IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිස් කනෙන් රිංගා කත ගංජා කට්ටය ගිලලා

පොලිස් නිලධාරියෙකු ඉදිරිපිටදීම තම අතේ තිබූ ගංජා කට්ටයක් කටේ දමා සපා කා ගිල දැමූ කාන්තාවක් පිළිබඳ පුවතක් කන්දකැටිය පොලීසියෙන් ලංකාදීපයට වාර්තාවේ. සිද්ධිය මෙසේය පසුගිය දිනෙක කන්දකැටිය පොලිසියට තොරතුරක් ලැබුණේය.

ඒ තම බල ප්‍රදේශයේ ගමක ගංජා අලවියේ යෙදෙන කාන්තාවක් ගැනය. ලද තොරතුරු ඔස්සේ පොලිස් සැරයන්වරයකු ඇය සොයා ගියේ ඒ පිළිබඳව විමර්ශනය කරන්නටය. පොලිස් නිලධාරියා තමා දෙසට එනු දුටු කාන්තාව තමන් කරමින් සිටි කාර්යය පසෙක තබා පස්සෙන් පස්සට ගියේ පොලිස් නිලධාරියාටද ඇනුම් පදයක් කියමිනි.

අත්දැකීම් සහිත පොලිස් නිලධාරියාගේ උකුසු ඇස යොමු වූයේ කාන්තාව ගුළි කරගෙන සිටි අත දෙසටය. “මොනවද ඔය අතේ කෝ බලන්න” පොලිස් නිලධාරියා කාන්තාවගෙන් විමසුවේ සැක හැර දැනගන්නටය. පස්සෙන් පස්සට යන අතරතුර “මොනවත් නැහැ” යැයි පැවැසූ කාන්තාව එක්වරම පොලිස් නිලධාරියා ඉදිරිපිටදීම තම අතේ තිබූ ගංජා කට්ටය එය දැවටූ කඩදාසියද සමග කටේ දමාගෙන සපා කා ගිල දැම්මේ පොලිස් නිලධාරියාද අන්දමන්ද කරමිනි.

(වියලුව වාර්තාකරු) 



අදහස් (0)

පොලිස් කනෙන් රිංගා කත ගංජා කට්ටය ගිලලා

සිංහ Thursday, 24 November 2016 09:28 AM

මේවගේ වැටලීම් වලට යනවිත් අඩුම වශයෙන් දෙන්නෙක් වත් යා යුතුයි සාක්ෂියක් වසයෙන්,පේදුරු ගංජා කට්ටියක් කියන්නේ අර ඔයාල හවසට බොන දුන්වැටි හදන්නේ ඒවාට තමයි (බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 22 November 2016 09:35 PM

කට්ට කෛරාටික වෙට්ට පිත්තල කපටි ගැහැණියෙක් (නි)

:       0       0

අබය Tuesday, 22 November 2016 10:13 PM

ඉතින් මෙයාව පොලිසියට ගෙනිහින් බඩ සුද්දයක් දීලා ගංජා කට්ටේ ආපසු ගන්න තිබුනනේ.... (නි)

:       0       0

පේදුරු Thursday, 24 November 2016 02:00 AM

ගංජා කට්ටේ කියන්නේ මොකක්ද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 217 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site