(වියලුව වාර්තාකරු)
කුඹුරේ වැපිරීම සඳහා අඳ අයිතිකරු විසින් ලබාදුන් බිත්තර වී මල්ලක් උකසට තබා බූරු පොළකට රිංගා හිස් අතින් නිවසට පැමිණි අඳ ගොවියකු පිළිබඳ පුවතක් වාර්තාවිය.
සිද්ධිය මෙසේය.

බූරුවා ගැසීම නිසා තමුන්ට තිබූ ඉඩකඩම් සියල්ල එකිනෙකාට සින්නවීම නිසා ඔහු, ඔහුගේම කුඹුරු අඳ ක්‍රමයට ඉල්ලාගෙන වගා කළ ගොවි මහතෙකි.
පසුගිය දිනෙක කුඹුරේ අඳ අයිතිකරු වෙත ගිය හෙතෙම කුඹුරු වැපිරීම සඳහා බිත්තර වී මල්ලක් ඉල්ලාසිටියේ යායේ අනෙක් කුඹුරු සියල්ලේ වැපිරීම් කටයුතු මේ වන විටත් ආරම්භව ඇතැයි පවසමිනි.
අඳ හිමියාද නිවසේ ගබඩාකර තිබූ බිත්තර වී මල්ලක් ඔහු අත තැබුවේ මෙවර කන්නය සාර්ථක වේවායි හිතින් ප්‍රාර්ථනයක් ද කරමිනි.
බිත්තර වී මල්ල කරේ තබාගෙන එද්දී ඔහුගේ හිතට නැගුණේ අපූරු අදහසකි.
ගමේ සිල්ලර බඩු කඬේකට ගොඩවූ හෙතෙම වී මල්ල කඬේට විකුණා රුපියල් දහසක මුදලක් සාක්කුවේ දමාගත්තේ අසල්වැසි ගමේ ඉලව් ගෙදරක පැවැත්වෙන බූරු පොළට රිංගා මුදලක් දිනාගතහොත් එක බිත්තර වී මල්ලට බිත්තර වී මලු දහයක් පහළොවක් වුවද ගතහැකි යැයි සිහින මවමිනි.
රුපියල් දහසත් සාක්කුවේ දමාගත් හෙතෙම මිටින්හල කුරුල්ලෙකු සේ අසල්වැසි ගමේ ඉලව් ගෙදරට ගොඩවූයේ වටින් ගොඩින් අඳුර වැටෙන්නටත් පෙරය.
රෑ බෝ වෙද්දී බූරුවා පොළ ආරම්භ කෙරිණි. රුපියල් පන්සියයයේ, දහසේ, පන්දහසේ නෝට්ටු කොළ ඔට්ටුවලට යටවෙද්දී ඔහුද ඔට්ටු දෙක තුනක් ඇල්ලුවේ කොයි මොහොතක හෝ ජයග්‍රහණයක් අපේක්ෂා කරමිනි.
අවාසනාවකි. අත තිබූ රුපියල් දහස පමණක් නොව මිතුරෙකුගෙන් ඉල්ලාගත් රුපියල් දෙසීයක් ද හෙතෙම පරාජයට පත්වූවේ ඔහුටත් නොදැනීමය.
අවසානයේදී හෙතෙම එල්ලාගත් මුහුණින් යුතුව හීන් සීරුවේ නිවස බලා පල්ලම්බැස්සේ කුඹුර වපුරන්නට තවත් බිත්තර වී මල්ලක් හොයාගන්නට අලුත් උපායක්ද කල්පනා කරමිනි.
2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිත්තර වී මල්ල විකුණා බූරුපොළට රිංගලා