියේ සවස් කාලය වන තුරු ඇය සමඟ පෙම් සුව විඳිනු රිසියෙනි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිරිය දිග පෝලිමක තියා සැමියා හොර ගෑනිත් එක්ක ජවුසන් නටයි